හැමදාම වගේ සඳුදා හැමෝගෙම අකමැතිම දවස උනේ තමන්ගේ දවස් දෙකක නිවාඩුව අහවර වෙච්ච හින්දා.
ඒත් ඔය මොන අකැමැත්ත තිබ්බත් ඉස්කෝලෙ ලගට යද්දි ඒ හැම අකමැත්තක් නැති වෙලා ගියේ හරියට දූවිල්ලක් වගේ.ඒ අතරේ 13A පන්තියේ ලමයි හිටියේ හරියට ලෝක පුදුමයක් වෙලා වගේ. මොකද කිව්වොත් කවදාවත්ම නැතුව අද 13A පන්තියේ පන්ති භාර මිස් එන්න පරක්කු උනා. ඒත් එක්කම ලමයි හැමෝම තමන්ගේ යාලුවොත් එක්ක කථාවට වැටුනේ ආයේ කථා කරන්න හම්බෙන්නෙ නෑ වගේ
'අනේ බං විනාඩියකට වත් කෑ ගහන්නේ නැතුව හිටපන්කෝ...හංසි මිස් ආවොත් මාව එල්ලයි'
විතුම් කෑගැහුවේ තමන්ගේ පංති නායකකම බල්ලට දාලා තොරතෝංචියක් නැතුව කියවන ලමයින්ට.
මේ කෑගැහිල්ල අහන් හිටපු පංතියේ පළවෙනියා එයාගේ පුටුව උඩ නැග්ගා
'අයියෝ ඕගොල්ලන්ගේ සද්දේ මදි නේ...මොකද කියන්නේ සින්දුවක් වත් කියමුද?'
'උබ මට කියලා ඔලුව පලා ගන්න ලගයි තිවේන්'
විතුම් කලින්ටත් වඩා හයියෙන් කෑ ගැහුවේ තිවේන්ව තම්බල කනවද බැදල කනවද කියල හිතන ගමන්.
'මං බය වෙයි ඕවට'
තිවේන් කිණ්ඩියට කිව්වේ විතුම් ගේ තරහ තවත් අවුස්සලා.
'බය වෙන්න ඕන තමයි යකෝ මං මේ පංතියේ monitor'
'අනේ ඇත්තට? උබ monitor නම් මං මේ ඉස්කෝලෙ hp ගේ හොඳම යාලුවා'
' උබලා දෙන්නා ඔක්කොටම වඩා හපන්නේ බං...පොඩ්ඩක් ඔය හැකර කටවල් දෙක වහගනිල්ලකෝ'
මේ රණ්ඩුව ඉවර වෙන පාටක් නෑ වගේ පෙනුන නිසා සුදේෂ් ඔක්කොටම වඩා හයියෙන් කෑ ගැහුවේ ඉවසන්න බැරිම තැන.
'මේ මොකද මේ? පිස්සුද යකෝ? බැහැපන් බිමට මගෙන් කුනුහරුප අහගන්නේ නැතුව'
මේ ඔක්කොම කෑගැහිලි අස්සේ ඉස්කෝලේ ආඩම්බරකාර hp පංතියට ආවේ යකා ආවේස වෙලා වගේ.
'මෙන්න මෙහෙ වරෙන් සගෝ බොරු චණ්ඩිකම් දාන්නේ නැතුව'
තිවේන් කිව්වේ පුටුවෙන් බැහැල ආකාෂ්ගේ බෙල්ල වටේ අතත් දාගෙන.
YOU ARE READING
සුදු රෝස 🤍
Non-Fictionමුලින්ම තමුන්ගෙන්ම ඒක අහනවා මනිදු... තමුන් මට ඇත්තටම ආදරෙයි නම් තමුන් මෙහෙම කරන්නෙ නෑ මෙච්චර කාලයක් මන් උබට ආදරේ කලේ මට වත් හිතාගන්න බැරි විදියට....