විශ් pov :
" ඒයි ! ඔහොම නවතිනව .. කොහෙද තමුන් යන්නෙ ? "
" අ..ප්පච්චි .. "
" අ..අ..අප්පච්චි නෙමේ තමුන් මේ ගෙදරින් එක අඩියක් එලියට තියල අහු උනොත් බලාගමු . දැන් අර මිනිස්සු ළඟ ලඟම එනව ඇති . ඇදුමක් දාගෙන ගිහින් ලෑස්ති වෙනව . "
" ශිට් "
කටත් ඇදකරගෙන මම පඩිපෙල නැගල කාමරේට ආවෙ කාමරේ දොර දඩාං ගාල වහගෙන . අප්පච්චිට ඇහෙන්නත් ඇති . ඇහුනත් මට මොකෝ . මේ කොහෙද යන කොට්ටොරුවෙක්ට තමන්ගෙ චූටි පුතාව බලෙන් බන්දල දෙන්න හදන එකට මම මේ හැසිරෙන විදිහට අපේ අම්මල තාත්තල මට මල් තියල වදින්න ඕනෙ . අනික අර ඇමේසන් වලහගෙ නපුරු මුස්පේන්තු මූන දැක්කම කවුද යකෝ ඌට කැමති වෙන්නෙ . අපෙ අම්මගෙයි තාත්තයි ඇස් දෙක පේන්නැතුව ගිහින්ද මන්ද ගමකට ගහන්න වගේ ඔරෝගෙන ඉන්න රිලා මොටෙක්ව ගමක් එලිය වෙන තරම රූපශ්‍රීයක් තියෙන මේ අහිංසක කොල්ලව බන්දල දෙන්න හදන්නෙ . කව්ද දන්නෙ මූ අම්මටයි තාත්තටයි වශියක් කවලද කියල . වෙන්න බැරි නෑනෙ අක්කර ගානක පොල් ඉඩමකයි කුරුදු ඉඩමකයි අනාගත උරුමක්කාරයනෙ මේ ඉන්නෙ . දෑවැද්දට තියෙන කුම්මැහිකමට තමා ඕකා මාව බදින්න මෙච්චර කටු කන්නෙ .
ඉදපන් ඉදපන් උබට මං අබරනව හොද ගුලියක් . ඒ දවස් වල මාව කෙල්ලෙක්ට නෙමේ කොල්ලෙක්ට තමා හරියන්නෙ කියල අම්ම හැමතිස්සෙම කියෙව්වෙම කව්ද හත්වලාමෙ හිතුවෙ අම්ම ඕව කියන්නෙ සීරියස් පිට කියල . ඒ බවක් දන්නවනම් මං ලේලි පොඩ්ඩක් ගේනවනෙ අම්මට . එහෙනම් යසට මං ඒකි එක්ක පව්ල් කාල මේ වෙද්දි බබාල හතර පස් දෙනෙක් දායාද කරල . කොහෙද අපෙ අම්මටත් කිසිම උවමනාවක් තිබ්බෙ නෑනෙ මට කෙල්ලෙක්වත් හොයන්න . අපෙ අම්මටත් ඕනෙ මාව අර කොහෙද යන කුම්මැහි පොලිස්කාරයෙක්ට බන්දල දීල මේ ගෙදරින් ඉක්මනට පිටුවහල් කරන්න . ඉව්ව් පගාකාරයො ඔක්කොම එකයි. ඕකුන්ගෙ මූන විතරයි වෙනස් . වරෙන්කො අද මනමාලය බලන්න තොට හෙප්පුවෙන් ගහල තමා මම එලවන්නෙ .
කබඩ් එක ඇරල කලු ශෝටට රතු පාර අත් දිහ ටීශර්ට් එක ඇඳගෙන මං කොන්ඩෙ චුට්ටක් අවුල් කරගත්ත . සීදේවි කොල්ල . සිරියාවන්තපාට ඉතිරෙනව .
YOU ARE READING
Bribery Husband ; )
Fanfiction+මොන වදයක්ද අයිසෙ .. එහාට වෙලා ඉන්නවකො ඇලෙන්නම එන්නෙ ..! -තමුසෙ ගාවට එන්නැතුව මට එහා ගෙදර අංකල් එක්ක ඇලෙන්න කියනවද මිනිහො ..! තමුසෙගෙ පොලිස් නීති මේ ගෙදරින් එලියෙ තියාගත්තොත් හොදා ... නැත්තන් මම නරක මිනිහ කියන්න එපා ..! +තමුසෙනම් මගෙ කරුමෙට ආව එකෙක්...