07.

186 52 68
                                    


කොටුඋනා . මාව කොටු උනා . කව්ද කින්ද මන්ද නොදැන මූන වහගෙන කලු පාට වෑන් එකෙන් බැහැපු මනුස්සය මට වාහනේට නගින්න නැත්තන් බලෙන් වාහනේට දාගන්නව කියල නොකිය කියද්දි කොච්චර බැන්නත් පගාකාරයගෙ මූන මගේ ඇස් ඉස්සරහ ඇදිල මැකිල ගියා . දුවන්න වෙන පාරක් ඇත්තෙත් නෑ . කෙටි පාරෙ දෙපැත්තෙන්ම මාව හිර වෙලා . කෝල් එකත් කට් උනා . එකපාරට සිද්ද උන දේට ක්ශනික ප්‍රතිචාර දක්වන්න තරම් මං දියුණු නැතිවෙද්දි මං අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ තාප්පෙට නිසා මට යන්න තව තැනක් ඉතුරු නොවෙද්දි .. මං ෆෝන් එක සාක්කුවට දාගත්ත .

මගේ ඉඩම් නෙමේ අවයව ටිකත් උබටම ලියල දෙන්නම් බේරගන්න වරෙන්කො කියල හිත කෑගද්දි මූන වහගත්ත උසමහත මිනිහ මං දිහාට ආවෙ මගෙ පපුව වේගෙන් ගැහෙද්දි උනත් ,

" අහ්ව් ! "

ක්ශනිකව අත්මිටි කරල වේගෙන් ගහපු පාරට මිනිහගෙ තොල පැලිල අඩියක් පිටිපස්සට ගියා . මිනිහගෙ රියැක්ශන් එකෙන්ම තේරුනේ මිනිහ මගේ ක්ශනික ප්‍රතිචාරයට පුදුම කියල වෙද්දි මං ඇහිබැම උස්සල මිනිහට හිනා උනේ කට පැත්තට කරල ..

"කවුද උබල ? මොනාද උබලට මගෙන් ඕනෙ ? "

පැලුණු තොල ඇඟිල්ලෙන් පිහිදන ගමන් මිනිහ මං දිහා බලල හිනා උනේ ඔච්චමට වගේ .. කොච්චර උනත් පගාකාරය ඔහොම හිනාවෙද්දි මට ඔච්චර කේන්ති යන්නෑ ඒ උනාට මේ කොහෙවත් යන පොල් බූරුවෙක් මාව කිසිම හේතුවක් නැතුව කිඩ්නැප් කරන්න ඇවිල්ල ඔච්චමට හිනා වෙද්දි තොල නෙමේ අහවල් එක තැලෙන්න පාරක් ගහන්න හිතුන මට ..

කාටත් හොරෙන් පැත්තට එල්ලගත්ත බෑග් එක ලගට මගෙ අත යද්දි තට්ට පගය එහයින් නවත්තල තියෙන බයික් එක දිහා බැලුව .

" මහත්තය , මහත්තය එක්ක ගහගන්න ඕන්නෑ අපිට.. අපෙන් මහත්තයට කිසී කරදරයක් නෑ . බබා වගේ වාහනේට ඇවිල්ල නැග්ගොත් ලේ හැලෙන සෙල්ලම මෙතනින් නතර වෙයි... ඒක මහත්තයටත් හොදයි අපිටත් හොදයි ..."

තට්ට පගය උගෙ කෙස්ගහක් බෙහෙතකටවත් හොයාගන්න නැති ඔලුව අතගගා කියද්දි මං ඇස් කැරකුවෙ බේරිලා යන්න ක්‍රමයක් හොයාගන්න . ඔව් ඔව් මරන්න එක්ක යනව කියල කියල එක්ක යන්නෑනෙ . අපිනම් තෙමෙයි වැස්සට .. තට්ට පගයට රැව්ව මං උගෙ අවදානෙ බයික්කාරයට ගිය ක්ශනික බෑග් එකෙන් ඇදල ගත්ත පොකට් නයිෆ් එක අතකට තද කරන් මගෙ ඉස්සරහම තිබ්බ බිත්තියට පැනල වටයක් කැරකිල අරූගෙ අතක් කැපිල යන්න ඇදල දැම්ම ..

You've reached the end of published parts.

⏰ Last updated: 18 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

Bribery Husband ; )Where stories live. Discover now