'අයියෝ බන් තාම ඉවර නැද්ද?'
තිවේන් ඇහුවේ එපාවෙලා...එපා වෙන්නෙ නැතුව තියෙයිද ඉතින් උදේ ඉස්කෝලේ ආපු වෙලාවේ ඉදන් prefect room එකට වෙලා ඉද්දී
'ඔච්චර අමාරුද ඕයි නිකන් ඉදන් ඉන්න?'
ආකාෂ් ඇහුවේ තිවේන්ගේ කන්කෙදිරිය එපා වෙලා
'උබ දන්නවනෙ මට නිකන් ඉන්න බෑ කියලා...ලෝකේ විනාශ වුනත් මට නම් එක විදිහකට ඉන්න ඕනේ නෑ'
'ඔව් ඒක නම් කියන්න ඕනේ නෑ...පේනවා'
'එහෙනම් ඔය වැඩ ටික පස්සේ කර ගනින්කෝ...මට මෙතන ඉන්න බෑ මචෝ සහරා කාන්තාරේ වගේ'
තිවේන් නඩු කිය කියම ආකාෂ්වත් පුටුවෙන් නැගිට්ටෙව්වා
'පිස්සුද තිවේන්...මේ වැඩ ටික ඉවර කලේ නැත්තන් අර පිනා මගේ ඔලුව කයි'
ඒත් තිවේන් ආකාෂ්ගේ කරට අතක් දාගත්තා
'කන්න ඉතින් උබට ඔලුවක් තියෙන්න ඕනෙනෙ බොක්ක'
තිවේන් කියද්දී ආකාෂ් එයා දිහා බැලුවා
'ඇයි නෑ කියලද කියන්නෙ දැන්?'
'සගෝ ඔය කියෙව්වා ඇති...දැන් වරෙන් ටොයිලට් යන්න'
'තොට මොන්ගල් වගේද තිවේන්? මන් මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ'
ආකාෂ් කියද්දී තිවේන් එයාගේ අන්තිම පුරුකත් පාවිච්චී කලා
'ඔය ටික පන්තියට ගිහිල්ලා කරගමු බන්...අනිත් එක මනිදුත් එයි නේ උගෙන් හෙල්ප් එකක් ගන්නත් පුලුවන්නේ...තනියම කරනවට වඩා ඒක කොහොමත් ලේසී නේ මචෝ නේද?'
ආකාෂ් ටිකක් වෙලා හිතලා අන්තිමට කැමති උනා. තිවේන් කිණ්ඩියට හිනා වෙලා එයාගේ බෑග් එකත් කරට දාගත්තා
'ඇත්තටම උබ සීනි චෙක් කර ගත්තොත් හොදයි'
ආකාෂ් කිව්වේ අන්තිමට බෑග් එකයි ෆයිල් ටිකයි අතින් කටින් එල්ලගෙන
'මේක පුදුම වැඩක් නේ බන් පාඩුවේ ටොයිලට් එකට වත් නෑනේ'
'වැඩිය කියවන්නෙ නැතුව පලයන්...හැබැයි මේ වැඩ ටික ඉවර කරගන්න බැරිඋනොත් තමයි තෝ මගෙන් කන්නෙ'

YOU ARE READING
සුදු රෝස 🤍
Non-Fictionමුලින්ම තමුන්ගෙන්ම ඒක අහනවා මනිදු... තමුන් මට ඇත්තටම ආදරෙයි නම් තමුන් මෙහෙම කරන්නෙ නෑ මෙච්චර කාලයක් මන් උබට ආදරේ කලේ මට වත් හිතාගන්න බැරි විදියට....