හැම උදේකටම ඇඟට දැනෙන සීතල වෙනුවට අද මගේ මුළු ගතටම දැනුනේ උණුහුමක්..
දහ පහලොස් දෙනෙක්ගෙන් ගුටිකාලා වගේ ඇඟට දැනෙන තෙහෙට්ටුවත් එක්ක, ඇඟ උඩින් පිටි මුට්ටයක් තියලා වාගේ බරක් දැනෙන්න ගද්දි ඇදේ එහා මෙහා නින්දෙන් පෙරලෙන්න බැරුවයි මම උන්නේ.." තව ඩිංගක් නිදා ගනින් අදීර දඟලන්නේ නැතුව.."
කන්පෙති ළඟින් දැනුන ඒ ගැඹුර හඬත් එක්ක වැහිලා තිබුන ඇස් එක මොහිතින් ඇරුනේ, මම හීන දකිනවාද කියලා සැක හැර දැනගන්නමයි..
මම ඉඳියේ සහනගේ තුරුලේ.. නෑ! සහන් ඉදියේ පිටිපස්සෙන් මාව තුරුලු කරන්.. අපි ඉඳියේ සහන්ගේ ඇදේ වෙද්දි, වෙනදා සීතල පරද්දලා අද මට දැනුන උණුහුම සහන්ගේ කියලා මට තේරුම් ගියේ එවෙලෙයි..
" උබේ උන බැහැලා ගිහින්.. "
සහන් එහෙමම ඉඳන් මගේ බෙල්ල අත ගාලා උන බලද්දි, මම ඉඳියේ ගැනගන්න බැරි තරම් වේගෙට පපුව ගැහෙද්දි..
මෙහෙම වුනේ කොහොමද? මම සහන් එක්ක එක ඇදේ? ඒ මදිවට තුරුල් වෙලා?
පැණිහදේ ගියපු ලමිස්සියෙක්ට වගේ මහ විකාර හෝන්තු ලැජ්ජාවක් මට දැනෙන්න ගද්දි, මගේ කට අද වැහිලාම තිබ්බා..
" මොකෝ සද්ද නැත්තේ.. ම්ම්? උබට තාමත් අමාරුයිද අදීර? කෝ හැරියන් මේ පැත්තට.. බලන්න මා දිහා.. "
සහන් මාව ඒකාගේ පැත්තට හරවලා මගේ මූනට එබෙද්දි සත්තයි මගේ හුස්ම නැවතුනේ නැති ටික විතරයි..
" මොකෝ මේ අද වක්කඩ කට වැහිලා ආහ්? ඊටත් මොකද උබ රතු වෙලා? "
" ඇ...ඇයි අපි මෙහෙම? "
" මෙහෙම කිව්වේ කොහොමද? "
" එක ඇඳේ? "
" ඇදවල් දෙකක් නැති නිසානේ.. "
බූරු සහන්!!!
ඒකා මගේ කොන්ඩේ අවුස්සලා හරි ලොකු දෙයක් කරා වගේ හිනා වෙද්දි මම ඒ පිරිමි පපුවට පාරක් ගහලා ආයෙම අනිත් පැත්ත පෙරලුනේ දැනිච්ච ලැජ්ජාව නිසා..
" තව ඩිංගිත්තක් ඇලවෙලා ඉදපන් අදීර.. මම කිරි කෝපි එක හදාගෙන එන්නම්.. "
" හ්ම්ම්.. "
" අදීර... "
" ම්ම්...? "
YOU ARE READING
හුළු අත්ත | Complete ✔
Non-Fictionහුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03