නුඹ හරිත වනයක් වගේ
කොළ පාට පිරිමියෙක්
ඇස් රදවා තබාගන්නා
ඉන්ද්‍රජාලිකයෙක් වගේ
මායාවෙන් මා සිරකරනාපිටතින් හැඩිදැඩි රළු යැයි විටෙක
මං මුලා වන තරම්ම කඩවසම්
එහෙත් ඔබ මාෂ්මෙලෝ එකක් වගේ
හරිම මොලොක් හදවත ඇත්තෙක්විටෙක ඔබ ග්‍රීන් ටී කෝප්පයක් වගේ
උදෑසනට උද්යෝගයක් ලබා දෙන තරමේ
කථාබහ අසා සිටීමට පොළොබවන
තරමේ කුතුහලයකින් යුතු ගැඹුරු වදන් දෙතොල් අතරින් කොහොම මවනවද ?ඒ චෙස්නට් පාට දුඹුරු මිනොලයිඩ් ඇස්
මට කලාගාරයක් තුළ තිබිය යුතුයි
සිතෙන තරමට සෞන්දර්යාත්මකයි
ඒ තරමට ඔපමට්ටම් කරපු මැණික් කැට දෙකක් වගේ දිලිසෙනවාඒ මුහුණටම තවත් කඩවසම් කරන්නට
වල ගැසුණු කොපුල් උරුම වී තිබුණා
ඔහුගේ ඒ තේජාන්විත බවට
ඔව් එය හොඳින්ම ගැළපුණාකොහොමද මේ තරම්ම
ඔබ ඔය කථා කරන ඇස්
හිනාව හැසිරීමෙන් ඔබ වෙතටම
මාව ඇදගෙන තබාගන්නේමට ඔබ මහා වාලුකා කඳු පිරි
කාන්තාරයක අහසේ රාත්‍රියේ
රටා මවමින් මඟ පෙන්වනා
තාරකා රටාවල දීප්තිමත්ම තරුවයි !- Moling
💜🐨�
YOU ARE READING
Purple Heart 💜 || Poem Book
Poetryදම් පාට හදක කවි ගෙතුණේ හරි සීරුවට ලස්සන ආත්ම හතක් වෙනුවෙන් මිලි තත්පරයට ඉතින් අවසර කුමකට ද ? මා කැටිකර ලියමි ඒ වචන ඔබ නොදුටුවද ..., - Moling ( Coverd by Armygirl920 ) Started - 2024.10.27 Published - 2024.10.28 Finished - [ Don't copy my work ]