Chapter 33

161 21 31
                                    

"නැත්තන්... මම එහෙම හිතාගත්තද දන්නෙත් නෑ.."

"ම්ම්ම්.."

"මේ ට්‍රිප් එකෙන් පස්සෙ... උබ මගෙ මූන දිහාවත් නොබැලුවොත් මන් පුදුම වෙන්නේ නෑ.."

"අහ්?"

"උබ හිතුවද මන් වෙස්සන්තර වගේ කියලා.. උබ අකමැති උනත් මට අදාල නෑ.. මන් උබව ලේසියෙන් අත අරින්නෙ නෑ.."

"මොකද්ද?"

"මොකුත් නෑ.. වැඩිය හිතන්නෙපා.. හෙහ්.."

ආදිව් ඇහිමැබක් උස්සලා දෙව්සස් දිහා බලන් ඉන්නවා දෙව්සස් බලලා හිනා උනා. දෙව්සස් ලේසියෙන් ගේම අතාරින  එකෙකුත් නෙවෙ. ආදිව් ආයෙම මුහුද දිහා බලාගන්නකන් ඉදලා දෙව්සස් ආදිව් දිහාට හැරුනේ මූනේ කැත හිනාවකුත් යද්දි..

"එහ්.."

ආදිව් ගැස්සිලා එහාට උනේ දෙව්සස් කෙලින් වෙලා හිනා වෙද්දි. ආදිව්ගෙ කනට පාතින් බෙල්ලේ එකපාරටම සීතලක් දැනුනේ කොල්ලව මනෝලේකෙන් දොට්ට දාලා. ආදිව් හිනා වෙවී දගලන දෙව්සස් දිහාට හැරුනේ තරහින්.

"පිස්සුද තමුසෙට?"

"ඔව්නේ.. ඔයා තමා ඕන් මට පිස්සු හැදුවේ.."

"පලයන් යන්න වද නොදී.."

"අම්මො.. බෙල්ලට දුන්නු කිස් එකකට මෙච්චර ඩෝන් යනෝ නම් දැන්ම තොලක් දැම්මොත් ඒම..."

"දැම්මොත්... තමුසෙගෙ අහවල් එක කපලා එල්ලනවා බල බල ඉන්න.."

"හම්මට.. මයේ සුදුමහත්තයා හරි සැරයිනේ අප්පා.. කමක් නැ ඉතින් මගෙනෙ.. "

දෙව්සස් හිනා වෙවීම ආදිව්ව ඇදලා අරන් කොල්ලගෙ ඇග වටේ අත් දාලා උරහිසින් නිකට තියාගත්තේ අනවසරයෙන්.

"එහාට වියන් යකෝ.. මොකද්ද කරන්නෙ..? කූඩැල්ලා වගේ එල්ලෙන්නෙ මොකද..අහකට පලයන්....."

ආදිව් දෙව්සස්ගේ ඈත් වෙන්න හදන ගමන් කෑගැහුවේ කොල්ලගේ අත් ගලවන්න ට්‍රයි කරන ගමන්.. ආදිව්ගේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ දෙව්සස් ඕනිවට වඩා ලන් වෙනවට. ඒක නිසා පුලුවන් ඉක්මනින් කොල්ලගෙන් ඈත් වෙන්න තමා ආදිව් ට්‍රයි කලේ.

"ම්ම්ම්හූම්.. බෑ.. යන්නේ නෑ.. තමුසේ ගාව හරි රස්නියි ඕයි.."

දෙව්සස් තව තව ආදිව්ව ඇගට හිර කරගන්න ගමන් කීවා. ආදිව්ගේ දැගලිල්ලත් ඒක්ක ඒ හග් එක බැක් හග් එකක් කියලා කියන්න පුලුවන් තත්වෙට ඇවිල්ලයි තිබ්බේ. ආදිව්ගේ ලගින් එන පර්ෆියුම් සුවද දෙව්සස් නහයට ඇදලා ගත්තේ ඇසුත් පියාගෙන. මෙච්චර ආදිව්ට ලගින් ඉන්න පලවෙනි පාර. හැටට හැටේ රේස් දුවන පපුවේ වේගේ තව තව වැඩි වෙනවා. ඒ ගැස්ම ආදිව්ටත් දැනෙනවා මෙහෙම ගියොත්. එහෙමයි කියලා දෙව්සස්ට ආදිව්ව අතාරින්න ඕනිකමක් නැ.

නොමියෙන හදවත් - OngoingWhere stories live. Discover now