බිග් මැච් එක අම්බෝ අවුරුදු ගානකින් අපේ සහෝදර පාසල දින්නා. මෑන් ඔෆ් ද මැච් උනේ "ශෙරාන් පිණිදු".. ඒ කිව්වේ මගේ ex. ඔව් ඔබට ඇසුණා නිවැරදියි ......මගේ කලින් bf .එදා මැච් එක දිනලා පැය බාගයක් යන්නත් කලින් එයා මගේ හිතින් සදහටම ඈත්වෙලා ගියා.
රතුපුළි මට වඩා ලස්සනයි. ඒත් ෂෙරාන් මට කරපු වැඩේ බොහොම නරකයි ,මගේ ඉස්සරහම අරකිගේ නළල කිස් කරලා මෙඩ්ල් එක දැම්මම මට නිකං තේරුනේ මාව කාල විසික් කරපු කෙසෙල්ලෙල්ලක් ගානට.but මගේ උගත් බුද්ධිමත් යාළුවොන්ට පින් සිද්ධ වෙන්න මම එදා එතන මෝඩයෙක් වගේ හැසිරුණේ නෑ .මට එදා දුක හිතුනෙත් නෑ. ඇත්තටම කිව්වොත් අර සක්කිලි ෂෙරාන් ගැන කලකිරුනා..ඒමයි කියලා නිකං හිටියේ නෑ යකෝ....මායි රුක්ෂි ගිහින් ආයේ බැට් එකක්වත් අල්ලන්න බැරි වේවා කියලා සුභ සිතින් ගැහුවා පානදුර දේවාලයට ගිහින් පොල් ගෙඩි දෙකක්ම .මකබෑවිලාම පලයං මූසලයා.
"සියු ...මචං යමං මාත් එක්ක පොඩ්ඩක් අර අළුත් prefect board එකට පොඩ්ඩක් වැඩ ටික ගැන කියල දෙන්න ඕනා"
"තරහ වෙන්න එපා මැණික ප්ලීස් උඹ තෙයාසා එක්ක පලයන් මගේ මූඩ් අවුල්""ඒකී රක්ෂි දුලක්ෂි එක්ක IT ලැබ් එකේ වැඩක් බං මැත්ස්, බයෝ වල උන්ට එන්න විදිහක් නෑ සිලබස් කවර නෑ කියලා ටීචර්ස්ලා එවන්නේ නෑ. තනියම යන්න බෑ බල්ලො පොඩ්ඩක් වරෙන්කො."
ඇත්තටම මට යන්න mood නෑ ඒත් මගේ හැමදේටම ඉන්න එකීට මට බෑ කියන්න බෑ. ඒක නිසා ඔන්න ගියා ඉස්කෝලේ වෙන්ඩ ලොකු අක්කල ටික බලන්න ;ආපෝ මේ පාර බෝඩ් එකට මම ආසම නෑ, මෙහෙමයි හැබැයි පට්ටම ඩයල්ටියක් ඉන්න හොඳේ..
මේ ටිකේ ඇත්තටම කිව්වොත් මට නින්දකුත් නෑ. එදා අර කෙල්ලෙකගේ ඇස් මට හීනෙනෙනුත් පේනවා. "සියුමි අක්කාද?"කියලා ඇස් පුංචි කරලා බලපු විදිය හරිම cute.. මොන මගුලකටද දන්නේ නෑ ඒකිව මං මේ ටිකේම හීනෙන් දැක්කා .මං ඕක අපේ එවුන්ට කිව්වම උන් ඒකට දාපු නම තමා" සිහින හොරා".
"Good morning girls"
"Good morning akki"
කිරි අප්පට බල්ලො පැනපි. මෙන්න යකෝ සිහින හොරා මෙතන ..wtf යකෝ ඒකෙ හරියට ඩකාරියා වගේ මාරම පොෂ් මාරම ලස්සනයි. මේමයි ඩකාරිය කියන්නේ ඉස්සර ඉස්කෝලේ නිවාඩු දුන්නම දෙරණ යනවා "ද වැම්පය සිස්ටර්ස් "කියලා මූවී එකක් ඒක බලන්න මම පට්ටම ආසයි. ඒකෙ ඉන්න ටොම්බෝයි ටයිප් කෙල්ල තමයි ඩකාරිය කියන්නේ. ඒත් ලොකු ප්රශ්නයක්. මම නෝමලි ඉස්කෝලේ හැම ලබ්බටම වගේ සම්බන්ධ වෙන ළමයෙක් මෙතන ටොප් බෝර්ඩ් ඉන්න අනිත් සේරම එවුන්ව මම දැකලා තියෙනවා. But සිහින හොරාව මම කවමදාවත් දැකලා නෑ..
සීතල ගිණි නිවන්න නිවන්න.... මගේ බඩ ඇතුලේ දැන් සීතල ගිනි හොඳටම පත්තු වෙලා තියෙන්නේ.. ගිනිගන්නෝ...
"මේ එහි පොඩ්ඩක් වරෙන්කො මෙතනට මේ අර කොන්ඩෙ කපල ඉන්න සුදු ඩයල් එක තමා බන් සිහින හොරා; මේකි කොහෙද කියපන් ටොප් බෝඩ් ඉන්නේ ..ඕයි මේකිව මම කවදාවත් දැකලා නෑ යකෝ... ."
"Ok , sorry , Thanku , cut මොකා ..... සියුමි මේකිද සිහින හොරා ;ඕයි බල්ලෝ ඔය "නෙළුම් නිම්නදී ගුණතිලක"
ඔව් එහෙනම් අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වමු.. මේකිව සිරාවටම කව්ද නොදන්නේ? මෙහෙමයි මෙයා හිටියේ නුගේගොඩ තියෙන මාර ප්රසිද්ධි ඉස්කෝලෙක. මෙයා හැම පැත්තෙන්ම දක්ෂයි එයා අපේ ඉස්කෝලේ ට ආවෙ ඕ ලෙවල් කරන්න අ*ල එකේ ප්රශ්නයක් දාගෙන... කොරෝනා නිසා ඉස්කෝලේ තිබ්බෙ නැති නිසා මට මෙයාව මිස් උනා... යකෝ මූණ දැක්කේ හරියට අදනේ. මම මේකිව හොඳටම දන්නේ අපේ ජෝන් ටාබට් යන ඉන් හැමදාම ගිහින් ආපු දවසේ ඉඳන් ඕකිගැන කියනවා. මේකී වෙඩිල්ල වගේ මාත් එක පාරක් බලන්න ගියා 2019 අපේ එකෙක් එක්ක ....ඒත් ඉතිං මූණ දැක්කේ නෑ හරියට.
"රුක්ෂී මෙයා කොහොමද දැන් top board ආවේ ..ඕලෙවල් වලටනෙ බං ඉස්කෝලෙට ආවේ. එහෙම වෙලා ටොප් බෝඩ් ගත්තට අනිත් උන් අවුලක් නැද්ද?"
"මේකිගේ අම්මා අපේ oldgirl බං අනික කොලිවිකේෂන් තියෙනවානේ ප්රශ්නයක් වුණේ නෑ ඒ නිසා ..මේකි චරිතයක් හොඳේ ඔන්න බලපන් බැහැල වැඩ කරයි . "
එයා ගොඩාක් ලස්සනයි! මෙයා මාව instar ෆලෝ කරනවා. ඒත් මම දාපු req එක දැන් අවුරුදු පහක් වෙනවා මේකි තාම accrpy කරලා නෑ. හැබැයි එයා2019.12.25 ඉඳන් මාව ෆලෝ කරනවා ..යෝයෝ ..කොහොමද මතකේ ;නෑ ඒක අමතක වෙන්නේ නෑ මට මැරුණත් හරියටම එදා රෑ 12ට තමා req එක දැම්මේ. එවෙලෙම මම එයාව accept කරලා එයාට req එකක් දැම්මා ...ඒත් අද වෙනකම් එයා මාව accept කරලා නෑ. එයා මම දාන හැම ස්ටෝරි එකටම ලයික් කරනවා. නිකං බහුබූතයක් දැම්මත් ලයික් කරනවා. එයා දැක්කේ නෑ කියලා හිතලා මං කීපාරම් නම් req අයින් කර කර දාලා ඇත්ද ....ඒක තමා එදා එහෙනම් මාව දන්නවා කිව්වේ
"මෙහෙමයි topboard අය විතරක් මහන්සි වෙන්න ඕන නෑ .....ඔයාලා ඔක්කොම වැඩ බෙදාගෙන කරන්න ඕනා. මේ ඉන්න සියුමි අක්කා topboard එකේ නෙමෙයි ;ඒත් එයා තිබ්බ සමහර වැඩවලදී මටත් වඩා මහන්සි වුණා..."
අඩෝ රුක්ෂි මගේ එකී. ඒකි කොහොමත් අනිත් උන්ට වඩා මට හිතයි .උන්ගේ ගෙදර උනුත් එහෙමයි. මේකීගෙ වැල් බයිලා අර ප්රිෆෙක්ලා ටික අහං ඉද්දී කෙලින් බලාගෙන ;මම දැක්කා නිම්නදී මගේ දිහා වරින් වර හොරෙන් බලනවා .මට එයා ගැන කියන්න වචන නෑ කොල්ලෝ කීයක් නම් පස්සෙන් එනවා ඇතිද?...
"හරි එහෙනම් දැන් ඔයාලා clzs වලට යන්න ...නිම්නදී ඔයා පොඩ්ඩක් ක්ලාස් එකට යමු මාත් එක්ක."
YOU ARE READING
මගේනේ..
Romanceඔයාට ආදරේ කරන එක පව්කාර වැඩක් නම් මම ඒ පව්කාර වැඩේ කරන පව්කාරි වෙන්න ගොඩක් කැමති සියූ.....