6 වන පරිච්ඡේදය

146 3 6
                                    



"චූටි පුතා ....චූටි පුතා ...ළමයෝ පහහමාරයි නැගිටින්න; මේ ගෙදර ගෑනු ළමයි දෙන්න හැදෙනව හොඳ හැදිල්ලක්. අනේ මුන් දෙන්නව දීග ගන්න කොල්ලො පව්"

ඔව් දැන් ඒ බෙලිකටු මල්ල හොල්ලාගෙන කෑ ගැසුවේ මාගේ පියාණන් වන ගගන නුවන් පෙරේරා මහතාගේ සදාදරණීය බිරිඳ වන චායා ඉන්දීවරී මහත්මිය.

"හරි හරි අම්මේ නැගිටලා ඉන්නේ ,කෑගහන්න එපා ...අපෝ මේ ටින් බෙලෙක්ක කටම තමා මටත් ඇවිත් තියෙන්නේ සැක්"

මට නම් පුරුදුයි ඔය ටේප් එක ;මායි අපේ අක්කයි සතිය දවස් හතම අහනවා. මම ඉතින් හොඳ බබෙක් වගේ නැගිටලා උදේම ඉස් ඉස්සෙල්ලාම කරන්නේ සුබ මොහොතින් ෆෝන් එක අරන් ආපු msg බලන එක .ඇත්තටම මට මගේ හදවතට විශේෂ කෙනා good morning කියල දාල ඇති කියන බලාපොරොත්තුව එක්ක තමයි වට්සැප් එකට ලොග් උණේ.. ඔව් හිතුවා වගේම එයා දාලා, ඩකාරියා..

Good morning siyu
Dn agata kohomada
Adu nattam school enna epa(5:15)

නෙළුම් හරියට මාව ගොඩක් හොඳට හුරුපුරුදු කෙනෙක් වගේ කතා කරන්නෙ. මං ඇත්තටම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒත් මම ඒක එයාගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම මම ගැන හොයලා බලන එක .නෙළුම් මට වැඩිය බාල උනාට මොකද මට වඩා ගොඩක් උසයි. සුදුයි. මගේ උස පහයි තුනයි එයාගේ උස පහයි හතක් වත් වෙන්න ඕනා..  

                               Good morning
                                Dn aduiSchoolenawa(5:45)

Okay sayu ; then see you(5:46)

    මගේ මැසේජ් එකට රෑ රියැක්ට් විතරක් කරානෙ ලොකුකමට ....ඉන්න දෙන්නම ඔයාට රිටර්න් එක .මාත් ඕන්න රියැක් විතරක් කරා එනම්, ඔයාලා එහෙම නම් අපිත් එහෙමයි මහත්තයෝ. මොකද ඔය දෙකට නැමිලි නෑනේ..

"සියු ලෑස්ති නම් එන්න ඉක්මනට මට අද කලින් යන්න ඕන  uni එකට පොඩ්ඩක් ඉක්මන් කරලා එන්න"

"මේ එනෝ ඉන්නෝ"

මම අම්මටයි තාත්තටයි වැදලා මගේ සදාදරනියා අක්කණ්ඩි එක්ක ඉස්කෝලෙට යන්න ස්කූටියට නැග්ග. අපි ඉන්නේ මොරටුව කැම්පස් එක ඉස්සරහ  ඉස්කෝලෙට ලොකු දුරක් නෑ. අපේ අක්කා කොළඹ කැම්පස් එකේ ඉතින් එයා කැම්පස් යන්නේ schooter එකේ ඒ නිසා මාවත් දාගෙන යනවා. අපේ ඉස්කෝලේ ගාවින් ...එයත් ඉතින් princess කෙනෙක් තමයි.

මගේනේ..Where stories live. Discover now