"යශීර්..."
"ම්ම්.."
"ඔයා නෑනේ දාලා රිප්ලයි.."
"ම්ම්?"
"වට්සැප්.."
"ම්ම්ම්.."
"අනේ මෝඩයෝ..."
"ම්ම්ම්"
"දාපන්කෝ මිනිහෝ.."
"ම්ම්.."
"ම්ම් නෙවේ යකෝ.. මගෙ වස්සැප් මැසේජ් ටික බලපන් ඔට්ටපාලුවෝ.. මොනෝට්ටක්ද මේ..?"
"ම්ම්.."
දෙව්සස් සතීශ්ලාට නෑහෙන්න ෆෝන් එකට එබිලා උන්නු ආදිව්ට කියාගෙන ගියා. දෙව්සස් ඔහේ කියවන් ගිය නමුත් ආදිව් නම් කිසි දෙයක් නෑහෙන ගානට ඉදගෙන ෆෝන් එක කනවා.මූට මොනවද මෙච්චර බලන්න තියෙන්නේ ඕකේ.. ආදිව්ට කියලා හරි රිප්ලයි එකක් දාගන්න තමා දෙව්සස්ගේ මේ වෑයම.. ආදිව් මැසේජ් එකක් දාලාද බලන්න දෙව්සස් සාක්කුවෙන් ෆෝන් එක එලියට ඇද්දා.
පැය එක හමාරක් විතර පන්තියේ බංකු රත් කලාට පස්සෙ ලැබුනු ඉන්ටවල් එකේදි කොල්ලො ටික එලියට ආවා..සිනේත්රයි රනුත්මයි මොනවද ගේන්න කියලා ලග තිබ්බ ෆුඩ් සිටියට රින්ගගත්තු නිසා කොල්ලො තුන් දෙනා බිත්තියකට පිට දීගෙන ඔහේ හිටියා.
දෙව්සස් ෆෝන් එක චෙක් කලත් ආදිව්ගෙන් නම් කිසිම නොටිෆි එකක් ඒ වෙනකන් තිබ්බෙ නෑ. මූව කොටියම කන්න එපැයි.. සතීශුත් කවුද මන්දා වෙන කොල්ලෙක් එක්ක කදයක් දාන් නිසා දෙව්සස් කම්මැලි කමේම එෆ්බී පැත්ත්ත ගෑටුවා.සතීශ් , සිනේත්ර වගේම තව කොල්ලො කීප දෙනෙක්ම දෙව්සස්ව ටැග් කරලාම ට්‍රිප් එකේ ෆොටෝස් දාලා.එව්වත් බලාගෙන කමෙන්ට් එක්කුත් එව්වට හලාගෙන ඒමම දෙව්සසුත් හොද ෆොටෝ එකක් තෝරන්න ගත්තා දාන්න කියලා. ෆොටෝ සීයක් විතර අස්සේ විනාඩි ගානක් ෆොටෝ එකක් හෙව්වා උනත් කිසිම හිතට අල්ලන එකක් හම්බුනේ නම් නෑ. කොල්ලා ඒ අදහස අතෑරලා තමන් විතරක් උන්නු තනි ෆොටෝවක් අප්ලෝඩ් කරා.
'මලක්🌸😊'
කැප්ශන් එකත් ඒ විදියට දාලා දෙව්සස් එෆ්බී එකෙන් අයින් වෙන්න හැදුවා. ඒත් එක්කම වගේ ආපු කශ්නික අදහසට දෙව්සස් සර්ච් බාර් එකේ නමක් සර්ච් කරන්න ගත්තා. Adiv Kaushalya .. අර අච්චර ලස්සනට යශීර් කියලා කෑල්ලක් තියෙද්දිත් මූ ඇයි මේ ඒක මේකේ නොදාන්නේ.. කියද්දිත් මූන අපායට ගහපු කැලන්ඩරේ වෙනවා. මොකද්ද දන්නෑ ඕකේ ඔච්චර විශේශත්වේ.. මල විකාර..
YOU ARE READING
නොමියෙන හදවත් - Ongoing
Non-Fiction"උඹ දන්නවද දෙයක්.. එක පාරක් මගේ හදවත මැරුනා. මන් ඒකට පන දෙන්න උත්සහ කලේ නෑ,. මට ඕනි උනේ නෑ ආයේ මාව රිද්දගන්න.. ඒත් .. ඒත් ඇයි උබ ආයෙම ඒ හදවතට පන දුන්නෙ..?ආහ්?" යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction