නෑයො වේයො කියල පුරාණ සෘෂිවරු කියල තියෙන්නෙ බොරුවට නෙමේ කියල මං තේරුම් ගත්තෙ හරියටම අද . නෑයො විතරක් නෙමේ නෑයොන්ගෙ පොඩි බඩුත් ඒකටම හරියන්න ඉන්නවනෙ . කසාදෙ ළඟ හින්ද අම්මගෙ පැත්තෙ නෑයො හෝ ගාල ගෙදර පිරෙද්දි මමනම් දවසට කාමරෙන් එලිබැස්සෙ නැත්තෙ ඕකුන් අහන රටේ නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න දෙන්න තරම් මගේ මනස දියුණු වෙලා නැති නිසා . අම්මනම් කීපසැරයක්ම එලියට එන්න කියල ගියත් අම්ම ගිය ගමන් මං කාමරේ ඇතුළෙන් ලොක් කරගත්තෙ අම්ම ඊලග පාර එන්නෙ ලොකු අම්මවත් එක්කගෙනමයි නිසා . ආයෙ ඉතින් ඒ ඇවිල්ල අර පගාකාරය ගැන නේ අහන්නෙ ඕකා ගැන මං දන්න ලබ්බක් නෑනෙ ඕක හෙන පගාකාරය කියල විතරයි මං දන්නෙ .. ඒත් ඉතින් මගෙ වෙන්ඩ මිනිහ පගාකාරයෙක් කියල නෑ සනුහරේ ඉස්සරහ ලැජ්ජ කරන්න බෑනෙ අනේ මට ..මොනා උනත් අනාගතේ මගෙ ලමයින්ගෙ තාත්තනෙ . ඉහික් මොනාද විස් උබ මේ හිතන්නෙ. සිහියට වරෙන් ..
අර තඩිය තාම ඔලුවෙ එහෙ මෙහෙ යනව දැනෙද්දි මං ඔලුව බදාගෙන කසන්න ගත්ත . අප්පගෙ තඩිය තොට හෙනම ගහන්න ඕනෙ මට මෙච්චර වද දෙනවට . අර කියනවත් වගේ මූසල පගාකාරයනම් මගෙ පූරුවෙ පවකට තමා ඇවිල්ල තියෙන්නෙ . මේ තඩි බෝවෙන්නෙත් අපල කාලෙට කියල අම්ම කියල තියෙනව ඉස්සර . තඩිය පිටින් දාල හරි කසාදෙ නවත්තන්න බැරි වෙයිද දන්නෑ ...
" ටොක් ..ටොක් ..ටොක් ..සුදු මැණික උඹ කාමරේද බන් ..? "
" සුදු මැණික කාමරේ ඔය මැණික ආපහු ආ අතක් බලාගෙන පලයන් .."
ඇයි අනේ එහෙම මේ හිතුමනාපෙට සමාව දෙන්න පුළුවන්ද යාලුවෙක්ට උනත් . මට අමතක නෑ මුන් දෙන්න ඊයෙ මාව අර පගාකාරයට පාවල දුන්න හැටි . මාතර කෙබරය තූහ් නෙදකින් . දැන් මොන ලබ්බටද දන්නෑ ආවෙ . අනිවාරෙන් දවල් බත මෙහෙන් ගන්න තමා කාලකන්නිය ඇවිල්ල තියෙන්නෙ. පෙරේත නරිය ඕකට කෑම නම් යාළුවත් එපා . මමනෙ දන්නෙ මාතර කෙබරයගෙ තරම ..
" අනේ සංකොටේ මේ දොර ඇරපන්කො .. උබේ අම්ම දකින්න කලින් මාව මේ දොර ඇරල ඇතුලට ගනින්කො බන් . උබේ ලොකු අම්ම ගිය පාර වගේ මාව ඒ ගෙදර බෑණ කරගන්න හැඳුවොත් අම්මපා මම පනිනව ගගේ ඈ .. මට බෑ අර ලොරි බාගෙ කසාද බදින්න ..."
YOU ARE READING
Bribery Husband ; )
Fanfiction+මොන වදයක්ද අයිසෙ .. එහාට වෙලා ඉන්නවකො ඇලෙන්නම එන්නෙ ..! -තමුසෙ ගාවට එන්නැතුව මට එහා ගෙදර අංකල් එක්ක ඇලෙන්න කියනවද මිනිහො ..! තමුසෙගෙ පොලිස් නීති මේ ගෙදරින් එලියෙ තියාගත්තොත් හොදා ... නැත්තන් මම නරක මිනිහ කියන්න එපා ..! +තමුසෙනම් මගෙ කරුමෙට ආව එකෙක්...