02.

366 67 57
                                    

"අනේ පැංචො ... "

" අනේ යකෝ අහකට පලයන් ...! එපා ..! උබෙයි මගෙයි සම්බන්ධෙ අදින් ඉවරයි ....! "

" අන්න හරි සචී .. කතා කරන්න එපා මූත් එක්ක ..."

"අනේ අනේ සුදු මැණික මේ අහපන්කෝ ... මගෙ මණික්කැටේට තරහ ගිහින්නෙ .. අනේ මේ බලන්න මගේ හූචි කුචයියට ඩෝං ගිහින්නෙ .. "

"නෑ නෑ මම උබත් එක්ක තිබ්බ සියළු සමීප සම්බන්ධතාවලට තිත තිබ්බෙ ඊයෙමයි .. ආයෙ මගෙයි උබෙයි අතර කිසිම සම්බන්ධයක් නෑ .. කතාකරන්න එපා මාත් එක්ක .. "

" ඔහොම යමු සචී ... මූ එසේ මෙසේ වැරැද්දක් නෙමේ කලේ .."

" ඔන්න ඕක තමා ප්‍රශ්නෙ .. කරන්න බෑනෙ ඉතින් ... "

" උබ .. මේ අහපන් .. උබ නිකමටවත් කිව්වද ගෙදරින් උබට මඟුලක් කතා කරපු එක ගැන .. ආ කෙල බිඳක් හෙලුවද මාත් එක්ක , මූ එක්ක .. නෑ ..එකම කලිසම මාරු කරගෙන ඇන්දෙ අපි .. එහෙව් එකේ උබ මෙච්චර ලොකු දෙයක් අපෙන් හැංගුව .. උබ .. නෑ නෑ මේ අහපන් මං කියන එක අහල ඉඳපන් ... උබ අර පොලිස්කාරය එක්ක හනිමූනුත් ගිහින් ලමයෙකුත් හදල ඉවර උනාමද අපිට ඕක කියන්න හිතුවෙ .. නෑ නෑ කටක් හොල්ලන්න එපා .. සහීර් අහපන් උබත් අහපන් කටවහන් ඉන්න එපා ... උබ මම මූ රෙද්දෙ රෙවාගන්න කාලෙ ඉදන් එකටමයි හිටියෙ සහීර් උබට මතකද ..? මූ සබන් කෑල්ලක් #කේ හිරකරගත්ත කාලෙ මම මේ මම තමා ඒක අයින් කලේ .. එහෙව් කරපු මටයි මූ මේ තරම් දෙයක් හැංගුවෙ ..."

" සචී අහපන් .. මේ අහපන් සහී .. මම හිතුවෙ නෑ යකෝ මේක මගුල මෙච්චර දුර දිග යයි කියල . මම මේ ලබ්බ සතේකට ගනන් ගත්තෙ නෑ යකෝ .. මටම තාම හිතාගන්න බෑ මං අර පගාකාරයව කසාද බදින්න යනව කියන එක .. සචී මේ අහපන් රත්තරං අම්මපල්ල මං මේක ඒතරම් සීරියස් ගත්තෙ නෑ පණ ඩිංග ... "

" දැන් එතකොට සීරියස්ද ..? "

" දැන් එතකොට ඔය මඟුල ස්තීරද ...? "

මං බෑග් එකේ පටිය අඹරන්න ගත්ත . මුස්පේන්තු පගාකාරයගෙ මූන මතකයට එන ගානෙ එන ගානෙ ඕකට හෙනම ඉල්ලලමද කොහෙද උදේ බස් එකට නඟිද්දි ෆුට්බෝඩ් එකේ ලිස්සල වැටිල හොක්ක ඇනුන . ආයෙ හොස්පිට්ල් එකට ගිහින් ඒකෙ හිටිය ලස්සන ම නර්ස් අක්කට කියල බෙහෙතුත් දාගෙනමයි කැම්පස් ආවෙ .. ඒ එද්දි ලෙක්චර් එක පටන් අරන් පැය භාගයක් වෙද්දි ලෙක්චර්ගෙන් කුණු බැණුම් අහගෙන තමා නතර උනේ .. මුස්පේන්තු පගාකාරය තොගෙ අහවල් අවයවේ යකාම කාපන් ..

Bribery Husband ; )Where stories live. Discover now