chapter 07

6 1 0
                                    

"සහස් අංකල් .. අපේ අප්පච්චිව අදුරන්නෙ කොච්චර කල් ඉදලද???

මම හිටියෙ පොඩි උන් දෙන්නා එක්ක පාර්ක් එකේ .. අදී ටිකක් එහාට වෙන්න තනියම සෙල්ලම් කරද්දි මගෙ ලගට ආපු සදී මං ඉදන් හිටිය බෙන්ච් එකෙන්ම ඉදගෙන අහද්දි මම හිනා වෙලා පොඩි එකාගෙ කර වටේ අතක් දා ගත්තා...

"ගොඩක් කල් ඉදන් ... ම්හ් .. ස්කෝලෙ කාලේ ඉදන්ම මම දන්නවා ...

මම කියද්දි සදී  යන්තමට හිනා වෙලා අහක බලා ගත්තා.. පෙනේද මේ පොඩි ඇටයා අරූගෙ කපාපු පලුවමයි...

"අප්පච්චිගෙන් ඇහුවම හැමදාම හිනා වෙනවා විතරයි .. මොකුත් කියන්නෙ නෑ...අප්පචියා ගාව තියේ සහස් අංකල්ගෙ ෆොටෝ දාලා හදපු පොතක්.. මම දැකලා තියේ...සහස් අංකල් හරි චූටී ඒවයෙ.. හිනා වෙලා ඉන්නවා .. අප්පචියා සමහරක් දවසට ඒවා දිහා බලාගෙන අඩනවා..

සදී කියද්දි මම හුස්මක් පිට කරලා ලග තිබ්බ වතුර බෝතලේ අරන් උගුරක් බිව්වා ...

"අප්පච්චියා සහස් අංකල්ට කැමති නෑ කිව්වට .. ඒම හිටියට සහස් අංකල් යනකම්ම බලන් ඉන්නවා .. ගියාට පස්සේ එයා හැම වෙලේම කියනවා "සහස් අංකල් ඔයාලගෙ අප්පචියා වගේම තමා කියලා"

සදී කියද්දි මම අත බංකුවට තද කරන් පොඩි එකා දිහා බැලුවා.. පොඩි උන්ට බොරු කියන්න ඕන නෑනේ .. උන් දන්නෑ බොරු කියලා දේවල් ගන්න .. ඒකත් අපි ගැන උන් මොනවා කියලා දන්නවද අයියෙ...

"අප්පච්චියා සහස් අංකල්ට ආදරෙයි නේද ??

එකපාරම පොඩි එකා මගෙ දිහා බලලා අහද්දි මාව ගැස්සුනෙ නෑ කිව්වොත් බොරු... යකෝ අද කාලේ පොඩි උන් ..

"අපි අපි හැමෝටම ආදරෙයි නෙ පුතේ .. ආදරේ නැත්තං අපිට මෙහෙම ඉන්න බෑනේ ...

මම කියද්දි සදී බංකුවෙන් පල්ලට පැන්න...

"මම එහෙම නෙවේ කිව්වෙ සහස් අංකල් .. ඔයා අප්පචියා වගේ වෙනවට අපි අකමැති නෑ .. ඔයාට අපි එහෙම කතා කරොත් ඔයා ආස නැද්ද??

පොඩි එකා අහද්දි මම ඔලුව උඩට පහළට කරා...

"පොඩි අප්පච්චියා ...

"ම්හ්.. එන්න යමු ..

මම හිටියෙ නම් අල්ලපු වැටේ හෙඩා එක්ක හරිම දැහැමෙන් සෙමෙන් කතා කරන ගමන් ..
කවුරුත් දන්න හිටපු අගමැතිගෙ   පුතා .. වර්ෂ තේජාන්වර... දෙකෙන් එකක් විසද ගන්න මීට වඩා හොද අවස්ථාවක් නෑ කියන මට්ටමෙ ඉදියා ඇරෙන්න නැත්තං මම මූ එක්ක කතා කරන්නෙ නෑ...

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: Oct 25 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

මතක මන්දිර Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ