නමක් ගමක් දන්නෙ නැති වුනත් ඒ මූණෙ තිබ්බ මිතුරු පෙනුමට ඒ ඇරයුම කිසිසේත්ම අහක දාන්න බැරි නිසා විහස්ගේ අඩිය පන්තියේ දකුණු පැත්තේ අන්තිම පෝලිමට යන්න හැරුනා. ඒ පේලියේ බිත්තියේ කොනේම තිබ්බ හිස් පුටුව දැක්කම විහස්ට නිවන් ගියා වගේ ම පෙළියේ අනිත් කොනේ හිටපු තමන්ට කතා කරපු සගයාගේ එහා පැත්තේ ඒ කියන්නෙ පේලියේ මැද හිටපු කෙනාගේ ඇස් තමන් දිහාවට වැටිලා තියෙනවා කියලා තේරුන නිසා ඒ ඇස් දිහාවට බැල්ම යොමු කළේ හරියටම ඒ මූණ දිහා බලාගන්න. තාමත් ඒ විස්තර කරන්න අමාරු හිනාවක් කියන්නවත් රැවීමක් කියන්නවත් බැරි අමුතු ඍජු බැල්ම තමන් වෙතටමයි.
" හායි මචං මං ෂාන් මෙ ඉන්නෙ අභිමන්... උබට මෙතන ඉන්න පුළුවන්...''
" ආ තෑන්ක්ස්..."
" තැන්ක්ස් මොකටද බං... දැන් මේක උඹෙත් ක්ලාස් එකනේ"
" ඒ මචංලා සර් එනවා.."
" උඹ ඉක්මනට ඉඳගනින්කෝ මු ආපුවමං කියෝගෙන කියෝගෙන යනවා. උඹට තේරෙන එකකුත් නෑ ."
"ආ... හරි හරි"
" මචං අභී... මේ උඹ පිටසක්වලයෙක් වගේ ඉන්න එපා ඉතින් මේ කොල්ලත් එක්ක කතා කරන්න ඕනේ හොඳේ..."
ඇත්තටම ඔක්කොටම වඩා ඉස්සෙල්ලම විහස්ට දැනෙන්නේ ලොකු සතුටක්. තමන්ට කියලා හොඳම යාළුවෙක් වුණත් නැති උනත් මේ ලැබිච්ච සැලකිලි ටික විහස්ට මහමෙරක් තරම්. තමන්ටයි කියලා කිව්ව ඩෙස්ක් එක ගාව පුටුවෙන් ඉඳගෙන බෑග් එකක් උකුල උඩට ගත්තේ තාම සර් ගන්න ලෑස්ති නැති නිසා."
" ඕක පිටිපස්සෙන් එල්ල ගන්න"
සීයක් ජාති හිතේ දුවද්දි එකපාරට කන ලගින්ම ආපු කටහඬට විහස්ගේ මොළේ තත්පර ගානකට එක තැන නතර කළා කිව්වොත් හරි..
"ආ?"
"බෑග් තියෙන්නේ ඔඩොක්කුවේ තියාගන්න නෙවෙයි"
අහෙන දේවල් කන හරහා මොළේට ගිහිල්ලා මොළේ හරහා එවන ප්රතිචාරය වචන විදිහට එලියට එන්න කලින්ම කරන්න ඕන දේ ඒ ආගන්තුකයා විසින්ම කළා කියල තේරෙද්දී විහස්ගේ ඇස් තිබ්බේ කෙලින්ම එයාගේ එහා පැත්තෙ පුටුවේ පුද්ගලයාගේ මූනෙ. දැන් බෑග් එක නම් ඔඩොක්කුව උඩ නෑ .

YOU ARE READING
ඉස්සර දවසක්
Randomවිසල් අහසක් යට දුටු ඒ කෝපි පාට ඇස්... මං දන්නෙ නෑ ශාන් ඒ මොකක්ද කියලා...ඒත් ඒ ඇස්...එ ඇස් වලට පුලුවන් මාව පුදුම විදියට සන්සුන් කරන්න...