කුරුළු කිචි බිචියට වෙනදා ඇහැ අරින මන් අද බලු කික්කිගේ නහයෙන් ඇඩිල්ලට ඇහැරුනේ..
සහනා කීවා වගේම මුළු රෑම මට නින්ද නැති වුනා මේකි අඩන්න ගත්තු නිසා..
සැරෙන් සැරේට කිරි කෝප්ප ගනන් දීලා මේකි කාමරේ අස්සෙම චූ කරලා මට වැඩ දෙක කරලා මගේ නින්ද නැති කරා..දැනුත් මේ උදේම මේකි කෙදිරිගාන්නේ දොට්ට පිලට යන්න ඕනි වෙලා කියලා තේරුම් ගන්න අමාරු වුනේ නෑ..
වෙනදට කම්මැලිකම යනකන් ඇදේ පෙරළි පෙරළි හිටියත් දැන් මේකි නිසා ඒක කරන්නත් බෑනේ.." චූටි කුකූ.. චූචූ බරයිද? වරෙන් යන්න එලියට.. "
මම ඒකිවත් උස්සන් හෝටල් කාමරෙන් එලියට ඇවිත් තනපියල්ලේ ඒකිව තිබ්බා..
චූටි කුකූත් තනපියල්ල ඊයේ වැස්සට තෙමිලා සීතල නිසාද මන්දා වැඩිය ලත නොවී අවශ්‍ය දේවල් කරන්න ගත්තා..කොච්චර වුනත් අම්මගේ උණුහුමේ ඉන්න ඕනි පොඩි පැටියෙක් නිසා මට ඒකිව දැක්කම පුදුම දුකක් දැනෙන්නේ..
ඊටත් ඒකි සතෙක් වුනත් මට ඒකිගෙන් මගේම හැන්ගිලා ගියපු පැතිකඩක් පේනවා..
තනි වෙච්ච ඒත් ආදරේ හොයන පොඩි එකෙක්!ඒකිවත් ආපහු උස්සන් කාමරේට ඇවිත් ඒකිට බොන්න කිරි දීලා ඒකටම මාරි පැකට් එකක් කඩලා දීලා මන් ලෑස්ති වුනේ සහනා එක්ක ටවුමට යන්න..
ඒකා දහය වෙද්දි ලෑස්ති වෙලා පෙට්ටි කඩපිලේ ඉන්න කීවනේ..මම දඩි බිඩියේ ලෑස්ති වෙලා චූටි කුකූ දිහා බලද්දි ඒකි බඩ බෝල කරන් මගේ සපත්තුවක ලේස් එකක් එක්ක සෙල්ලන් කරනවා..
අනේ චූටි කෝලම..!
මම ඒකිව අත්වලට අරන් තුරුල් කරගද්දි ඒ චූටි තෙත හොම්බෙන් ආවේ කිරි සුවඳක්..
ඇබිත්තන් චූටි පැටියා මගේ මූන ලෙවකන්න ගද්දි මට දැනුන කිතියට හයියෙන් හිනා ගියා..කොලඹින් මෙහෙට ආපු දා ඉදන් මං හිතන්නේ මගේ අවුරුදු විසිපහක ජීවිතේ එහෙන් පිටින්ම කනපිට ගැහුනා.. එදා වැහිපොදේම කළුවරේ කඩ පිලට ගෑටුව එකෙන් මේ වෙද්දි ජීවිතේ පලවෙනි වතාවට උණුහුම් හැගීමක් ගේන තුන් දෙනෙක්ව මුන ගැහුනා..
සහන්, ආතා, චූටි කුකූ..
කඩ පිලට යන හැම මොහොතෙම මාව ආදරෙන් පිලිගන්න ආතා, මගේ බඩගිනි නිවන ආතා,
YOU ARE READING
හුළු අත්ත | Complete ✔
Non-Fictionහුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03