Episode 08

28 4 35
                                    

"අම්මියේ..😁.."

"ම්ම්..."

"අම්මියේ...😁."

"ඇයි...."

"අම්මියෙ...😁."

"මොකද චූටි බබා මොකද..කොයිවෙලෙත් අම්මි අම්මි ගාන්නෙ..මේ මෙතන ඉන්නවා පේන්නෙ නැද්ද.😡.."

"ම්හුක්..ඉතින් බනින්නෙ..චුට්ටක් අවධානේ ඉල්ලුවාම..අවධානේ දීපියල්ලකෝ..😑."

"මගෙන් කොසු පාරක් නොකා යනවද මෙතනින්😡..."

ඔයාලා බය වුණාද අනේ..බය වෙන්න එපා ඒයිලා .මන් මේ සුට්ටක් අවධානෙ ගන්න ඇවිල්ලා කොයිවෙලෙත් පුපුරන්න බලන් ඉන්න ගිනි කන්දක් එක්ක සාමගිවිසුමක් ගහන ගමන් ඉන්නෙ..වැඩේ කියන්නෙ ඒ ගිනි කන්ද එසේ මෙසේ එකක් නෙවෙනෙ..ඔයාලට පේනවනේ පුපුරන පිපිරිල්ල..මේ ඔක්කොම ඉතින් අහිංසක හින්දානෙ හුම්ම්...😑😑

"අම්මියේ ඔයාට මතකද ලොකු නැන්දිලාගෙ පොඩි එකා.."

"මොකද මට මතක නැත්තෙ අර කටින් ලෝකේ අල්ලන්න යන එකානේ..."

හේ හේ ඔන්න ඔන්න චූටි බබා ගිනි කන්ද එක්ක සාමගිවිසුමේ පලවෙනි එක දැන්මා..ඒ මොකක්ද දන්නවද..තාත්වික විදිහට තාත්තිගේ පැත්තෙ ඈයොන්ට බැනීම..ආයිශ් ඔයාලට කියන්න අනෙ මටයි අම්මිටයි ඕකුන් පේන්න බෑ අනේ...ඇති දේකුත් නෑ ඒ වුණාට කියවන්නෙ නම් ඇමරිකාවේ ජනාධිපතිගේ පවුලෙ  උන් කියලා හිතන්..තාත්තිගෙ පැත්තෙ ඉන්න උන් ඔක්කොම ඔය වගේ...😑

"ඔව් ඔව් ඒ පොඩි එකා තමයි..."

"ඉතින් ඉතින් මොකක්ද ඒකා මේපාර කරලා තියෙන අසමජ්ජාති වැඩේ . "

සැක්..අපේ අම්මිටත් ඉතින් කෝප්පයක් කීවොත් වෙන මොකුත් ඕනි නෑ.කර කර හිටපු වැඩෙත් දාලා දැන් මේ මන් එක්ක කියවන්නේ..ඒ වුණට අනේ ඕකුන්ට මෙහෙමවත් බනින්න ඕනෙ..ඒ කාලේ ඉඳලම ඕකුන් අපිට කරේ ඇද කරන එක..😑

මට මතකයි මන් ඒ ලෙවල් කරන කාලේ ඔය පොඩි  කුපාඩියාගේ කටේම තිබ්බෙ කැම්පස් ගියාට වැඩක් නෑ..වයස යනවා විතරයි..ඊට වඩා ජොබ් එකක් කරන්න පුළුවන් යැයි යැයි තමා..ඒකටම හරියන්න ලොකු නැන්දි..පුදුම ඊරිසියාකාර හැත්තක් අප්පා..😑


You've reached the end of published parts.

⏰ Last updated: 3 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

Twinkle Twinkle ( Slow update )Where stories live. Discover now