12 ☕

860 139 371
                                    

ඉල්මහේ ඉන්න නිසාද මන්දා මේ දවස් වල වටපිටාව හරී සීතයි..
ඔංචිල්ලාවට වෙලා උදේ ඉර පායනවා බලපු අපිට දැන් එවෙලෙට එලි බහින්න බෑ ඒ තරම් සීතලයි..

ඈතින් පෙනුන මුළු කදු යායම සුදු පාට මීදුමෙන් වැහිලා තියෙද්දි,
වෙනදට කඳු මඳුනේ අපේ වත්තට එන පොඩි පොඩි කුරුල්ලෝ, ලේන්නු එහෙමත් සීත නිවාඩු අරන් වහන් වෙලා උන්නා..

ඉතින් දැනුයි මට තේරෙන්නේ,
සීත කාලෙට මේ කඳු මුදුන හරිම පාලුයි!

මට සහන්ව දාලා යන්න වෙන්නෙත් මේ සීත කාලෙම වෙන එක ගැන හිතට නොසෑහෙන්න දුකයි..
ඒකා අපේ කෙල්ල එක්ක ඇත්තටම මේ කන්දේ තනි වේවී..

මම ආදරෙයි කියලා අදට සති දෙකක් වෙද්දි, මේ සති දෙකම අපි අනිත් කවරදාටත් වඩා සතුටින් ඉඳියා..
දෙන්නාම එකට ඉද්දි දැනෙන අමුතුම කෝලබවයි, බඩ කලතන කිතියයි එක්ක මම වෙනදාටත් වඩා මනෝ ලෝකේ සැරිසැරුවා හරිම සතුටින්..

වචන නොකලට මොකෝ සහන්නම් ඒ පපුව පිරෙන්නම මට ආදරේ දුන්නා..
ඉදලා හිටලා තොල් අගට දෙන හාදු, ආදරේ උතුරන වචන එක්ක ඒ දඩබ්බර හිත ගැන මගේ ආදරෙත් දවසින් දවස වැඩිවුනේ මටත් නොදැනිමයි..

" සහන්.. මම යන්න හදද්දිවත් උබ හිනාවෙලා ඉදින්කෝ.. ඔහොම මූන එල්ලන් ඉඳියම මම කොහොමද සහන් හිත හදාන යන්නේ.. "

" ..... "

" මම ඉක්මනින්ම එනවා.. උබ එක්ක සදටම මේ කන්දේ ජීවත් වෙන්න බලන් මම එන්නම්.."

අදයි යන්නේ කියලා ලක ලැහැස්ති වෙද්දි සහනා මූන අකුලන් පැත්තකට වෙද්දි සත්තයි මගේ පපුව හිර වෙන්න වගේ..
ඒකාව තනි කරලා යන්න හිත දෙන්නෑ වගේම, මාත් කොලඹ තනි වෙනවනේ කියලා මතක් වෙද්දි අමුතුම දුකක් දැනෙන්න ගත්තේ..

ඒත් එහෙමයි කියලා නොයා බෑනේ.. ලොකු අම්මා මහප්පා මන් වෙනුවෙන් ඉතිරි කරලා ගියපු ඒ දේවල් නිස්කාරනේ නාස්ති වෙලා යන්න දෙන්න බෑ.. ඒ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බකරපුවා ඉතිරි කරපුවා මට එහෙම නාස්ති වෙන්න දෙන්න බෑ... ඒවා හරියට බලාගන්න කෙනෙක්ට පිලියෙලක් කරන්න එපැයිනේ..

" චූටි කුකූ එක්ක මයේ අප්පච්චි පරිස්සමින් ඉන්න.. තනියෙම වැඩ කරන්න යන්න එපා.. උබට ඕනිනම් කන්දෙන් ගිහින් ආතා එක්ක ඉදින් සහන්.. "

හුළු අත්ත | Complete ✔ Where stories live. Discover now