chapter 05

3 1 0
                                    

අප්පච්චි....

"ඕ...

"අපිට අද චිත්‍ර අදින්න දුන්නා ටීච .. වෝටර් කලස් වලින්...

"ඉතින් මගෙ පුතා ඇන්දද ..ම්හ්... කෝ සදී... පුතා එන්නකො අප්පච්චිට එකපාරම කවන්න පුළුවන්..

"ඉතින් අප්පච්චියා මම ඇන්දා සමනල්ලු පීරුණ ගෙදරක් ...

"ම්හ් .  මගෙ අදී දක්ෂයිනේ ..
කෝ කට අරින්න බත් කන්න ..ම්හ් ..

අතින් බෑග්ස් මලු දෙකකුත් උස්සන් මම පඩිපෙල ගොඩ වෙද්දි මට ඇහුනෙ මිදුලෙ ඉදන් කතා කරන තාත්තල පුතාලගෙ සද්දෙ .. ධනූර් සරමක් විතරක් ඇදගෙන පොඩි උන් දෙන්නට කවනවා ... ඉර බහින්න ඔන්න මෙන්න වගේ.. ලා අදුරුයි වටපිටාව .. පුරුදු කාරයා අදී නම් තොර තෝංචියක් නැතුව ධනූර්ගෙ ඔක්කෙ ඉදන් කියවද්දි සදී හැමදාම වගේ මොකක් හරි පොතක් අතේ තියාන පෙරලනවා ..
මම බෑග් දෙකත් අරන් මිදුලටම ගොඩ වුනා ...

"සුදු මහත්තයලා දෙන්නා කනවා වගේ ..

මම කතා කරද්දිම මට පිටුපාලා බංකුවෙ ඉදන් හිටිය පුතාලා දෙන්නයි තාත්තයි පිටි පස්සට හැරෙද්දි ඕනනම් විනාඩියක් යන්න ඇති කොල්ලො දෙන්නම පැනගෙන දුවන් ආවේ මගෙ ලගට...

"සහස් අංකල් ...ඔයා ගොඩ දවසකින් ...

"අංකල් අපිට මොනාද ගෙනාවෙ ..

"මේවා අපිටද අංකල් ..

පොඩි උන් දෙන්නා අත් දෙකේම එල්ලිලා මාරුවෙන් මාරුවට කතා කරද්දි මම ධනූර් දිහා බලලා හිනා වුනා .. ධනූර්ත් හිනා වෙලා බත් පිඟාන අතට අරන් නැගිට්ටා..

"අංකල්ට ඇතුලට එන්න දෙන්නකො පුතේ .. කෝ ..
ධනූර් පොඩි උන් දෙන්නා දිහා බලලා කියද්දි පොඩි උන් දෙන්නා මාවත් ඇදන් ඇතුලට ගියා ..

"දැන් ඔය කාලා ඉවරද ..ආහ් .. ආයේ රෑට නම් අප්පච්චි බඩගිනී කියන්න එපා හොදේ ....

ධනූර්ගෙ අතින් බත් නොකා මම ගෙනාපු බෑග්ස් අදින පොඩි උන් දෙන්නා දිහා බලලා ධනූර් කියද්දි මම සෝෆා එකෙන් ඉද ගත්තා.. ධනූර් බත් පිගානත් අරන් කුස්සියට ගියේ පොඩි උන් දෙන්නා ආයේ නම් කීයටවත් කන්නෙ නෑ කියලා දන්න නිසා ..

මතක මන්දිර Where stories live. Discover now