නල දත් හිනාව

1.5K 173 161
                                    

"He is the pride of our school ! සමස්ථ ලංකා ගායන ශූරතාවය පස් වතාවක් පිට පිට ජයග්‍රහනය කල පාසලේ ගීත කෝකිලයා වන කෝකිල දෙවන්මිත්ට ආරාධනා කරනවා පැමිණ සිටින ඔබ සැවොම පිය ගුණ ගීතයකින් පිනවීමට."

නව අධ්‍යන වර්ශය සඳහා පිට පාසල් වලින් 12 ශ්‍රේණියට බඳවාගත් ළමුන්ගෙ පිළිගැනීමේ උත්සවයට පැමිණි ඉඳපු හැමෝගෙම අත්පොල සන් මැද කෝකිල දෙවන්මිත් වේදිකාවට නැගුනෙ  සෑහෙන ගැම්මෙන්.

"හිමාලෙට වඩා උසයි....... සෙනෙහස පපු කඳේ........"

"ආ.....පෝ..........."

ප්‍රධාන ශාලාව ලඟම තිබුන, තට්ටු තුනේ උස බිල්ඩිමේ, කෙරවලේ පන්තියෙ, අන්තිම පෝලිමේ ඉඳන් දැලෙන් එල්ලිලා බලාන උන්නු පිරිමිළමයි ටිකට ඉබේම කියවුනා එහෙම සිංදුව පටන්ගන්නකොටම.

"ළමායි ! Attention here !!! මම මේ පරීක්ෂණ නලේ අරන් එන්න ගිය ටිකට මොකද මේ වඳුරෝ වගේ දැලේ එල්ලීගෙන කරන්නෙ ? පහල අම්මලා තාත්තලා දැක්කොත් මොනවා හිතයිද අපේ ඉස්කෝලෙ ඩිසිපිලින් ගැන ආහ් ! ඉස්කොලේ නම කන්නැතුව ඉඳගන්නවා....."

ද්‍රවමානය ප්‍රැක්ටිකල් එක කරන්න වැලි පුරවපු පරීක්ෂණ නලේ අරන් එන්න ගිය ටිකට අන්තිම පේලියේ නසරානියො සෙට් එක දැල් වල එල්ලිලා ඉන්නවා දැකපු පිසික්ස් ටීචර්ට පෙශරුත් නැග්ගද මන්දා.

ඒ පිරිමි ළමයි හතරදෙනා ඉඳගන්නකොට ගුරුතුමී සුදු ලෑල්ල පැත්ත හැරිලා පටන්ගත්තා පාඩම.

"පලයන්.... පලයන්....."

අන්තිම පේලියේ බිත්තිය පැත්තෙ කෙරවලේ කොල්ලාට ඔලුවෙන් සන් කරන ගමන් වැටෙන පැත්තෙ කෙරවලේ උන්නු කොල්ලා එහෙම කිව්වෙ දඟකාර හිනාවකුත් මූණෙ පුරෝගෙන රහසින්.

"සෙක්ස්කියුස් මී ටීචර් !"

දම්වැලකුත් තියෙන ශිෂ්‍ය නායක ලාංඡනයක් පපුවෙ ගහගෙන අත් දිග කමිසයක් ඇඳන් උන්නු පිරිමි ළමයා පුටුවෙන් නැගිටලා එහෙම කියනකොට එහා පැත්තෙ උන්නු ගෑණු ළමෝ කටවල් අත්වලින් වහගෙන හිනාව පාලනය කරගත්තෙ - අදත් මොකක්හරි දඟ වැඩක්ද මන්දා - බව ඉවෙන් වගේ තේරිලා වෙන්නෝනි.

"Wait..... What ?"

පිසික්ස් ගුරුතුමී ඔලුව පාත් කරලා කණ්නාඩිදෙකට උඩින් බලන ගමන් එහෙම ඇහුවෙ නලලත් රැලි කරගෙන.

හසරාග්ර (non fic BL)Where stories live. Discover now