"චූටි බබා..."
"ම්ම්.."
"චූටි බබා.."
"ඇයි වදේ.."
"වදේ..ඈ චූටි උබලාට දැන් අපි කතා කරන එක තමයි වදේ වෙන්නේ නේද..උදේ පාන්දර මගෙන් වතුර පාරක් කන්නෙ නැතිව නැගිටලා එනවා පහළට.😡."
"තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ අම්මි.."
"අනේ මෙ චූටි බබා විගඩන් නැතුව නැගිටලා එනවා ඊයේ හතට විතර නිදියපු පිම්ම නේද මේ නවය දහය වෙනකම් පස්ස උඩ දාන් නිදාගන්නෙ.😡."
අයියෝ අප්පා දැන්ම නැගිටින්න බෑ අයියෝ..ඔයාලාගෙ අම්මිලත් මෙහෙමද අනේ..උදේ පාන්දරට ඇවිත් ගිරිය කඩන් කෑගහනද....බලන්නකෝ ඉතින් ඕම කෑගහන්න හොඳයිද කියලා...මේ පැත්තේ ගෙවල්වල මිනිස්සු නම් අනිවා බය වෙනවා අපේ අම්මිට යකෙක් වැහිලා කියලා..
දැන් ඔය කෑගහන්නෙ ගොඩක් නිදාගත්තා කියලනේ.බලන්නකෝ ඉතින් චූචි බබා සපාන් එකේ හීනයක් දැක දැකනෙ හිටියේ..කොහෙද ඉතින් අපේ අම්මිටත් මගෙ නින්ද තමයි අවුල.මෙයා හොටෙල් එකට යන්නෙ නෑ කියන්නෙ එදාට චූචි බබාගේ නින්ද ලෙප්ට් වෙනවාමයි..අහෝ දෙවියනී මා මේ කෲර ලෝකෙන් පැහැර ගනියව්......😑
"චූටි බබා මන් ආයේ කියන්නෙ නෑ.😡.."
"හරි හරි අනේ නැගිටින්නම්..ඕකට ඔහොම බෙරිහන් දෙන්න ඕනිද."
ගෙම්බෙක් වගේ හතර අතේ දාගෙන ඉඳපු අත් කකුල් හතරත් අමාරුවෙන් යථා තත්වෙට අරගෙනම නැගිට්ටා අප්පා..මන් තව ටිකක් දොයියෑවොත් අනිවා අපේ මව් යානාව ඇවිත් මගෙ ඔලුවේ ඉඳන් වතුර එකක් හලනවා..😒
YOU ARE READING
Twinkle Twinkle ( Slow update )
Romanceසවී බබාට දඟ වෙන්න බැරිද මන් ඉස්සරහා විතරක්.🤍