"අර්හ් "
තමන්ගේ ඇගේ මොකෙක් හරි කොට ඩයල් එකක් හැප්පුනා කියලා තේරුන එවාන්ගේ කටින් නිකන්ම එහෙම සද්දයක් පිට වුනා
"ප්ලීස් මාව බ්-බේර ගන්න .... "
"හේයි .... කවුද ඔයා ... "
එවාන් වෙඩිල්ල වගේ ඇවිත් තමන්ගේ ඇගේ වැදුන තමන්ට වඩා සෑහෙන්න කොට මනුස්සයා දිහා බැලුවේ ඇස් ලොකු කරන් ඊටත් ඒ මනුස්සයා ඉන්නෙත් හොදටම බය වෙලා බැලු බැල්මටනම් ජපන් බෝනික්කෙක් වගේ කොල්ලෙක් හැබැයි පෙනුමින්නම් ඉස්කෝලේ පහ වසරේ විතර වගේ කියලමයි එවාන්ට හිතුනේ
දැන් ඔක්කොටම වඩා ප්‍රශ්නේ මේ කොල්ලා පිටි පස්ස හැරි හැරි බලන ගමන් බේරගන්න කියලා එවාන්ගේ පිටිපස්සේ හැංගුන එකනේ
ඒත් දැන් එවාන්ට ප්‍රශ්නේ මේ කවුද කියන එක සාමාන්‍යෙන් මේ ඒරියා එකට කාටවත් එහෙම එන්නත් බෑ රයිඩර් කෙනෙක් නෙමේනම් .... හරි බැරියර් එකෙන් හොරෙන් රිංගලා හරි ආවමයි කියමුකෝ මූ දොඩං ගෙඩි දෙකක ප්‍රමානෙනේ කාගෙන්ද මේ බටු ඇටයා හැංගෙන්න උත්සහ කරන්නේ ....
"මාව ... හංගගන්නකෝ ... අනේ අයියේ .... "
එවාන් බෙල්ල කරකවලා බැලුවේ ඇස් වල කදුලුත් පුරවන් හංගගන්න කියලා අත් දෙක එකතු කරලා කියන කොල්ලා දිහා.... ඒත් එක්කම කලු ඇදගත්ත තමන්ගේ අප්පච්චි ගාවම වැඩ කරනවා වගේ මිනිස්සු හය දෙනෙක් පල්ලෙහාට දුවගෙන එනවා දැක්කමයි එවාන්‍ට වෙන්නේ මොනාද කියලා ලාවට වගේ පැහැදිලි වුනා
කවුරු නමුත් ඒ එන බොඩි ගාඩ්ස්ලා හොයන්නේ හොදකට හරි නරකකට හරි මේ පොඩි කොල්ලව කියලා තේරුම් ගත්ත එවෝන් ඇදගෙන හිටිය ජැකට් එක තත්පරේට පන්නලා කොල්ලගේ ඇග වටේට ඔතලා පපුවට ඇදලා අරන් තද කර ගත්තේ කොල්ලව බිත්තයකට හේත්තු කර ගන්න ගමන් අනික් අත බිත්තියෙන් තියාගෙන
"සද්ධ කරන්න එපා ... ඔයාව එයාලාට පේන්නෑ දැන් !!"
එවාන් තමන්ගේ මෑන්ලි වොයිස් එක පාවිච්ච කරලා බය වෙලා ඉන්න කොල්ලගේ උරහිස වටේ අත පටලව ගත්තේ පොඩි කොල්ලා පස්සෙන් ආපු බොඩි ගාඩ්ස්ලා වට පිට බල බල ඉස්සරහට දුවද්දි
YOU ARE READING
ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ
Não FicçãoYou're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop thi...