4. කොටස

197 45 25
                                    

දම්සර උඩවත්ත

දම්සර මුල්ම වතාවට දිනිති හෙට්ටිගේව දැක්කේ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරය අවසානයේ, සිඩ්නි නුවර ඉඳලා කොළඹ බලා එන ගුවන් යානයේදී.

එතෙක් ජීවිතේට දැකපු ලස්සනම කෙල්ල... අඩුම තරමේ දම්සරගේ මතයට අනුව එහෙමයි.

"ටිම් එකේ කොල්ලන්ට ගුවන් සේවිකාවන්ගෙන් ලැබෙන සෙක්සි සැලකිලි," ගැන කණ්ඩායමේ පරණ සාමාජියකයන් කියපු රසකතා අහපු විසිපස් හැවිරිදි දම්සර, ඒ කතා ඇත්තමයි කියලා විශ්වාස කරා. ඊට පස්සේ, සුහදශීලීව හිනාවෙලා කතා කරන ගුවන් සේවිකාවකට කිට්ටු උනේ තරමක ආඩම්බරකමකින්.

දම්සරව ආශ්‍රය කරන්න මිනිස්සු පිටි පස්සෙන් ආව. ඒ මිසක්, කෙල්ලෙක්ගෙවත් කොල්ලෙක්ගෙවත් හිත දිනාගන්න උවමනාවෙන් එයා බඩගෑවේ නැහැ.

එහෙම අතීතයක් තිබුණු දම්සර පළවෙනි වතාවට ප්‍රතික්ෂේප වුණේ දිනෙතිගෙන්. ඒකත් පැය දොළහක ගුවන් ගමන් කාලය තුළදි තුන්වතාවක්ම.

දම්සරගේ නම්බරේට "නෝ තෑන්ක්ස්..." කියනවා ඇහිච්ච, ටීම් එකේ සෙට් එක අත්වලින් කටවල් වහගෙන හිනා වෙන 'කිචිකිචි' ස්ද්දේ, නිහඬ ගුවන් යානයේ ඇතටම පැතිරුණා.

දම්සර නෙමෙයි වැඩේ අත්හැරියේ - පළවෙනි ටුවර් එකේදිම තරඟාවලියේ හොඳම පන්දු යවන්නා කියලා නම්බුව දිනාගත්ත කොල්ලෙක් කොහොමද එහෙම ලේසියෙන් පරාජය බාරගන්නේ?

තරුණ විසේ ගහපු දම්සරට දිනිතිව පෙනුණේ... ප්‍රතික්ශේප කිරීම දැනුණේ අභියෝගයක් හැටියට.

 වික්ටෝරියා සීක්‍රට්... එහෙමත් නැත්නම් මිඩ්නයිට් ඩීවා... අලෙවි ප්‍රවර්ධන නිරූපණ ශිල්පිනියක් වුණත් ඊරිසියාවෙන් අහක බලවන ආකාරයේ හැඩ හුරුකමක් ඇති, දිගටි මූණ තියෙන කළු කොන්ඩකාරිව රූම් එකකට අද්දලම තමයි පස්ස බලන්නේ කියලා තීරණය කරගත්ත දම්සර උත්සහය අතහැරියේ නැහැ.

"මගේ නම්බර් එක... කෝල් එකක් එනකම් මං බලාගෙන ඉන්නවා. හරිද?"

ගුවන් යානයෙන් පිට වෙන්න දොර ළඟ ඉඳලා ආයුබෝවන් කියපු දිනිතිගේ කනට කරලා මිමිනුව දම්සර අංකෙ ලිව්ව ටිශූ පේපර් එකක් දුන්නා.

විහඟ ගීතයWhere stories live. Discover now