සඳුද උදේ පුදුම කලබලකාරී මොකද මොරටුවේ ප්‍රධාන පිරිමි පාසලේත් ගැහැණු පාසලේත් හැම කෙනෙක්ම වගේම සතියෙ අනික් දවස්වලට ඉස්කෝලෙ ගියෙ නැතත් සදුදට ඉස්කෝලේ යනවා.. සම්පත් බෑන්ක් එක පහු වෙනවත් එක්කම පාරෙන් එහා පැත්තෙ තියෙන්නේ කුමරියන්ගේ නිජබිම ; අරලියමල් ගහයි රූස්සෙට වැවුණු කහපාට ඇහැල ගහයි ඉස්කෝලේ ලාංඡනය ලොකුවට අච්චු කරලා තිබුණු ගේට්ටුවයි ඇර එලියෙන් නම් ඉස්කෝලෙ ඇතුලෙ මුකුත්ම පේන්නේ නෑ.... girls school එකේ ඇතුල එළියට නොපෙනුනාට මොකද ගර්ල්ස්කූල් එක පහුවදීම හම්බවෙන්නේ මොරටුවෙ තියෙන පෞරාණිකම වගේම ලස්සනම ගොඩනැගිල්ල... ඒ බිල්ඩින් එක අස්සෙන් ඉර බහිනව බලන්න ඇස් දෙකක් පුදුම පිනක් කරලා තියෙන්න ඕන... මොකද ඒක එච්චරටම ලස්සන දර්ශනයක් ;මේ බිල්ඩින් එක වෙන මොකක්වත් නෙමෙයි ඉතින් බොයිස්ස්කූල් එකේ ප්‍රින්සිපල් ඔෆිස් එක... ground එකයි ,principle office එකයි ඉස්කෝලේ ආදිකතු තුමාගේ ප්‍රතිමාවයි කියන්නේ ඉතින් ආයේ පිටින් බලන කෙනෙක්ට මාරම ලස්සන දර්ශනයක් ඇතුළ පිළිවෙලක් නෑ තමයි ,ඒක ඇත්ත ඒත් ඒ view එකෙන් ලැබෙන ෆස්ට් impression එක මාරයි..... ඒත් දැන් අපිට බොයිස් ස්කූල් එකේ ඇතුල ගැන කියන්න විදිහක් නෑ මොකද අපිට යන්න වෙනවා girls school එකේ ඇතුලට.... .
දම්රන් රතු පාටවල් මිශ්‍ර වෙච්ච ටයි දාගත්ත සුදෝසුදු ඇඳගත්ත ළමයි පෝලිම් ගැහිලා ඉන්නවා ඉස්කෝලේ වාණිජ අංශය ඉස්සරහා;මෙහෙමයි වාණිජ අංශයේ කිව්වට කලා අංශයත් තියෙන්නේ මේ බිල්ඩින් එකේ..hee ඒත් කලාංශය ළමයි පෝලිම් ගැහිලා තිබුනේ ටිකක් එහාට වෙන්න සාමාන්‍යයෙන් 12 වසර ළමයි ඉස්කෝලෙට එන්නේ අගෝස්තු උනාට කොරෝන නිසා වුන එක එක දේවල් නිසා 2024 ඒ ලෙවල් ළමයි ඉස්කෝලෙට ආවෙ 2023 පෙබරවාරි මැද.
හැමෝම පෝලිං ගැහිලා කයියක් දාගෙන ඉද්දි ඔන්න එක පාරටම ඒ කෑගැහිල්ල නැවතුනේ හරිම ගොරෝසු කාන්තා කටහඬකින්.. තිබුන මුහුණට කිසිසේත්ම ගැලපෙන්නෙ නැති කටහඬක් තිබුණ එයා කොණ්ඩෙ දෙපැත්තට බෙදලා ලස්සනට ගොතලා බැච් දෙකකුත් ගහගෙන හිටියේ. එකක් රතු පාටයි කළු පාටයි හවුස් බැජ් එක ...අනෙක් එක ඉස්කෝලෙ සීනියර් ප්‍රිෆෙක්ට් බැච් එක...
" good morning girls , මාව මෙතන ඉන්න ගොඩක් නංගිලා දන්නවා ඇති ;අලුතෙන් ස්කූල් එකට ආපු අයත් ඉන්න නිසා මං කවුද කියලා මුලින්ම ඔයාලට කියන්නම්. මම සියුමි තිවර්ෂා පෙරේරා. මම තමා කොමස් එකේ ප්‍රසිඩන්ට් , එතකොට මගේ එහා පැත්තේ ඉන්න කෙනාව නම් ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති ; අලුතෙන් ආපු අය මේ ඉන්නේ රුක්ෂි අක්කා අපේ ඉස්කෝලේ head girl.
ටීචර්ස්ලා මීටින් එකකට ඕඩියෝ විෂුවල් එකට ගිහින් තියෙනවා. එයාලා නමය වෙද්දි ඔයාලගෙ ක්ලාස් රූම් වලට එයි. අනික ඔයාලා හැමෝම විනීතව හැසිරෙන්න ඕනා. මොකද කොමස් එක කියන්නේ එහෙම ප්‍රශ්න ඇති වෙන සෙක්ශන් එකක් නෙමෙයි. හැම ටීචර් කෙනෙක් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න....so රුක්ෂි ඔයාට දැන් මෙයාලට මොනවා හරි කියන්න තියෙනවද??? "
"මෙහෙමයි girls අපි කොමස් සෙක්ශන් එකේ විනය අංක එකට බලනවා. ඔයාලා දැන් grade 12 පොඩි නෑ. ඒ නිසා සියුමි අක්කා කිව්වා වගේ ප්‍රශ්න දාගන්න එපා. ටීචර්ස්ල එක්කවත් ළමයි එක්කවත්, එහෙනම් ඔයාලා ක්ලාසස් වලට යන්න... ව්‍යාපාර සංඛ්‍යානය කරන අයගේ ක්ලාසස් තියෙන්නේ උඩ .අනිත් අයගේ ක්ලාසස් තියෙන්නේ 1st floor එකේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට හරි සියුමි අක්කට හරි කතා කරන්න අපි ඉන්නේ 13C1 එකේ ඒ කියන්නේ ව්‍යාපාරය සංඛ්‍යානය කරන අය ඉන්න ක්ලාස් එකට එහා පැත්ත එකේ උවමනාවක් වුණොත් එන්න ;ඒ නම් දැන් සේරම අය classes වලට යන්න...*************************
"සියූ"
"සියූ"
මේ...........
සියූ...............( ඔන්න ඉතින් පටන් ගත්තා රුක්ෂිගේ කෑගැහිල්ල)"ඕයි ගෑනියේ ඕම ඉඳපන් යකෝ සියුමි ඕයි ඔහොම නැවතියන් ......සියුමි ඇයි දැන් මොකක්ද උනේ කියපන් මට මොනවදෝ අර ස්ටේටස් දාලා තිබ්බේ රැ.."
"ඒම මොකුත් නෑ බන් ෂෙරාන් දැම් වෙනස් වගේ ටිකක් බිග් මැච් නිසා සමහරවිට ස්ට්‍රෙස් ඇති. ඒත් කලින් වගේ නෑ රුක්ෂි ;මීට් වෙන්න ගියාම වුණත් මට ඒක හොඳට තේරෙනවා. එයා ඒ ආවමත් ෆෝන් එකේ මිසක් මාව නිකන් එපා වෙලා ගිහින් වගේ..."
"සියු මේ පිස්සු හිතන්න එපා ...ඌ උඹට සිරා ලව් උත්තෝ මෝඩයෙක්ද; එන සතියේ බිග් මැච් උට ස්ට්‍රෙස් ඇති බන් ,ෂෙරාන් හොද එකා. උඹ පිස්සෙක් නොවී කලින් වගේ ඉඳපන් ප්ලීස් උඹ ඔහොම දැක්කම අපිටත් එපා වෙනවා , අනික බන් ඔය බිග්මැච් උත්ත හැමදාමත් පරදයිනෙ බන් අර ආගමෙ ඉස්කෝලෙට ... රෙද්දෙ C*mbrians ල අනික මිනිහගේ last year නේ බන් and by the way don't think too much... ඌ වෙනස් නම් මම බලාගන්නම් ඒක..මතු සම්බන්ධයි..
YOU ARE READING
මගේනේ..
Roman d'amourඔයාට ආදරේ කරන එක පව්කාර වැඩක් නම් මම ඒ පව්කාර වැඩේ කරන පව්කාරි වෙන්න ගොඩක් කැමති සියූ.....