"අඩෝ මේ බලනවකෝ ඕයී.."
"අඩෝ ලස්සනයි බන්ග්.."
පතුල විනිවිද පේන බෝට්ටුවල නැගිලා ට්‍රිප් පීපල් මූද මැදින් කොරල් බලන්න යන ගමන්. උදේම ලෑස්ති වෙලා කට්ටිය කොරල් බලන්න ගියා. අද එයාල ගෙවල්වලට යන දවස. එ නිසා කොල්ලො කෙල්ලො බලන්නෙ නැතුව සියලු දෙනා පොඩි දේකින් උනත් ලොකු ආතල් එකක් ගන්න ගමන් හිටියේ. ගෙදර ගිහින් දවසක් නිකන් ඉන්න හම්බෙයි ඕන්නම් තව.. ආයෙම ඒලෙවල් සාගරේට බහින්න එපැයි.
කොරල් බලලා ඉවර වෙලා ආයෙම හොටෙල් එකට ආවා. තව පැය ගානයි තියෙන්නෙ.. හවස වෙද්දි ආයෙම නිවෙස් බලා යන්නත් එපැයි. ඒ නිසා තව ගමන් නොයා සෙට් එකටම මූදේ ගිලෙන්නෙ නැතුව ඕනි තරම් එන්ජෝයි කරන්න සර් ඉඩ දුන්නා. හැමෝම නාන්න බලාගෙන ඒකට සුදුසු ඇදුමුත් අරන් හොටෙල් එකේ ඉදන් වෙරල පැත්තට ගියේ සතුටින්.
"ඒයි ඒයි මෙහෙ එනවා.."
"ආවු.. ගෑනියේ.. ඇතෑරපන් යකූ.. රිදෙනවා ඕයි.. ආහ්.."
කොහෙද මන්දා ඉදලා දුවන් ආපු මිශුල්යා ආදිව්ගෙ කනේ එල්ලුනේ කොල්ලට දිවා තරු දර්ශනය වෙද්දි. ආදීව් කොච්චර කෑගැහුවත් කොල්ලගෙ කනෙනුත් ඇදන් සතීශ්ලා ගාවින් එහාට කොල්ලව ඇදන් ගියේ බලහත්කාරකමෙන්. මේක දැකපු හැමෝම වගේ හිනා වෙන්න ගත්තා. කපල්ස්වල ඔය වගේ වලි සාමන්යයි..
"අසම සම පුර්ශයෙකු ගැහැනිය ඉදිරියේ අසරණ වෙයි.. කියලා මේව පත්තර වල යන්න ඕනි නිව්ස් යකෝ.."
සතීශ් සිනේත්රට තඩි බාන ගමන්ම බඩ අල්ලන් හිනා උනා. සිනේත්රත් ඊට නොදෙවෙනි වෙන්න හිනා උනේ මිශුල්යාගෙ යාලුවොත් මේකට හිනා වෙද්දි. මෙහෙමනෙ ඉතින් වෙන එකෙක් ඔහොම ආදිව්ගේ කන තියා අතක්වත් අල්ලන්නේ නෑ.. ඇල්ලුවත් ඌට නිවන් සුව තමා.
"මිශ්.. ආයි අතාරිනවකෝ.. අඩෝ අදින්න එපා යකූ.."
ආදිව් මොනවා කිව්වත් මිශුල්යා ආදිව්ව හැමෝගෙන්ම ටිකක් එහාට ඇදන් යනකන්ම ඒ කන අතෑරියේ නෑ.. ටිකක් එහාට ගියාට පස්සෙ කන අතෑරලා කොල්ලගේ ඉස්සරහයින් හිටගෙන අත් දෙක බැදගත්තේ එක ඇහිබැමකුත් උඩට උස්සන් රවාගෙන.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Nonfiksiප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨