1

24 5 7
                                    


දිනක් සිහිනයක් විලසින්
ඈසුණු සත් ස්වරයක හඬ
මවිතයෙන් ඇද්දුවා මා දෙපා
මා හට නොදැනීම ඒ හඬ ඇසෙන
වන පෙදෙසකට
එය දම් රෝස වනයක් ,
ඇතුළට තව තව ගියා මං ,
මට ඇසුණා එය තව හොඳින් ,

ගලන ගංඟාවක මෙන්
සිහින් ගුමු ගුමුවක් විලස
හද පුරාම පැතිරුණේ
හීන් සීරුවේ හරි ලස්සනට
තත්පරෙන් තත්පරේට
හදවත ගැහුණේ
ඒ ස්වර ඔස්සේ මැවුණු
ධ්වනි තරංගයට
ඇදිලා ගියා , ඔව්
හරි පුදුමයක්
සත් ස්වරයන් සමිශ්‍රව
මිහිරි වූයේ දෙසවනට
උම්මත්තයකු විලස
දැන් බැහැනේ ගැළවෙන්නට ,

දම් පාට රෝස මල්
වනයක් සිසාරා මගේ දෑස්
නැමති බඹරා ගමන් කළේ
හරි ඉක්මනට ,
ඒ මැඳට වෙන්න තිබුණු
හරි විශේෂ විශාල වූ
දම් පාට රෝස මල් හත වෙතටම ,
අනිත් මල් වල සුවඳටත් වඩා
සුමිහිරී ඒ සුවඳ
එයට ද ඇබ්බැහි වෙලා
දැන් මම ,

වීඳුරු විනිවිද යමින් යන ජල කඳක් වැනි ,
මිහිරි වූ හිත් විනිවිද යන
නිවන සිහිල් දිය බිඳක් වැනි ,
ගැඹුරු සයුරේ ජල තරංඟ වල ධ්වනියක් වැනි වූ ,
රිදී සීනුවක මෙන් සිහින් ශබ්දයක් ඇති ,
තත්පරයට මිලි දශමයට හමන සුළි කුණාටුවක් වැනි ,
මහ අකුණු පිරි අහසේ අකුණු හඬ වැනි
වේගවත්ව පතිත වන නමුත් හිරිපොද වැස්සක් වගේ ,

විවිධ ස්වර හඬවල් ඇසුණා ඔව් ,
අහසේ පෑයූ හත්දින්නත් තරු වගේ
පාර පෙන්නුවා ආපහු නිවැරදි මාවත් ඔස්සේ
වනයෙන් පිටතට ගමන් කරන්න ,
ඒ මායාකාරී සත් ස්වරයන්ගෙන්
මට ගැලවෙන්න බෑ
මං බැඳිලා තව තවත්
දම් පාට රෝස පඳුරෙන්
එහෙත් එය
විෂ කටු නොමැති රෝස පඳුරක් .


- Moling

💜💜💜💜💜💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜💜💜💜💜💜💜

Purple Heart 💜 || Poem Book Where stories live. Discover now