Chapter 05

115 15 64
                                    



අලුත් සතියක් ආරම්භ වීමත් සමග ලමයි ආයෙමත් පාසල දිහාවට පිය මැන්නේ සදුදා කියලා දවසක් තිබ්බේ නැත්තන් කොච්චර හොදද කියල හිතන ගමන්

ඉතින් ඔය අතරේ තිවේන් උදේම හා හා පුරා කියලා ඉස්කෝලෙට ඇවිල්ලා prefect room පැත්ත​ට ගියේ අනිවාරෙන්ම ආකාෂ් ඉන්නේ එතන කියලා හොදාකාරවම දන්න නිසා

'තිවේන් ඉස්කෝලේ එන වෙලාවද මේ??'

ඉතින් prefect room එකට අඩිය​ තියද්දිම වගේ එයාට ඇහුනේ ආකාෂ්ගේ කටහඬ

'ඇයි මන් පරක්කුද??'

'පරක්කුද කියලත් අහනවා...දැන් 7.25'

'ඉතින් යකෝ පරක්කු නෑනේ...විනාඩි පහක් කලිනුත් එක්ක​'

'උබ එන්නේ නැති වෙයි කියලා මන් හිතුවේ උබ පරක්කු වෙනකොට...කලින් එන්න බෑනේ තොටත් ඉතින්'

'යැයි යැයි තමා'

'දැන් ඉතින් ක්ලාස් එකට දුවන්නේ නැතුව ඉන්න​...ගාථා කියලා ඉවර උනාම මාත් එක්කම යන්'

'ඉතින් එතකන් මට පැල හිටවන්නද කියන්නෙ?'

'පැල හිටවන්න නම් ඕනේ නෑ තිවේන්...එත් ඉතින් උබට ඕනෙම නම් ඔය එලියේ වැටිලා තියෙන කොල ටිකක් ඇහිදපන්...ආ නෑ නෑ තව ටිකක් වෙලා ඉදින්කෝ එතකොට පරක්කු වෙලා එන සෙට් එකත් එක්කම කොල ඇහිදින්න පුලුවන්​'

'මගෙන් මුකුත් අහගන්න එපා ආකාෂ්'

තිවේන් ඕනෑවට එපාවට කියලා ආකාෂ් ලගින් තිබ්බ පුටුවක ඉදගත්තා

'මොනාද බන් ඔච්චර වැඩ?'

තිවේන් ඇහුවේ ආකාෂ් පුදුම අවදානෙකින් බලන ෆයිල් ගොඩ දිහා බලාගෙන​

'ස්පෝට් මීට් ලගයි නේ බන්...ඒ නිසා වැඩ වැඩිවෙලා බන් ඉන්නේ'

ආකාෂ් තිවේන්ට උත්තර දුන්නෙ අඩුම බල බල හිටපු ෆයිල් වලින් ඇස් වත් ඉවත් නොකර​

'ඉතින් යකෝ උබ ද දැන් ඕවා ඔක්කොම බලන්න ඕනේ??'

'ඔක්කොම නෙමේනේ බන් ඉතින්...ඒ උනාට දැන් විරාජ් මේ දවස් ටිකේ ආපු නැති නිසා උගෙ වැඩ ටිකත් පැවරිලා තියෙන්නෙ මට'

සුදු රෝස 🤍Where stories live. Discover now