7 වන පරිච්ඡේදය

112 6 7
                                    

එදා උදේ චූටි නෝනව දැක්කට පස්සේ මම එයාව ආයේ දැක්කෙම නෑ ..මොකද මේ ටිකේ ස්පෝට් මීට් වල වැඩ ; එයා වෙන්ඩ ඩිපියුටි ස්පෝට් කැප්ටන් නිසා එයා ඒ වැඩ කරනවා ඇති මේ ටිකේම ..එයාගේ හවුස් එක ලුවිස් තාම බැජ් දීලා නැති නිසා එයාට මේ අවුරුදු ස්පෝර්ට් මීට් එකේ ඉවෙන්ට්ස් වලටත් ඉන්න පුළුවන් වෙයි...

කොහොම හරි ඉස්කෝලේ ඇරිලා එළියට ආවට පස්සේ මම දැක්කා රුක්ෂී බෝයිස් කූල් එක ළඟ තියෙන බේක් හවුස් එක ගාව s*ba ජර්සි එකක් ඇඳන් ඉන්න කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.

ඇත්තටම මේක වෙන්න බැරි දෙයක් යකෝ ....මේ ටිකේම නොවිය යුතු දේවල් සෑහෙන්න වෙනවා. මේක වෙන්න බැරි දෙයක් කියන්නේ කොහොමද ;දන්නවද රුක්ෂී hp උන දවසේ ඉඳන් යුනිෆෝම් ඉද්දි පාරක් ළඟ ඔහොම කොල්ලෙක් එක්ක නිකමටවත් කතා කරලා නැහැ. අනිත් එක තමා ඒ කතා කර කර ඉන්න එකා s*baකොල්ලෙක් ; මේකිටයි සෙබා එකටයි තියෙන්නේ එච්චර හොඳ අතීතයක් නෙමෙයි..

මට තේරුණා රුක්ෂි ඉන්නේ කලබලෙන් කියලා සෝ මම එයාට පේන්නේ නැති වෙන්න ළමයිට කවර වෙලා බලාගෙන හිටියා ටික වෙලාවක් මේ සීන් එක .ඒක ඇත්තටම ටික වෙලාවකට පස්සේ අර කොල්ලා මේකිට මොනවද මොනවද ටිකක් කියලා පාරෙන් පැනලා එහා පැත්තට ගියා.

රුක්‍ෂි සෑහෙන දුකින් හිටියේ මට මගේ එකීගෙ මූණ දැක්කම කියන්න පුළුවන් ඒක...ඒත් දැන් මම එයාට කතා කරන්න ගියොත් එයා කලබල වෙන්න පුළුවන් ;පස්සේ මේකි දරාගන්න බැරුව ටැප් එක ඇරියා වගේ අඬන්න ගනියි. ඒ නිසා මම ළමයි රොත්තත් එක්කම කවර් වෙලා ගියා බස් හෝල්ට් ;එකට පස්සේ මං බස් එකෙන් කේසෝන් එක ගාවට වෙනකන් ගිහින් ඉතුරු ටික ගෙදරට යනකං පයින් ගියා. මහදුරක් නෑ නේ අනික මම ආසයි වටපිට කාරිය බල බල යන්න....

" චූටි ගෙදර ආවද ළමයෝ"

"ඔව් මගේ රත්තරං අම්මේ....වොෂ් දානකම් ඉන්න බෑ අනේ ඔයා මට බත් ටිකක් කවන්නකෝ ..හොඳටම බඩගිනි"

"මේ ළමයා හැමදාම ගෙදර එන්නේ සාගින්න තද වෙලා හත් දවසකින් කාල නෑ වගේ. ඇඟක් පතක් හෝදන්නේ නෑ විසබීජ පිටින්ම කන්න තමයි ඕනා... අනේ මන්ද හැදෙනව හොඳ හැදිල්ලක්"

You've reached the end of published parts.

⏰ Last updated: 6 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

මගේනේ..Where stories live. Discover now