15 ☕ ( අවසානය )

577 129 398
                                    

තද කොල පාට කඳු පන්ති වලට හරි හෙමීට රත්තරන් පාට තවරන් කඳු මැද්දෙන් ඉර පායන් එද්දි,
ඒ තරම්ම සීතල නැති ඒත් හරිම සැනසිලිදායක සිහිල් පවන් ගලන් ගියේ,
මම මොහොතකට ඇස් පියන් සැනසීමෙන් හුස්ම ගනිද්දි..

ලෝකෙටම සුවඳ අරන් පිපීගෙන එන,
පාට පාට මල් වල රොන් ගන්න එන සමනලයින්ට අද පාර වැරදිලා වගේ මා ලග බිම ඉදන් හිටපු චූටි කුකූගේ තෙත හොම්බට වහන්න අරන්..
අනේ ඒකාට වගේ වගක් නෑ ඔහේ ඉන්නවා තණ බිස්සේ වැතිරිලා..

ඔංචිල්ලාවේ වාඩි වෙලා යන්තමින් ඉස්සරහට පස්සට වෙවී මම වට පිටාවේ ලස්සන බල බල ඉද්දි, චූටි පුතාගේ ඇඩිල්ල ගේ අස්සෙන් ඇහුනේ මගේ මූනට හරි ලස්සන හිනාවක් එද්දි..

චණ්ඩියා ඇහැරිලා.. ඒ කියන්නේ අප්පච්චිගේ නින්දත් ඉවරයි දැන්!

කොහොමත් මගේ චූටි මැණිකට නිදා ගන්න මගේ හරි සහන්ගේ හරි උණුහුම ඕනිමයි..
සියුම් හඩින් තාලෙට ගැනු අයට වගේ නැලවිලි ගී කියන්න අපිට බැරි වුනත්, අපි දෙන්නටම පුළුවන් පපුවට තුරුල් කරන් පොඩි චණ්ඩියාව හරි ඉක්මනට නිදි කරවගන්න..

ඉතින් එහෙම නිදි කරවගන්න චණ්ඩියා පැය දෙක තුනක් තද නින්දට වැටෙද්දි, ආන් ඒ මැදියමේ පැය කීපය තමා අපි අපේ උණුහුම් පහස හොයන පැය කීපේ වෙන්නේ..
ආයේ ඉතින් අපේ රැහැයි පැටියා රෑ දෙගොඩ හරියේ අවදි වුනාම ඉතින් ඒකාට කිරි පොවලා ආයෙම අපි මැද්ද ඕනිමයි ඇහැ පියවන්න..

ඕන් ඔහොම ඉතින් මායි සහනුයි අපේ චූටි පැටියාට හොද අම්මෙක් අප්පෙක් වෙන්න නොසෑහෙන්න උත්සහ කරා.. නුහුරු නුපුරුදු දෙයක් වුනත් හරිම ආසාවෙන් අපි අලුත් අත්දැකීමට මූන දුන්නා..

" මම්..මා..මම්..මම්.. "

කල්පනා ලෝකේ ගිලිලා උන්න මගේ අවදානය හොරාගත්තේ,
සහනාගේ ආදරේ මගෙන් හොරා ගත්ත පුංචි හොර ගෙඩියා..
අපේ චූටි පුතා සඳූ..

" අම්මාගේ පන ඩිංග නැගිට්ටලානේ.. "

සහන්ගේ අතේ ඉන්න යන්තම් අවුරුද්ද පැනපු අපේ දඟ මල්ල ඈත ඉදන්ම මාව දැකලා කටින් සද්ද දදා හිනා වෙන්න ගද්දි,
සහන් මයේ උකුලෙන් අපේ පුතාව තියලා එහෙන්මම මගේ තොල් පෙති වලින් හාදුවක් තිබ්බා..

හුළු අත්ත | Complete ✔ Where stories live. Discover now