" මගේ මල්.....ලි බබා ආවා නේ එහෙනම් . හ්හ්හා... මම දැනන් හිටියා ..හික් .... අරූගේ නම කිව්ව ගමන් ඔයා එයි කියලා . උඔ ඉතින් ලෙවින්ගේ වස්තුව නේ... හික්... නේද "
රෙහාන් එහෙම කියාගෙන කකුලෙන් ම ගබඩා කාමරේ දොර වැහෙන්න පයින් පාරක් ගැහුවාම ඌ දිහා බලන් හිටිය මම නිකන් ම ගැස්සිලා ගියා ..
උගේ ඇස් රතු වෙලා යකෝ . මොනා නැතත් බීලා තියෙන්නේ නම් එසේ මෙසේ බීමක් නෙවේ ද කොහෙද ..ම්හුක්...මට ඔය ජරාව පේන්න බැරි ඕකනේ අප්පා .
හනේ ඒ අස්සේ හබියාත් කොහෙද මන්දා සාන්තයියේ . අනේ අයියා මැණික... මාව බේරගනින් කෝ හබ්බෝ...
" මල්ලි බබා ... මොකෝ කතා නැත්තේ ආහ් ...."
අනේ මේ , මූකලන් කැලේ හිපාටු කටුස්සෝ ... උඔ මගෙන් දැන් නම් සුද්ධ සිංහලෙන් අහන්න තමා යන්නේ හොදේ . කතා නැත්තේ මට කතා කරන්න බැරි නිසා නෙවේ යකෝ . උඔ වගේ කටුස්සෝ මූණට මූණිච්චි වුනාම කටට එන වචන ටිකත් පුපට දුවන හින්දා ..හුම්...
කැහැටුස් මගේ ලගට ම ඇවිත් එහෙම ඇහුවාම මම උට හොද රැවිල්ලක් දැම්මා . ගොන් කටුස්සා .
" මට බොස් එක්ක කතා කරන්න තරම් දෙයක් නෑ රෙහාන් බොස් . සොරි . මට දැන් යන්න ඕනේ "
හහ්... මම බය වෙයි ඔය කැහැටුස්සාට ..අනේ නිකන් පලයන් බං යන්න . මේ තියෙන්නේ වළගෙම්බා ගැම්ම.... ආහ්.... නෑ... නෑ.. මේක ඉතින් කෙලින් ම වලිහබ්බා ගැම්ම . හිකිස්...
හබියාගේ ගැම්මට මගේ මේ හිච්චි ගැම්ම නම් සම කරන්න අමාරුයි . ඒත් ... පොඩ්ඩක් හරි හබ්බාගේ ගැම්ම ලගින් යනවනේ සාන්තයියේ . ලගින්වත් ගියේ නැත්තන් හබ්බාගේ ගැම්මටත් අගෞරවයක් නේ බං . ඒ නිසා ගැම්මෙන් ඉන්න ඕනේ . හුම්...
මම එහෙම කියාගෙන රෙහාන්වත් පාස් කරන් යන්න හැදුවත් ඌ මගේ අතකින් ඇදලා අරන් බිත්තියකට තද කරපු පාර මම රවාගෙන ම ඌ දිහා බැලුවා ..
ආර්හ්හ්.... මම ආසා නෑ යකෝ මූ මෙහෙම මට ලන් වෙනවාට . ඒක ඇත්තටම හෙන අප්පිරියාසන්න හැගීමක් . සොම්බියෙක් මූණ ලගට ආවාත් මේ තරම් අප්පියාවක් දැනෙන්නේ නැති වෙයි සාන්තයියේ .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
