5. කොටස

183 41 40
                                    

දෙවෙනි වසරේ ලමයින්ගෙ ලැබ් රිපෝට් විස්සක් එක පෙළට බලලා අවසන් කරපු සවන්, පොත් ටික කබඩ් එකට දාලා ලොක් කරලා සුපුරුදු තැනින් වාඩිවුණා.

සේරමල්ලා සින්නෙක්ගේ පොතක් බලලා කොපිය ගහලා. ෆොටෝකොපි කරලා අලවලා නැති ටික විතරයි.

බඩගිනියි හොඳටම. ඒත්, ඔටෝක්ලේව් වෙන්න දාපු බැක්ටීරියා වගාකාරක මාධ්‍ය ජීවානුහරණය වෙනකල් ඉඳල එළියට ගන්නකල් යන්න විදිහක් නැහැ.

"බෙන්ච් වර්ක් ඉවර වුණහම රිසච් එකේ අමාරු හරිය ක්ලෝස් කියලා මං හිතුවා."

"ඇයි එහෙම කිව්වේ?" සවන් රතු පෑන බෑග් එකේ පොකට් එකට දාලා යාළුවගේ පැත්ත හැරුණා.

යාළුවා නම් එයාට පැවරුණු පොත් ටික බලල ඉවර කරලා පැය බාගයක් විතර කෝල් එක්කත් එල්ලිලා හිටියා සවන් බලාගෙන.

"අයියා මාර ස්ට්‍රෙස් එකේනේ..." හේශාන් උඩින් අත් බැඳගෙන සවන් දිහා උවමනාවෙන් බලාගෙන ඉන්නවා. "රිසර්ච් එක කරන කාලෙවත් ඔච්චර ස්ට්‍රෙස් වෙලා ඉන්නදා මම දැකලා නෑ..."

"එහෙම නෑ, බං."

"නැත්තේ නෑ. රිපෝට්වලට බ්‍රාස්-බ්‍රාස්-බ්‍රාස් ගාලා හරි දාගෙන ගිය හැටි මම බලංනේ හිටියේ."

හේශාන් එක්ක විද්‍යාගාරයේ පොඩි ඉඩකට හිරවෙලා උදේ හවා වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු තුනකට කිට්ටුයි. දෙන්නම කලේ එකම ප්‍රොජෙක්ට් එකේ කොටස් දෙකක්.

දවස පුරාම නොකා නොබී වැඩ කරලා පොඩ්ඩ වරදිනකොට මහාචාර්යවරුන්ගෙන් එකට බැනුම් අහන මනුස්සයාගේ මූණුවර වෙනස්වීම අඳුනගන්න බැහැ කියන්නේ එතන කොහෙත්ම යාළුකමක් නැහැ.

"මොකෝ අයියේ? ප්‍රොෆෙසර් මොනාහරි කිව්වද?"

සවන් ඔලුව දෙපත්තට වැනුවා.

"එහෙනම් අනිවාර්යෙන්ම දිනෙති අක්කා තමයි." හේශාන්ගේ කටහඬේ තිබුණේ චෝදනාකාරී ගතියක්.

"ඇයි එහෙම කියන්නේ?" සවන්ට යන්තමින් හිනා ගියා.

සවන්ගේ මූඩ් අප්සට් යන්න හේතු අක්කයි ප්‍රොෆෙසර්ගෙනුයි බැනුම් අහන එක විතරද?

විහඟ ගීතයHikayelerin yaşadığı yer. Şimdi keşfedin