Episode 06

38 6 26
                                    

"බනී..."

ඔයාලා හිතන්නෙ මට කවුරු කතා කරන්න ඇති කියලද..වෙන මොකාද අනේ අර මැණිකේ මිසක්..උසට උසේ පොල් ගහක් වගේ හිටගෙන සිරික්කිය දාගෙන ඉන්නවා...මොනා වුණත් අප්පා මේකා හරි හැන්ඩ්සම් අනෙ..ගෙදර උස්සන් යන්න හිතෙනෝ මට...

"බනී මං ලස්සනයි කියලා නම් හැමෝම කියනවා  "

සිකේයියා..හතර විලිලැජ්ජාවේ බෑ යකූ මේකා මේක කියනකම්ම මන් ඉඳලා තියෙන්නෙ මුගෙ මූණ කන්න වගේ බලාගෙනද..මේම නම් බෑ චූචි බබා..උබ මේ දවස්වල මූ ඉස්සරහා ලෙසටම ඇඳගෙන නානවා..වෙච්ච ලැජ්ජාව වහ ගන්නත් ඕනි එකේ උගුර ටිකක් පාදලාම කතා කරන්න ඕනි..

"ඉතින් මට මොකො කවුරු මොනවා කීවත්.."

"ඒකනේ නේද බනීට වැඩක් නෑනෙ කවුරු මොනව කීවත්..."

"ඔව් මට වැඩක් නෑ තමයි..."

"ඔය කතාව හැමදේටම වලංගුද බනී..."

මූ මේ මොනාද  අනේ අහන්නෙ..මන් කීවේ මුගෙ ලස්සන ගැනනේ..අනේ මන්දා මටත් කොහෙන් ගියත් සෙට් වෙන්නේ නට්ලූස් ඩයල්නේ..චූචි බබාට වගේ මොලයක් මුන් එකෙක්ටවත් නෑනේ බලන් යද්දි...

"මොනාද අප්පා කියවන්නෙ..."

"මොකුත් නෑ මොකුත් නෑ...බනී ආවේ කකුලට බෙහෙත් දාගෙන යන්නද.."

"නෑ අනෙ මේ දවල්ට උයන්න වට්ටක්කා අරන් යන්න.."

මොනා අහනවාද මන්දා අනෙ...ඇත්තමයි අනේ මට මේ වගේ වෙලාවට තමයි හොදම එකෙන් නහින්නෙ..අපේ සෙවලයාට හපන් මෝඩයෙක්නෙ මූ...

"අපේ අයියා වට්ටක්කා විකුණනවා කියලා මන් අදමයි දන්නෙ.."

හෑ මොකක් කීවා..අයියා මේ අපෙ ඩොක්ටර් කියන්නෙ මැණිකාගෙ අයියාද..නෑ වෙන්න බෑ..චූචි බබා දැක්කෙ නෑනේ වෙඩින් එකේදිවත්..හරිනේ ඉතින් වෙඩින් එකෙන් දකින්න අපි ගියාවැයි ඒකට..ඇත්තමට මැණිකාගෙ අයියාද අයියෝ ඒ..හනේ මගෙ සුකුටුබුකුටු ඩොක්‍ටර් අයිය..

" මොකක්ද මැණිකෝ කීවේ..මේ අපේ ගිම්හාන් අයියා ඔයාගේ අයියාදමැනිකෝ ඈ ඒ අයියාද..චූචි බබාට බොරු කියනවා නෙවෙනේ....."

Twinkle Twinkle ( Slow update )Where stories live. Discover now