03- Chapter 👑️❤️‍🔥

932 93 173
                                    

"මැනිකේ මම ආයේ ගෙදර එනවා ..... ඕ යෑස් මට හරි කේන්ති යනවා ..... ආ රූප සුන්දරි මොකෝ උබ ටවල් එක පිටින් ගේ වටේ කැරකෙන්නේ සක බබරේ වගේ හිතන් ඉන්නේ දහාටේ කෑල්ල කියලද තිහක් යකෝ තිහක් උබට ඊයා "

"අනේ තාත්තේ මූ මගේ ටවල් එක ගලවන්න යනවා "

යතුරත් කරකව කරකව ගේ ඇතුලට අඩිය තිබ්බ එවාන් ටවල් එකක් ඇදගෙන කිසි ගාණක් නැතුව පිරිමි හතරක්ම ඉන්න ගෙදර සක්මන් කරන කොල්ලගේ අක්කගේ කර වටේට අත දාලා අහිංසකීව පොඩි පට්ටන් වෙන්න බදාගෙන ටවල් එකෙන් ඇද්දේ කෙල්ල මර ලතෝනි තියද්දි

නෑ ඉතින් බැරි වෙලා හරි ටවල් එක කැඩුනොත් ඔක්කොම හබක් නේ .... මල්ලි උනාට පොඩ්ඩක් තියෙන්න එපැයි ඩිසිප්ලීන් එකක් මූට ඒවා මෙලෝ මගුලක් නෑ හැබැයි නමගිය විශ්ව විද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක්

පුහ්: මෙව්වා තමා විහිලු !!

ඔක්කොමත් හරි රට හිටපු අවුරුදු හතරට අක්කා පොඩි සුරංගනා බට්ටෙක් වගේ වෙලා නිසා එවාන්ට දකින දකින වතාවට කරකවලා උස්සලා අරන් තොත්තුවක් දෙන්න හිතෙන්නේ අක්කා උනාට මේ පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් වගේ එවානා හුරතල් නිසා

හැබැයි ඔය හුරතල් කම් බිස්නස් වලදි නෑ එව්වා වෙනම කතා ඉතින්

"මේ තවුසේ කාට පේන්නද තුවායක් ඇඳන් සක්මන් කරන්නේ තාත්තේ මෙන්න මේකි නුවිරුවා එන නිසා ටවල් එකක් ඇඳන් එලියට ඇවිත් "

මෙහෙමයි කතාව ඔය අවුරුදු විස්ස පැන්නම හැදිච්ච උනක් නිසා නුවිරු සුදු අක්කා කිය කිය කතා කර කර හිටිය එවානාට නමින් කතා කරන්න පටන් ගත්තා මදිවට කතා කරන එකත් සම්පූර්න අඩු කරලා අවශ්‍ය දේට පමණක් කතා කරන්න පටන් ගත්තා .....

ඒකේ වරදක් නම් නෑ මොකද ආශ්‍රේ කරන්නේ එවෝන්වනේ .... උන් දෙන්නගේ කටින් වචන ගන්නවට වඩා ලේසියි ගලෙන් පට්ටයක් ගන්න එක

එවානාගෙත් අලි ඔලුවනේ එයා කතා කරන්නෙත් නෑ ඒ නිසා .... කොහොම හරි දෙන්නට දෙන්නා කතා කරන්නේ නැතිම තරන් ඔය පිස්සුව පටන් ගත්තේ එවාන් රට යන කාලේ වගේ නිසා එවාන් ඔය ගැන දැනන් හිටියේ නෑ අනික් මිනිස්සුන්ට නම් ඉතින් ඕකේ ගත යුත්තක් නෑ නුවිරුයි එවෝනුයි සමානයි කතා කරන්නේ එහෙම නැතිම නිසා ......

ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ Where stories live. Discover now