Chapter 36

181 21 66
                                    

වෙරලෙන් ටිකක් දුර ඇවිත් නිසා මෙහෙ මුහුද පොඩ්ඩක් ගැබුරුයි. වතුර පපුව දිහාට විතර තියෙයි. සැරෙන් සැරේ එන ලොකු රැලි ඉන්න මිනිස්සුන්වත් ඇදගෙනමයි වෙරලට යන්නේ. ඒවා එද්දි කෙලින් වෙලා ඉන්නම හෙන ගේමක් දෙන්න ඕනි. 

"චිකේයියා මේ වැලි නම්.. මගේ කලිසම අස්සෙත් වැලි. "

සතීශ් අත් දෙකම වතුර යටට දාගෙන අපහසුවෙන් වගේ කෑගැහුවේ දගල දගල. ඒත් එක්කම වගේ ආපු ලොකු රැල්ලක් නිසා සතීශ් බැලන්ස් නැතුව වැටෙන්න යද්දි ආදිව් පැනලා අල්ලගත්තා. සතීශ් ගිහින් ආදිව්ගේ පපුවේ වැදුනා. තාමත් සතීශ්ගේ අත් දෙක වතුර අස්සෙ.. වැටෙන්න ගියා කියලවත් ඒ අත් නම් උඩට ආවේ නෑ. රැල්ල යනකන් ආදිව් සතීශ්ව අල්ලන් හිටියා.

දෙව්සස් ඒ දිහා බලලා ඇස් චූටි කලා. කොල්ලාගේ වෙලාවට ඒක කාටවත් නෝට් උනේ නෑ. හිතේ කොනකින් ආපු පුන්චි ඊරිසියාවටම දෙව්සස් අහක බලාගත්තා.සතීශ් ආදිව්ගේ බෙස්ටා තමා. එහෙම කියලා ඇගේ ඇලෙන්න ඕනි නෑනේ. දෙව්සස් ආයෙම ආදිව් දිහා බැලුවේ ශේප් එකේ. කොල්ලා සතීශ්ව කෙලින් කරන ගමන්. ආදිව්ගේ ශර්ට්ලස් පපුව දැකපු මුල්ම වතාව තමා මේ. ඒ මී පැනි පාට හමත් එක්ක ඒ ඇග හරි ලස්සනයි. පපුව දෙපැත්තට බෙදිලා තිබ්බේ බලන්න ආස හිතෙන විදියට. කොල්ලෙක්ට තියෙන්න ඕනි ජාතියේ ඇගක් ඒක. ජිම් ගිහින්ද මන්දා ඒ ඇග හරි ලස්සනට තිබ්බා. 

දෙව්සස්ට එහෙමම තමන්ගේ ඇග දිහා බැලවුනා. කටු ගොඩක් වගේ. වැඩි කෙට්ටුවක් නැති උනත් මේ දවස්වලනම් ඇටත් පෑදිලා. කමක් නෑ.. හැඩ නැති උනාට මේ ගත.. ශර්ට්ලස් තමයි හොදම විසදුම.. දෙව්සස් ආයෙම බැලුවේ ආදිව් දිහා .. එයා හැම අතින්ම සම්පූර්න කොල්ලෙක්.. 

"මේ &කෝ.. තමුසේ මොකද්ද ඔය අත් දෙක වතුර අස්සෙ දාන් කරන්නේ..? තෝ අතේ ගහනවද ඕයි.."

"පලයන් #ට්ටෝ යන්න.. මන් මේ ජොකා අස්සෙ තියෙන වැලි අයින් කරනව. උබලගේ නැද්ද අස්සට ගිහින්.."

"අහ් හරි බන් එල.. උබට ඉතින් ලස්සන කඳවල් නෑනේ මෙතන අතේ ගහගන්න තරම් නෙහ්.. ඔන්න අර පුක්මන්තා වගේ හිටියනම් බලන්න තිබ්බ. නේද සතී.."

සිනේත්‍ර ඇඟට පතට නොදැනි කියලා දැම්මේ වතුර අස්සට එබෙන ගමන්. සතීශ් ඒක ඇහුනත් හරි කෑගහන්න ගත්තා.

නොමියෙන හදවත් - OngoingWhere stories live. Discover now