05- Chapter 👑️❤️‍🔥

489 78 172
                                    

"නෑ ...... මාස්ටර් හොදටම විශ්වාසයි කන්ටේනර් දෙක හාබර් එකට යැව්වේ අපේ උන් ඉන්න වෙලාව අල්ලලා කියලා "

"......... "

"නෑ මම අන්තිමේදි කම්ටේනර් දෙක සීල්.කරනකොට ලයින් එකෙත් හිටියා මාස්ටර් !!"

නුවිරු පැයට කිලෝමීටර් එකසිය හතලිහම දාලා කාර් එක පැද්දේ පැසෙන්ජර් ශීට් එකේ ඉන්න එවෝන් දිහාවට එක බැල්මක් වත් නොදාන්න පරිස්සම් වෙමින් මොකද වෙලා තියෙන දේ හැටියට ඊලගට කොයි මොහොතේ එහා පැත්තේ ඉන්න කෙනා පුපුරයිද කියලා කොල්ලට තාම හිතා ගන්න බෑ

ඔක්කොටම වඩා තමන්ගේ අඩු පාඩුවක් නිසා මෙහෙම උනා කියන චෝදනාව එනවට කොල්ලගේ හිත කැමති නෑ ඒත් දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමේ එවෝන්ගේ අසාමාන්‍ය නිහැඩියාවයි මෙතන ප්‍රශ්නේ

කොටින්ම එවෝන්ගේ නිහඬ විල්ල කොල්ලටනම් දරාගන්නත් බෑ දැනටම නෆ්‍රාස් පවා ඇවිලිලා නම් මෙයා නිවිලා ඉන්නේ කොහොමද

ඇරත් වෙන්න යන්නේ කෝටි ගානක පාඩුවක් !!

රට අභ්‍යන්තරයේ එක්තරා පතලක් ආශ්‍රිතව නිශ්පාදනය කරන T56 තුවක්කු පතුරම් ඇතුලු රිවෝල්වර පතුරම් අසුරවපු පෙට්ටි ලක්ශ ගාණක් එක පාරට රේගුවට අහු වුනොත් මොනවා වේවිද ?

Boom !

හිතා ගන්නවත් බෑ අවසානෙදිත් ඊයේ රෑ නිදාගන්න කලින් චෙක් කරලා පාන්දර දෙකට හාබර් එකට යවන්න කියලා සීල් කරලා එලියට දාපු කන්ටේනර් දෙක තමා පාන්දර හතට ශිෆ්ට් එක මාරු උන අර්කානා එකට සම්බන්ධ නැති රේගු නිලධාරින්ට මේ අහු වෙලා තියෙන්නේ !!

ඔක්කොටම වඩා මේ එහා පැත්තේ ඉන්න මනුස්සයගේ නිහඬ විල්ල .... තනිකර හිස රදයක් වගේ ..... !!

එක්කෝ ඒරිස් පරිණත වෙලා වත්ද ? ඒකෙන් මේකෙන් මේ අල්ල පනල්ලේ එකම දෙයයි නුවිරුගේ ඔලුවට ආවේ,

Like Father Like son !!

ඔව් හෙන ගැහුවත් වෙනස් නොවෙන භාව ප්‍රකාශන සහිත තව කෙනෙක් එයා දැකලා තිබ්බා ඒ වෙන කවුරුත් නෙමේ මේ ගෝඩ් සන්ගේ ඒ ගෝඩ් ෆාදර්ම තමා .....

ශෙහාන්ගෙනුත් මේ වගේ අවස්ථාවක මීට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි උනත් ක්ශනික කෝපය ඇවිලෙන සුලු එවෝන් මෙච්චර නිශ්ෂබ්දයි කියන්නේ !

You've reached the end of published parts.

⏰ Last updated: 5 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ Where stories live. Discover now