"කොහෙද ඉතින් මන් හැමදාම කියනවා පරිස්සමෙන් වැඩ කරන්න කියල..මන් කියන දෙයක් කිසි කෙනෙක් කනකට ගන්නෙ නෑ...මසල් පෙරලිල නැවතුණා මදැයි..කකුලක් අතක් කඩාගන්නකම් තමයි මෙයා මේ නටන්නෙ..අවුරුදු විසිහතරකුත් වෙලා තාමත් දාංගලේ අඩු වෙලා නෑ..ඇත්තමයි චූටි බබා ආයේ අහරේ මෙහෙ නටලා අණ්ඩක් කඩා ගත්තොත් හොස්පිට්ල් එහෙක නවත්තල දාලා එනවා මන්.."
"අයියෝ සනූ ඇති ඔය කෑගැහිල්ල.දැන් කොච්චර වෙලාවක ඉඳන්ද ඔයා චූටි බබාට කෑගහන්නේ..කෑගහලා කෑගහලා ඊළඟට ලෙඩ වෙනවා ඔයා...."
"අනේ මේ නලින් ඔයාටත් මගෙ කට තමයි දැන් මෙතන ප්රශ්නෙ වෙලා තියෙන්නෙ.මෙයා මොනා හරි කරගෙන ආපු දවසට තමයි ඔයත් මගෙන් අහගන්නෙ...අප්පලා පුතාලා ඕනි දෙයක් කරගන්න එකයි මමනෙ දැන් වැරදි මෙතන.."
ඔයාලා බලනවා නේද මේ මොකද කියලා..වෙන මොකුත් හින්දා නෙවෙයි අනේ..චූචි බබා පොළව ඉඹින්න ගියා ඔයාලට මතකනේ..අන්න ඒකට තමයි අපේ මව් යානාව ඔය ෆයර් වෙලා තියෙන්නෙ..අපි හොටෙල් එකෙන් එද්දි රෑ වුණා ඉතින්..අම්මිට හොරෙන්ම රෑටත් කාලා එයාලා එනකම්ම මන් කාර් එකට වෙලා ශේප් එකේ හිටියා අම්මිට නෝට් නොවී.. ගෙදර ආවට පස්සේ තමයි ඉතින් ලෙඩ කීවේ..එතන ඉඳන් තමයි ඔය පැය ගාණක් බනින්නේ...දැන් රෑ දහයටත් කිට්ටුයි ඒයිලා...මහ රෑ යක්කු කෑගහනවා කියල හිතනවා ඇති අහළ පහළ ඉන්න අය...😵
බලන්න අනේ ලෙඩෙක්ටවත් කනක් ඇහිලා ඉන්න නෑනේ..අපේ අහිංසක තාත්ති අවුරුදු තිස් ගාණක් කොහොම හිටියද මන්දා මෙ කච කචෙ එක්ක....අම්මෝ ඔය ටකරන් වගේ අයව බඳින්න හොඳම නෑ අනෙ..නෑ ඉතින් මැරෙනකම්ම ඒක අහන් ඉන්නවා කියන්නෙ ඔයාලම හිතන්නකෝ කොච්චර අමාරුද කියලා...ewwww😑
අප්පටසිරි ටකරන් කියද්දි මතක් වුණේ..අර විනිල් මැණිකත් හොයන් ඉන්නෙ ටකරමක් නේ..හොඳ වැඩේ හැබැයි මාව දූසනෙ කරන්න හදපු හින්දා උට හම්බ වෙන්න ඕනි ටරමක්ම තමා..ඉන්නෙ නැතෑ ටකරන් වොයිස් එක අහගෙන..මන් නම් කියන්නෙ ඕකට හනිමූන් එකේදිවත් කනක් ඇහිලා ඉන්න හම්බවෙන්න හොඳ නෑ..😒
![](https://img.wattpad.com/cover/377694381-288-k450107.jpg)
YOU ARE READING
Twinkle Twinkle ( Slow update )
Romanceසවී බබාට දඟ වෙන්න බැරිද මන් ඉස්සරහා විතරක්.🤍