01- Chapter 👑️❤️‍🔥

1.2K 102 324
                                    

"මොකක්ද කියන්නේ ...... අවුරුදු හතළිහකට පස්සේ ටූත්ලස් ට්‍රැක් එකේ ? "

"ඔයා අදහස් කරන්නේ මැරුන රිද්වින් ලැනරෝල්ගේ ටූත්ලස් ගැනද ? "

"ඔෆ් කෝස් මම ඇස් දෙකටම දැක්කා .... ඒ ඒකම තමා "

මුලු මීරිගම රේසින් ට්‍රැක් එකක්ම කඩි ගුල වගේ මොහොතකට ඇවිස්සිලා යද්දි මීට සුලු මොහොතකට කලින් කන්ටේනර් එකකින් ගෙනත් බැස්සුව යමහා R7 මාදිලියේ අලුත්ම මෝටර් බයික් එක කලු ඇද ගත්ත තරුණයෙක් ට්‍රැක් එකට ගෙනියන ගමන් තිබ්බා

"ඒ රිද්වින් ලැනරෝල්ගේ බයික් එක නෙමෙයි රිද්වින් ලැනරෝල්ට තිබ්බේ යමහා R1 එකක් !"

"මොකක්ද වෙනස බයික් එකේ මොඩ්ල් එක විතරයි දෙකම එක වගේ !! පේන්ට් එක ස්ටිකර් එක හැම දෙයක්ම හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් එකම වගේ !! "

"අපි බලමු ස්ටිකර් එක එක වගේ උනාට පදින එකාත් එක වගේද කියලා !!"

YAMAHA කාර්ය මණ්ඩලය ඇරෙන්න රැස් වෙලා සිටිය පිරිසෙන් සීයට අනූ හයක්ම කලබලෙන් ට්‍රැක් ලයින් එකේ දිලිසි දිලිසි තියෙන හයි කැපෑසිටි බයික් එක දිහාවට ඇස් යැව්වා

අවුරුදු පනහ පැනපු රථ ගාය තිබ්බ එකෙක්ට ඇරෙන්න මේ යකාට නොදෙවිනි ඒ යකාව අමතක වෙලාම යන්න තිබ්බා .... සමහර විට යකදුරාවත් .... !!

ඒත් පැහැදිලිවම හැමෝම බලාගෙන හිටියේ මේ යකාගේ යකදුරා කවුද කියලා එනවුන්ස් කරනකන්....

යකා ඇත පිට්ටනිය මැද නමුත් යකදුරා තවමත් පෙනෙන තෙක් මායිමක වත් නොමැත .

මිනිස්සුන්ට කුතුහලය කොච්චරද කිව්වොත් ඉදගෙන හිටිය පුටු වලින් පවා නැගිටලා බැලුවේ අවුරුදු හතළිහකට පස්සේ මේ ට්‍රැක් එකට බැස්ස පෙරලිකාර ආයුධය දිහා

"ම්හුක් අප්පච්චි ..... තාත්තිටත් එන්න තිබ්බා අනේ "

"මමත් මෙතන අනික දන්නවනේ තාත්ති ආස නෑ රේසින් වලට .... තාත්ති ගියේ කම්පැනි එකේ වැඩ බලන්නනේ ප්‍රින්සස් "

පොඩි ශෝට් එකකට ක්‍රොප් ටොප් එකක් විතරක් ඇදගෙන සන්ග්ලාස් එකක් දාලා ඉන ගාවට දිග කිසිම නැවුමක් නැති නැචුරල් බ්ලොන්ඩ් දිගම දිග කොන්ඩේ පැත්තකින් දාගෙන ඉන්න තිස් වියැති තරුණියක් ..... හොයන්න බෑ කොහෙත්ම අවුරුදු තිහක් කියලා පෙනුමේ හැටියට නම් අවුරුදු විස්සක් වගේ .....එයාගේ අප්පච්චි ඉදගෙන ඉන්න VVIP ඒරියා එකේ අප්පච්චිගේ පුටු ඇන්දෙන්ම ඉදගෙන එයාගේ අප්පච්චි එක්ක බරම බර කතාවක ....

ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ Where stories live. Discover now