"නිම්නදී ඔයාට අවුලක් නෑ නේද කවුරුත් මුකුත් කිව්වේ නෑ නේ?"
" නෑ අක්කී board එකේ හැමෝම වගේ හොඳයි ;අපිත් ප්ලෑන්ස් කීපයක් හැදුවා එන ඉවෙට්න්ස් වලට"
"wow එහෙනම් කොච්චර හොඳද...Btw මේ ඉන්නේ සියුමි"
රුක්ෂි එහෙම කියල මාව එයාට අඳුන්වල දෙද්දි මම ඉතින් පනාව දාගෙන හිනා වුනා. අම්බෝ එයා ගාව මාර සුවඳයි. එයාගේ ගවුමේ ප්ලීට්ස් ටික උනත් මාරම නීට් .මාරම ආඩම්බරකාර පෙනුමක් තිබ්බේ උනත් එයා එහෙම නෑ .කෙල්ල අව්වෙ හිදිය නිසා මූණට දාඩිය දාලා කෙස් ගස් දෙක තුනකුත් දාඩියෙන් තෙත් වෙලා.
"hello ! මම අක්කිව දන්නවනේ"
"අම්මා ඔව්මනේ ඔයානේ සිහින හෝ...."
කෑව කෑව මේකි මාව ගස් බල්ලා ,මරල දාපන් යකෝ එක පාර ...දැන් මං කොහොමද අරයගේ මූණක් වත් බලන්නේ ශික් ...අරකි කියපු මගුල තේරිලා නැත්නම් හොඳයි ;මෝඩ ගෑනිට මං රැව්වේ නැත්නම් මේකි තවත් කියවනවා... දැන් නම් ගයාන් සර් දිග අඩිරූල අරන් එද්දි දැනට බයට වඩා බයක් දැනෙනවා දෙවියනේ....
"ආහ් ....සිහින .. තේරුනේ නෑ අක්කේ මොකක්ද?"
"ආහ් නෑ නංගි මුකුත් නෑ සියුමි අක්ක එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්න මං කැන්ටින් එකට පොඩ්ඩක් ගිහින් එන්නම්"
"රුක්ෂි උඹ යනවද ,මාත් එන්නම්"
"එපා සියු මට මැඩම්ගේ ඔෆිස් එකටත් යන්න වෙනවා .උඹ ක්ලාස් එකට වෙලා ඉඳපන්"
යකෝ මේකි නම් මහා ජරාම ගෑනියෙක් ,දාලා ගියානේ මාව දැන් මන් mk සිහින හොරත් එක්ක ..instar ප්රශ්නෙ ගැන අහනවද.. අපෝ බෑ බෑ නෝන්ඩීනේ .ගහලා ඉන්න බොඩි මිස්ට් එක ගැන අහනවද ...අනේ මන්දා ඇයි යකෝ පපුව මෙච්චර හයියෙන් ගැහෙන්නේ .අනේ අර ගෑනි මාව අසරණ කරා දෙයියනේ...
"සියු ඔයාගේ කොන්ඩෙ ගොඩාක් ලස්සනයි"
නිහඬතාවය බින්දේ එයා .අනික සියුලු ...ඇයි මට මේකට බනින්න හිතෙන්නෙ නැත්තේ? අනික මං ගොළු වෙලා වගේ.
"Tnx නිම්නදී"
"මම ඔයාගේ රාමෙන් කොන්ඩෙට ගොඩක් ආසයි.. pls පුළුවන් නම් ඔයා මට නිම්නදී කියලා කතා කරන්න එපා"
මම මොනා කරන්න ද... මම අඳුරන්නෙවත් නැති නංගි කෙනෙක් ඉස්සරහ ගොලු වෙලා ..ඔයි සියුම් wake up to රියලිටි ;මම මටම කියාගත්තා. ඒත් මම තාම හිරවෙලා යකෝ ...මම තාම මුකුත් කිව්වේ නෑ
"hmm"
ඔච්චරයි කියාගන්න පුලුවන් උනේ. ඒකත් බිම බලාගෙන මට එයා එක්ක කතා කරන්න ඕනා ගොඩක් වෙලා ඒත් ඇයි මම මේ ගොළු වෙලා..
"Pls සියු මට දෙයක් බලන්න පුළුවන්ද"?
අම්මටහුඩු වෙනවා....ඒ පාර මොකක්ද මේ මේකි බලන්න අහන්නේ .අනික පන්තියේ අපි දෙන්න විතරයි. එයාගෙයි මගෙයි අතර තිබුණේ ගොඩක් පොඩි පරතරයක් ..ඇයි මේ මාව ගල් ටික් වෙලා.
" ඔව් නංගි කියන්න"
කිව්වා විතරයි මේ ගෑනි මගේ යුනිෆෝම් එකේ කොලර් එකෙන් අල්ලලා මගේ කොලර්බෝන් එක ගාවටම වෙනකන් යුනිෆෝම් එක ඇද්දා. අනේ ඇයි මේ? මොකක්ද මෙතන වෙන්නේ? ඇයි නිම්නදී මට මෙච්චර ලන් වෙලා ...මගේ කොලර් බෝන් එක ගාව තරමක උපන් ලපයක් තියෙනවා. ඒක ගොඩක් ඇක්ට්රෑක්ටිව්. ඒක මට හැමෝම වගේ කියනවා. දැන් මේකිත් පැණි හලාගෙන බලාගෙන ඉන්නේ ඒක දිහා. මොන රෙද්දක් ද යකෝ තෝ වචනයක්වත් කියන්නේ නෑනේ සියුමි.... මේකි තොට අතවර කරන්න යන්නේ..
" wow මේක එනම් ඇත්තටම තියෙනව .මේකට මං ගොඩක් කැමතියි සියු..instar එකේ තියෙද්දි මං ඒත් හිතුවා ඒක fake එකක් වෙන්න ඇති කියලා. But is's real.."
අනේ මහා මෝඩ ගෑනියෙක්ද මන්දා ....යකෝ ඔච්චර ලොකු උපන් ලප බොරුවට තියාගන්න වුනොත් ඉන්නවද ???අනික මගේ නෑ නේ ඔය බොරු සෙවල වැඩ...
"නෑ මේක ෆේක් නෙමෙයි... ඇයි ඔයා මගේ req...."
"අක්කි එහෙනම් මම යනවා..see you.."
මේකි ගියා යකෝ ..මොන මගුලක්ද මේ ..මේකිට මාව විහිලුවක්ද දන්නේ නෑ. අද ගිය ගමන් unfollow කරන්න ඕනා මටත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ .. එයාට මට හැමදේම කියන්න පුළුවන්. ඒත් ඇයි එයා මට වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැත්තේ? අනික අද එයාගේ අත්වලින් මාව ඇල්ලුවා. සියුමි උඹ නම් අනේ මන්දා...
ඇයි මම ඇත්තටම නොදන්නේ කෙනෙක්ට මාව අල්ලන්න දුන්නේ. ඇත්ත කතාව නම් මෙහෙමයි. මම ඒ ටච් එකට ගොඩක් ආස වුණා. එයාගේ සුවඳට මම ගොඩක් පෙරේතයි .වචන දහයක්වත් මම කතා කරල නැති මනුස්සයෙක් ගැන මට එහෙම හිතෙන්නේ කොහොමද කියල මමවත් දන්නේ නෑ ;හැබැයි මම එක දෙයක් දන්නවා. එයා හැමදාම මගේ ඇස් පේනවානේ ඉන්නවනම් මට ගොඩක්....shik මොනාද මේ හිතන්නේ තමුසෙට පිස්සු හැදීගෙන එනවද.... කොහෙවත් ඉඳන් ආපු ඩකාරියක් කෙනෙක් නිසා මට පිස්සු හැදීගෙන එනවා දෙවියනේ....
YOU ARE READING
මගේනේ..
Lãng mạnඔයාට ආදරේ කරන එක පව්කාර වැඩක් නම් මම ඒ පව්කාර වැඩේ කරන පව්කාරි වෙන්න ගොඩක් කැමති සියූ.....