Chapter 39

170 24 35
                                    

දෙව්සස් ගෙදර ඇවිල්ලා ඇඳට වැටුනේ තිබ්බ මහන්සියටමයි. පැය හතර ක්ලාස් එකක් උනාට මොකෝ හුස්මක් ගන්න බැරි වෙන්න වැඩ කොරෝනවා ගුරුවරු.. තව මාස කීයද ඉතින්. තව මාස පහක් හයක් ඇතුලත සියලු සිලබස් කවර් කරලා විභාගෙට ලෑස්ති වෙන්න වෙනවා. එන්න එන්න වැඩ වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ.

"සුදූ බත් කන්න.."

අම්මා සාලේ ඉදන්ම කෑගැහනවා දෙව්සස්ට ඇහුනා. දෙව්සස්ගේ අම්මට දෙව්සස් 'සුදූ' වෙද්දි මින්සස් 'චූටි' උනා. දෙව්සස්ගේ අම්මා මන්තරේ වගේ කොයි වෙලෙත් තමන්ට ඉන්නේ නාහෙට අහන්නැති පුත්තු කිව්වට කොල්ලො දෙන්නට පණ ඇරලා.

"අම්මා.. කවන්නකෝ.."

දෙව්සස් ඇඳේ උඩු බැලි අතට හැරිලා සිවිලිම දිහා බලාගෙන කෑගැහුවා. දෙව්සස් ආසම නැති වැඩේ බත් කන එක.. ඕක අන අන කන්න කොල්ලා හරි අකමැතියී. 

"කන්න බැරිද අතින්?"

"අනේ අම්මා.."

"හා හා.. එනවකෝ.. "

දෙව්සස්ගේ අහින්සක ඉල්ලිමට අම්මා අකමැත්තෙන් වගේ කැමති උනා. දෙව්සසුත් උඩ පැනන් සාලෙට ගියේ ෆෝන් එකත් අරන්.. දෙව්සස්ගේ අම්මා සාලේ සෝෆා එකේ ඉදන් බත් පිගානක් අතේ තියන් ඒක අනනවා.දෙව්සස් ලගින්ම ගිහින් වාඩි උනා.  ඌවූහ්.. අඟුණ කොල සම්බෝලත් තියේ.. මාලු බැදලත් තියේ.. දෙව්සස්ට ඒවා දැකලා නම් බඩගින්න වැඩි උනා.

අම්මා බත් ගිල්ලන අතරේ ශේප්පෙකේ දෙව්සස් ෆෝන් එක ඔන් කලේ ඔපයක් දූපයක්වත් හොයන්න.. මැසේජ් කරන්න කියලා කවුරුත්වත් ඉන්නවා කියලැයි.. වට්සැප් ගීන් වැඩක් නැති නිසා දෙව්සස් එෆ්බී පැත්තට ඔලුව දැම්මා. වෝල් එකේ පහලට යන්න යන්න කොහෙන්ද මන්දා බූට් පෝස්ට් ටිකක් සජෙස්ට් වෙලා ඇවිල්ල තිබ්බ නිසා කොල්ලට නැග්ග.. ඒ නිසාම ඒකෙන් අයින් වෙලා පුරුද්දට වගේ වට්සැප් ගියා. ඒත් එක්කම වගේ වට්සැප් එකට මැසේජ් එකක් ආවේ දෙව්සස්ගේ මූනට හිනාවක් එන අතරේ.

Mta bh..

Plwn deyk krpn..👍

හම්මට යකෝ මුගේ ගෑස්.. කවුරු හරි මට පොල්ලක් දීපන් මේන් මේකට දෙකක් අනින්න.. දෙන්න තියෙන්නෙ මුට..හහ්.. දෙව්සස්  කටත් මොකද්ද කරගෙන බත් කට හපන එකත් පැත්තකට දාලා මැසේජ් එකක් කොටන්න ගත්තා.

නොමියෙන හදවත් - OngoingWhere stories live. Discover now