"අඩෝ! අඩෝ! homework මොනාහරි දුන්නද බං?"
"මතක නෑ බං. ඕයි, ලොයියා"
"සුරංගනී... සුරංගනී..."
"ළමායි... අහගන්න"
"මේක විශාල කරදරයක් වුණානේ"
"ඔන්න බණ කියනවා"
"සුරංගනීට මාළු ගෙනාවා..."
"අපේ installation එකේ සින්දු කියන්න එන්න කැමති කවුද?"
"අනේ පලයන් බං යන්න"
"අභි තාම නෑනේ බං"
" හා.. හා... නවත්තගන්නවලා නවත්තගන්නවලා... මුන්ගේ සද්ද එහා කෙළවරට ඇහෙනවා."
මීට සුළු මොහොතකට කලින් පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළ වගේ තිබ්බ class එක දැන් මීයට පිම්බා වගේ. Tech section එකේ කොනේම class එක. 12 T2 කියලා කහපාට board එකක ගහලා තිබ්බාා ළමයි 40ට කිට්ටුවෙන්න ඉන්න මේ class එකෙ තමයි අභියි ශානුයි ඉන්නේ. මේ දැන් ටිකකට කලින් කෑ ගහපු ළමයිගේ කටවල් නිශ්ශබ්ද කරවන්න පුළුවන් වෙච්ච මිස්, හර්ෂා මිස්. 12 T2 එකේ class teacher. වයසින් තාම තරුණයි. ඒත් මේ නාහෙට අහන්නැති කොල්ලෝ ටික නම් හර්ෂා මිස්ට අවනතයි. මොනා වුනත් මේ දඟ කොල්ලෝ ටිකට නම් මිස් හරි ආදරෙයි. මිස් උගන්වන්නේ නම් English.
"Good mo~rni~ng mi~~ssss~"
" Morning morning. ඉඳගන්න."
කාගේ කාගේ වුණත් ඇස් වැටිලා තිබ්බේ මිස් ආපු වෙලාවේ ඉඳo මිස්ගේ පැත්තෙන් වගේ හිටපු මූණට. මේ වෙද්දි class එකේ අඩුවක් නම් තිබුණා. ශාන් උනත් දැක්ක ගමන්ම පුදුම වුනා ඒ මූණට, හරියට මොනාහරි මතක් වෙලා වගේ. දැං ළමයිට නම් තේරෙන්න ගන්නවා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා.
"ළමායි... මේ ඉන්නේ අද ඉඳන් ඕගොල්ලෝගෙ class එකේ ඉන්න අලුත් යාළුවා. පුතා ඔයත් අද ඉඳo මගේ දරුවෙක් ඒ කියන්නේ. හරි එහෙනම් පුතා ඔයාගේ යාළුවන්ට ඔයාගේ නම කියන්නකෝ."
බයක් නම් නෙමේ. අවුරුදු 18 ටත් කිට්ටු කොල්ලෙක්ට. කොහෙත්ම බයක් නම් වෙන්න බෑ. ඒත් හිතේ තිබ්බ පොඩි වික්ෂිප්ත බවත් එක්ක පණිවිඩය කනේ ඉඳන් මොළේට යන්න ටිකක් වෙලා ගියාද කොහෙද. Miss මිස් කියල තප්පර 5ක් විතර miss දිහා බලන් ඉඳලා ඉස්සරහට හැරුනේ miss කරන්න කියපු දේ කරන්න. හැරිච්ච ගමන් තිබ්බ මූණු වල එක එක විදියේ බැල්මවල් තමන් වෙතට වැටිලා කියලා තේරුණාම ඇඟේ හිටිපොලා යන පොඩි චකිතෙකුත් එක්ක කට ඇරියා.
" ම- මම විහස්... විහස්"
තමන්ගේ ඉස්සරහ ඉන්න ප්රේක්ෂකාගාරයෙනුත් තමන්ගේ නම ආයෙ ආයේ ඇහෙද්දි දැනුන චකිතය දැනගෙනම විතරක් නෙමෙ. කොල්ලෝ ඉන්නේ ඉස්කෝලෙකට අලුතෙන් ඇවිත් ඉගෙනගනිද්දි තමන්ට මොන වගේ සලකයිද, තමන් කොහොම පිළිගනිද, යාළුවෙක්වත් ඉඳීද වගේ දේවලුත් ඔලුවේ දුවද්දි ඒ ඔක්කොම වලට එකපාර ගිනි ගොඩක් ගහලා පුච්චල දැම්මා වගේ අමතක වෙලා යන්න ගියේ තප්පර ගානයි. හැමෝටම වගේ බැලුනේ class එකේ දොර දිහා.
"Excuse me~~ miss~"
"මේ මොකද අභිමන්?"
" ආ... මේ miss පොඩ්ඩක් පරක්කු වුනා. දන්නැද්ද ඉතිං"
දොර ගාව ඉඳන්ම කතා කර කර ඉද්දී ඉස්සෙල්ලාම බැලුවේ පිටිපස්ස පේලියේ ඉඳන් ඉන්න තමන්ගේ යාළුවා. ඊට පස්සේ ඇස් දෙක ගියේ අර class එක ඉස්සරහ හිටන් ඉන්න පොඩි හුරුපුරුදු කමක් තිබ්බ මූණ දිහා. ඔව් මීට කලින් දැකල තියෙනව. ඒ ඇස් හරිම හුරුයි.
ඊයේ ගෙදර ගියපු වෙලේ ඉඳන් හිටපු පළවෙනි ප්රශ්නෙට උත්තරේ හරියටම හරි උත්තරේ. 12 වසරේ Tech එකේ හරියටම කිව්වොත් තමන්ගේ Class එකේ. අභිමන්ගේ හිතට ආවේ ඒක.
"එන්න එන්න ඉතිං.. ඔතන ඉන්නද හදන්නේ"
"නෑ.. නෑ.. එනවා miss"
"ආහ්හ්... මේ අභිමන්.. ඔයාලගේ පේලියේ ඉන්නේ ඔයයි ශානුයි විතරයි නේද?"
"ඔව් miss"
"ආ එහෙනම් අභිමන් මේ ඕගොල්ලොන්ගෙ අලුත් යාළුවාවත් ඕගොල්ලන්ගේ පේලියෙන් ඉන්ඳගන්න."
" ම්... ආ.. හහ්- හා miss"
"හරි පුතා එහෙනම් එතනින් ඉඳගන්න."
"හරි miss"
"එහෙනම් ළමයි දැන් තියෙන්නේ sft නේ. Sir එයි එතකං කටවල් වහන් ඉන්න. ආයෙ මාළුකඩ ඇරගන්න එපා."
"හරේ~~ mi~~ ss~"
දැන් තමයි චකිතය කියන එක හද පතුලේ ළිඳ පතුලටම ගිහින් තැන්පත් වෙන වෙලාව. දන්නෙම නැති ඉස්කෝලෙක දන්නෙම නැති මුහුණු ටිකක් ඉස්සරහ යනියෙන් හිටන් ඉන්නේ කියලා තේරුන ගමන් ඉඩ තියෙන තැනකින් ඉඳගන්න ඉස්සරහට අඩිය තිබ්බත් එක්කම පිටිපස්සට වෙන්න ආපු කටහඬට විහස්ගේ ඔළුවට හැරුනේ කටහඬ ආපු දිහාවට.
"විහස්.. මචං.. මෙහෙ වරෙං"
YOU ARE READING
ඉස්සර දවසක්
Randomවිසල් අහසක් යට දුටු ඒ කෝපි පාට ඇස්... මං දන්නෙ නෑ ශාන් ඒ මොකක්ද කියලා...ඒත් ඒ ඇස්...එ ඇස් වලට පුලුවන් මාව පුදුම විදියට සන්සුන් කරන්න...