ඊයෙ රෑ ඉදන් මේ සාපකාරී මඟුල කඩන්න විදිහක් කල්පනා කර කර ඉදල පාන්දර තුනයි ගානට මැරිල වගේ නින්ද ගිහින් තියෙද්දි ආයෙ උදේ හය වෙද්දි ඇහැරුනා . පගාකාරය මගෙ මුළු නින්දම නැති කරල . ඒ මදිවට ඌ මගෙ හීන අස්සටත් රිංගල . ඌටනම් මහසෝනම ගහන්න ඕනෙ ආතල් එකේ හිටිය මගේ ජීවිතේට ආවට අම්මපා ..ඇයි යකෝ මොන කෙහෙක් මලක්ද කියපන්කො ඇස් දෙක පියාගත්තත් ඒ මුස්පේන්තු මූනමයි පේන්නෙ . රෑකට දැක්කොත් බය වෙලා මැරෙන්නෙ ඒ තරම් ඒ මූණෙ හිනා කලදක් නැ . ක්රෑහ් තුහ් ...
නිදිගැට කඩ කඩ ගම් හතක් පාළු වෙලා යන්න ඈනුමක් ඇරල මූනකට සෝදන් එද්දි සුපුරුදු වාහනේක සද්දයක් ඇහිච්ච හින්ද ජනේලෙන් ඇහැ දාල මේ මල පාන්දර අපගේ දේව භූමියට සම්ප්රාප්ත වූ පුලුටු යකා කව්ද කියල බැලුව විතරයි මුස්පේන්තු පගාකාරයගෙ වන්ඩිය දැක්ක මගෙ කටින් හොද හොද සංවර වචන පෙළක් පිට උනා .
මං කිව්වෙ මං කිව්වෙ මූනම් මගේ නිදහස් සාමකාමී ජීවිතයට ආව කලවැද්දෙක් කියල . එහෙ බැලුවත් පගාකාරය මෙහෙ බැලුවත් පගාකාරය කොහෙ බැලුවත් පගාකාරයගෙ පුලුටු මූනම පේද්දි මං අර මාතර කෙබර පැටිය එක්ක ගිහින් හෙන ගේමක් දීල අරන් ආව කුඩු ටික සාක්කුවකට දාගෙන ශේප් එකේ පඩිපෙල බැහැගෙන ඇවිල්ල අන්තිම පඩියෙන් ඉදගත්තෙ කාටවත් නොපෙනෙන්න ..
"දැන් එතකොට අයිය ඇයි මෙච්චර කසාදෙ ඉක්මන් කරන්නෙ ? ඇරත් පොඩි එකා තාම ඉගෙන ගන්නව . බැදල ඔය ගෙවල් වලට ගියාට විශ් කියන්නෙ පිට ගෙදරක නැවතිලා ඉදල පුරුද්ද තිබුණු කොල්ලෙකුත් නෙමේනෙ ...."
ඔය තියෙන්නෙ ඔය තියෙන්නෙ . ලොකු අම්මට විතරයි සුදු පුතාගෙ හැඟීම් තේරුණේ . මේ ගෙදර ඔක්කොගෙම හිතේ තියෙන්නෙ මාව අර පුලුටු පගාකාරයට බන්දල මේ ගෙදරින් පිටකරන්න නෙ . මට තේරෙනව මට තෙරෙනව ඉන්නකම් අගේ නෑ මං මේ ගෙදර නැති කාලෙට තමා ඔය කාට කාටත් මගේ අගේ තේරෙන්නෙ . එතකොට ඉතින් පෙරහැර ගිහින් තියෙයි ...
" මේ වෙන දේවල් එක් ...... ආ යුදේශ් පුතා ... මොකෝ මේ අවේලාවේ ....අද පුතා ඩියුටි නැද්ද ...? "
" නෑ මාමෙ. මං පොඩ්ඩක් මාම එක්ක කතා කරන්න ආවෙ "
පගාකාරය ඇවිල්ල තිබ්බෙ යුනිෆෝම් එකෙන්මයි . බොරු ඕන්නෑනෙ මිනිහ හැන්ඩිය . කෙල්ලො පිස්සු වට්ටන කදකට හිමිකම් කිව්ව හැබැයි මිනිහ ආයෙ ඒ ගැනනම් කිසිම සැකයක් නෑ . කොල්ලොන්වත් පිස්සු වට්ටනවද දන්නෑ මමනම් පිස්සු වැටුනෙ නෑ ඇත්ත කියන්න එපැයි . අපි හොයන්නෙ හිල් මිසක් ඇන්ටනා නෙමේ කොහෙද අපේ අප්පච්චිට තේරෙන එකක්යෑ . මාව මේ පුලුටු මුස්පේන්තු පගාකාරයෙක්ට බන්දල දීල මං වගේ ලස්සන කොල්ලෙක්ගෙ ජීවිතේ නිකරුණේ නාස්ති කරන්න අපේ අප්පච්චි කොහොම හිත හදාගත්තද කියල මටනම් තාම තේරුම් ගන්න බෑ ..
YOU ARE READING
Bribery Husband ; )
Fanfiction+මොන වදයක්ද අයිසෙ .. එහාට වෙලා ඉන්නවකො ඇලෙන්නම එන්නෙ ..! -තමුසෙ ගාවට එන්නැතුව මට එහා ගෙදර අංකල් එක්ක ඇලෙන්න කියනවද මිනිහො ..! තමුසෙගෙ පොලිස් නීති මේ ගෙදරින් එලියෙ තියාගත්තොත් හොදා ... නැත්තන් මම නරක මිනිහ කියන්න එපා ..! +තමුසෙනම් මගෙ කරුමෙට ආව එකෙක්...