'කොහෙද ඉන්නේ තිවේන්? තමුන් අද එනවද නැද්ද?'ඉතින් ආකාෂ් මේ උදේම කන් පුරවන්නේ වෙන කාගෙවත් නෙමෙ අපේ අහින්සක තිවේන්ගේ
'අයියෝ බං හරි හරි...දැන් ලග යකෝ ඉන්නේ'
'උබ මෙච්චර වෙලා පොල් ගෑවද තිවේන්?? කිව්වෙනම් කොහොමද, මං නැගිටින්නත් කලින්ම ඇවිත් ඔලුවට වතුර එකක් හලනවා කිව්වා...දැන් බලන්නකෝ 9.00 ත් වෙලා'
'අපෝ උබේ කට...ඇත්තටම අහන්නේ උබේ කට එහෙම රිදෙන්නේ නැද්ද? උබට අර කිව්වත් වගේ මොකක් හරි බෑන්ඩ් එකකට බැදෙන්න තිබ්බේ...එතකොට ඔය හැකර කටින් රැප් එකක් හරි කියලා ප්‍රයෝජනයක් ගන්න තිබ්බනේ'
'අනේ මේ තිවේන් ඉක්මනට වරෙන්කෝ...මට බඩගිනී ඕයි...'
'ඇයි දැන් උබට මං නැතුව කන්නත් බැරිද? මෙහෙම ගියොත් උබ මාව කවද හරි ටොයිලට් එකටත් එක්කන් යයි'
'එච්චර කැසිල්ලක් නම් මට නෑ සගෝ. ඒ උනාට අම්ම මට උබ එනකන් කන්න දෙන්නේ නෑ ඕයි'
'අන්න දැක්ක නේ උබට වඩා උබේ අම්මාට මාව අගෙයි'
'ඔව් ඉතින් උබ මෙහෙ එන දවසට කොහොමත් මං අරන් හදා ගත්ත දරුවනේ'
'උබ පරක්කු වෙලා හරි ඒක තේරුම් ගත්ත එකනම් හොදයි මචෝ'
'හරි හරි දැන් ඔය කියවිල්ල පැත්තකට දාල ටග්ගාලා වරෙන්කෝ'
'මං කොහොමද යකෝ ටග්ගාලා එන්නේ? පයින් ද එන්න කියන්නේ?'
'පයින් හරි කමක් නෑ තිවේන්...හැබැයි උබ දැන් ආවේ නැත්තන් මං උබව බැදල හරි කනවා'
'අපෝ එන්න එපා ඕවට නම්...අඩුම ගානේ දත් මැදල වත් හිටපන් විහිලුවට හරි කියවන්න එන්නේ නැතුව'
'මං දත් මැද්ද එකෙන් වැඩක් නෑනේ...කෑම නේ වැදගත්...ඒ නිසා ටග්ගාලා වරෙන්'
'ඔව් කෑම නම් වැදගත් තමා ඒ උනාට මට සීයට දාහක් ෂුවර් උබ ඔය කොච්චර හදිස්සි කලත් තාම ඇදේ කියලා'
'උබ කොහොමද එහෙම කියන්නේ?'
'උබ හිතුවද මං එසේ මෙසේ යාලුවෙක් කියල...මං උබ උබේ ඇගේ ජරාව ගා ගත්ත කාලේ ඉදන් හොදම යාලුවා මචෝ'
YOU ARE READING
සුදු රෝස 🤍
Non-Fictionමුලින්ම තමුන්ගෙන්ම ඒක අහනවා මනිදු... තමුන් මට ඇත්තටම ආදරෙයි නම් තමුන් මෙහෙම කරන්නෙ නෑ මෙච්චර කාලයක් මන් උබට ආදරේ කලේ මට වත් හිතාගන්න බැරි විදියට....