2. කොටස

248 44 36
                                    

සවන් හෙට්ටිගේ

ලැප්ටොප් ස්ක්‍රීන් එක මත්තේ කර්සර් එක, සවන්ට ඔච්චමට වගේ මතුවෙවී ආයෙමත් අතුරුදහන් වෙනවා.

නිබන්ධනයේ අවසන් පරිච්ඡේදය පටන් ගන්න උදේ වරුවෙම ඉඳන් පුදුම දැඟලිල්ලක් දැඟලුව සවන් හෙට්ටිගේ, අන්තිමට ලිවිල්ල අතෑරලම දැම්මේ කොහොම කලත් හිත එකඟ කරගන්නම බැරි බව තේරුම් ගිහින්.

අක්කාගෙන් ආපු කෝල් එක තමයි ඔක්කොමට මුල.

අක්කත් එක්ක සරල මාතෘකා උඩ කතා කරන එක ලේසියි. පරීක්ශණ වැඩ කටයුතු ඉවරයි... දැන් නිබන්ධනය ලියාගෙන යනවා... තව මාස ගාණකින් 'මාස්ටර් ඔෆ් ෆිලෝසෆි උපාධි සහතිකේට' නම ලියැවේවි... දිනෙතිත් එක්ක ඔව්වා කිව්වට වැඩක් නැති බව දන්න සවන්, නැවතිලා ඉන්න ගෙදර කට්ටිය වැඩියි, පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා කියලා ඔහෙන් මෙහෙන් වචන කළාට - කියන්න දෙයක් නැතුවට කියපු කතාව අක්කා එච්චරම සිරීයස් ගනිවී කියලා සවන් හිතුවේ නැහැ.

නොහිතපු විදිහට සංවාදේ පාරෙන් පිට පැන්න හැටි මතක් වුන සවන් ලැජ්ජාව වැඩිකමට, අත් දෙක මත්තේ මුහුණ හංඟා ගත්තා.

"පිස්සුද අක්කේ? අයියා මොනවා හිතයිද?" කියලා කතාව මගහරින්න සවන් අහන පමාවට දිනෙති උත්තර දීලත් ඉවරයි; "එයා මොනවා හිතන්නද? දම්සරට කේන්ති ගිහිල්ලා නම් කේන්තියෙන් ඉන්නේ, මා එක්ක මිසක් මල්ලි එක්ක නෙමෙයිනේ! අනික - අයියා ගැන දන්නේ නෑ වගේනේ මෙයාගේ කතාව ! තරහා කවදාවත් ඔයාගේ පිටින් යවන ජාතියේ කෙනෙක්ද අනේ, දම්සර...? බෑ කියන්න හෙතුවක් නෑ එයාට - ගෙදර ඉන්නෙත් එයා විතරයි. දිගටම බැරි නම් - වෙන තැනක් හොයාගන්න කල් අයියත් එක්ක ඉඳියම මොකෝ වෙන්නේ?"

දිනෙති හැටට හැටේ කියෝගෙන ගියා දැන් මතක් වෙද්දිත් ඔළුවේ කැක්කුමක් මතුවෙන්න වගේ සවන්ගේ නළල දෙපැත්ත ඇදුම් කනවා.

'ඔව්. අයියා හිතේ තරහා පිට කරගන්නේ පිට්ටනියේ - එයාගේ බෝල්වලට බැට් කරන්න ඉන්න කෙනාගේ පිටින්.' අත් දෙකේම ඇඟිලි තුඩුවලින් නලල දෙපැත්ත රවුමට පිරිමදින අතරේ සවන් නිශ්ශබ්දව හිතුවා.

පැය බාගෙකට විතර කලින් සවන්ගේ ජංගම දුරකතනයේ තිරය ආලෝකමත් වුනේ දිනෙතිගේ කෙටි පණිවිඩයකින් - [එයා කැමතියි. හෙට හවස අටට වගේ යන්න.]

විහඟ ගීතයTempat cerita menjadi hidup. Temukan sekarang