chapter 02

17 3 0
                                    

උදුල සදකට තරු මවන්නට අදුර ඉකි බින්දා
යන්න හැදුවත් යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා ..
කදුලට නැවතිලා සමු දෙන්න හිතුනට හදවතක් හැඩුවා.
දවසක හමු වුනොත් නුබෙ සිහිනෙ කෙලවර  හිදින්නට හිතුනා...

උදෙන්ම සීතලේ නාගෙන සුදු පාට ශර්ට් එකකට නිල් ඩෙනිමයි ඩෙක්ශූස් දෙකකුයි දාන් ජෙල් ටිකකුත් ගාන් ෆර්ෆියුම් බෝතලේ චුට්ටක් හලාගෙන සින් ගාලා කා එකේ යතුරත් අරන් මම පල්ලම් බැස්සෙ ඉක්මනටම අර මුලක් ගිනි කාරයා ගන්න යන්න ...
යකූ උදේ පාන්දර කියලා බැලුවෙවත් නෑ මූනටම මනුස්සයෙක්ට එහෙම කියනවද යකෝ මූ මගෙ කම්පැනියෙ වැඩට එනවා වගේ නෙවේ මම මුගෙ කම්පැනියෙ වැඩට යන්වා වගේනෙ මූ කතා කරේ .. සහස් .. ඔන්න දැම්ම මතක තියා ගනින් උබයි බොස් කියලා .. නැත්තං උබට වෙන්නෙ මුගෙ සෙක්‍රට්රි
වෙන්න ..

පැයකට පෙර ........

"හෙලෝව් කියන්න ධනූර් ...ගුඩ් මෝනින්...

කෝල් අයිඩී එක දැක්කට පස්සෙ පට්ට සතුටින් මම කෝල් එක ආන්සර්ව් කරත් කිසිම හාවුක් හූවක් නැති නිසාම මමම මුලින් ගුඩ් මෝනින් කිව්වා..

"මෝනින් ... මම කියන්න ගත්තෙ මේකයි.. සහස් මම සදුදා ඉදන් වැඩට එන්නම් .. හැබැයි මට කොන්දේසි තියේ ...

යකූ මූ ගත් කටටම  සදුදට වැඩට එන්නම් කියලා ඊට පස්සෙ ඌටම කියලා කොන්දේසි තියේ කියද්දි මම හිනා වෙලා කතා කරා මොනවා වුනත් ඕකට තරහ ගියොත් ආයේ එන්නේ බෑ කියයි ..

"ඔව් කියන්න ධනූර් .. මොනවද ??

උපරිම සන්සුන්ව මාත් අහද්දි ධනුර් හොද හුස්මක් අරන් කතා කරන්න පටන් ගත්තෙ මං ශීට් එක ආයේ ඔලුවෙ ඉදන් පොරවන් ෆෝන් එක ස්පීකර් දාලා ටිකක් එහයින් තියද්දි.. අනේ උබ තනියම කතා කරපං ධනූ.. මට නිදි මතයි හුත්ත ...

" එක මමත් සාමාන්‍ය සේවකයෙක් .. එතෙනින් එහාට කිසිම දෙයක් මත මට ඔයාට පෞද්ගලිකව දැන ඇදුනුම් කමක් තියෙන්න බෑ ..
දෙක මම යන්නෙ ඉන්ටර්විව් එකකින් මිසක් කිසිම අනුග්‍රහය කින් නෙවේ ..
මොකද මගෙ ලමයිට කන්න දෙන්නෙ මම මහන්සි වෙන පඩියෙන් වෙන්න ඕන ..
තුන ඔෆිස් එක ඇතුලෙ කිසිම වෙලාවක මාව දන්න විදිහට හැසිරෙන්න එපා ..
මම තමුන්ගෙ යටතේ වැඩ කරන කෙනෙක් ඒ තැන ඉදන් මට වැඩ කරන්න දෙනවනම් මම සදුදා ඉදන් එන්න කැමති...

මතක මන්දිර Where stories live. Discover now