4

3 1 0
                                    


දැල්වෙන පහන් ටැබක
ආලෝකයක් ද ඔබ
නිවි නිවි දැල්වෙනා
තාරකාවක් ද ඔබ

රෑ අහසේ දිදුලනා
චන්ද්‍රයෙකු ද ඔබ
නැතිනම් උදේට පිපෙනා
කහ පාට ඩේසි මලක් ද ඔබ

ඔබ සිහිනයක් වගේ
බොඳව පෙනෙනා රාත්‍රියාමයක
හැබැහින් මුහුණට මුහුණ
මුණගැහුමට බැරිතරම්
අහසේ පායන සූර්‍යයෙකු මෙන්

ඒ ඇස් තාරකා මඬලක් වගේ
ඒ හඬ මගේ හිත කියන
මහ පොළොවට පතිත වන
හිරි පොද වැසි ධාරාවක් වගේ

හිත සනහන මියුරු සංගීතයක් ඔබ
විටෙක මා හිත අවුළුවනා
ගිනි සිළුව ද ඔබ
කොහොමද එහෙම කරන්නෙ මට ඔබ

සිහින් මුහුණේ සියුම්ව කැපීපෙනෙනා ඒ
යන්තමින් වල ගැසුණු කොපුල්
සිනාසෙන විට තවත් මනරම්
දෙවියන් දුන් ත්‍යාගයක් දැයි මට සිතේ

ඉතින් කුමරෝ මා දන්නේ මෙපමණයි ,
මාගේ හදවත නැමති ඩැන්ඩෙලයින් මල
විකසිතව ඔබ වෙනුවෙන් නිතර හමන
සුළං රොද සමඟ ඔබ පාවී එන බවයි .

- Moling


- Moling

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜🐿

Purple Heart 💜 || Poem Book Where stories live. Discover now