ඇඟේ හැප්පුන විනිල් මැණික්කාරයටත් බැන බැන ආවේ නිදාගන්න කියලා..කොහෙද ඉතින් සූටි බබාට සුට්ටිත්තක් නිදාගන්න දුන්නෙ නෑනේ අපේ මව්යානාව.එයාගේ ළිඳ ළඟ සංගමේ ඇන්ටිලා රොත්තකට මාවයි සෙවලයයි පෙන්වන්න ඕන වුණානේ...ඇරත් අනේ සෙවලයා මාත් එක්ක ආයේ ආවේ නැති නිසා මේ මර උගුලට බෙල්ල තියන්න වුණෙ මට අප්පා..ඔයාලම කියන්නකෝ අනේ අපේ මොනා කියලා බලන්නද මලෛකාර අප්පා..🙂
අම්මි එයාගේ කාන්ත නඩේට අපිව ඉන්ට්‍රඩියුස් කරනකම්ම මගෙ වැඩෙ වුණේ හතර අතට බෙල්ල දික් කර කර කෑමක් හොයපු එක..කොහෙද ඉතින් මේකේ ඉන්න එකෙක්ට ආසාවට මට මොනා හරි ළඟට ගෙනත් දෙන්න බෑනේ..ඉඳපල්ලකෝ හෙට ඉඳන් මන් මෙතනට එනකම්..එතකොට බලමුකො මට කන්න නොදී ඉන්න හැටි..චූචි බබා හෙන වසයි මේම හිටියට..😒
"චූටි බබා මේ ඉන්නේ වසූදා ආන්ටි..අම්මිගෙ හොඳම යාළුවා..සතියකට කලින් තමයි එයාලා ලංකාවට ආවේ..සිංගප්පූර්වල තමයි හිටියේ..."
අඩෙහ් අප්පා..මෙයාද අපේ අම්මිගේ බෙස්ට් ෆ්‍රෙඩා.ම්ම් ම්ම් ආන්ටිට දුවෙක් නැද්ද දන්නෙ නෑ අපේ සෙවලයට ජෝඩු කරලා එ කරදරෙන් නිදහස් වෙන්න..නෑ ඉතින් ඔයාලම කියන්නකො එක කුස උපන් සහෝදරයා වශයෙන් මන් මේ කරන්න යන්නෙ සමාජ සේවයක් නෙවේද කියලා..සෙවලයට කෙල්ලෙක් හෙවීමේ මහා සමාජ සේවෙට මුලපුරන්න ඕනි හින්දම මන් මගෙ බනී දත් දෙක පේන්න සිරික්කිය දාලා හායි කීවා..නැතුව බෑනෙ අනේ සිනාබෝවේවා කියලා තමයි කපුකම කරන්න පටන් ගන්න ඕනි..
" සනූ මගේ කොලුපැටියා සෑහෙන්න ලොකු වෙලානේ..හරිම පින්පාටයි..මන් රට යනකාලේ ඕනි නම් කොල්ලට අවුරුද්දක් විතර ඇතිනෙ...මට අපෙ සුද්දිව ලැබෙන්නනේ.."
ආ සනූ කීවේ අපෙ අම්මිට..අමිගෙ නම සනූජානේ ඒකයි ඒ සනූ කියන්නේ....බලන්න ඒ ආන්ටි කොච්චර හොඳද කියලා..මගෙ මූණත් අත ගාලා ආදරෙන් කතා කරානේ..කොහෙද ඉතින් අපේ ගෙදර අයට මගෙ වටිනාකම තේරෙන්නෙ නෑනෙ..ඔන්න ඔහෙ සෙවලයට කෙල්ලො හොයන එක පැත්තක දාලා ආන්ටිගෙ ළමයෙක්ව මන් සෙට් කරගන්නවා..සෙවලයට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑනේ කොහොමත්..
"චූටි බබා ගිහින් ලොකු බබාට එන්න කියන්න...අක්කි ඉන්නවා නම් අක්කිටත් එන්න කියන්න හොඳේ.."
YOU ARE READING
Twinkle Twinkle ( Slow update )
Romanceසවී බබාට දඟ වෙන්න බැරිද මන් ඉස්සරහා විතරක්.🤍