උදේ නැගිටිද්දි මට දැනුනේ නිකන් මාව ගැටගහලා දාලා වගේ . මගේ අත් දෙක තියා කකුල් දෙකවත් හොල්ලන්න බෑ වගේ මට දැනුනේ . මම ඉක්මනට නැගිටින්න ට්රයි කරත් මට දැනුනේ මාව තවත් හිර වෙනවා වගේ . මට එකපාරට ම නැගිට්ටුනා ම තමා දැක්කේ ලෙවින් අයියා මාවත් බදාගෙන නිදි කියලා . යකෝ මේ මිනිහා නිසා තව ටිකෙන් මම නිදි පැදුරෙ ම මැරෙනවා . මූ නිකන් බූවල්ලා වගේ මාව බදාගෙන නිදි.
" ලෙ...ලෙවින් අයියේ . ලෙවින් අයියේ . නැගිටිනවකෝ අප්පා . අයියේඒඒඒඒ.."
"අනේඒඒ..තව විනාඩි පහක් නිදා ගන්න දෙන්නකෝ..."
ලෙවින් අයියා එහෙම කියන ගමන් මාව තව ටිකක් තදට තුරුල් කරගත්තම මට මේකා පව් කියලා හිතුනා . අනේ ලෙවින් අයියා නිදාගෙන ඉද්දි නිකන් පොඩි එකෙක් වගේ කියුට් අප්පා .එහෙම තියෙද්දි ඇහැරවන්න මොකද්දෝ වගේ . මේ මනුස්සයා ඔෆිස් එකේ ලොකුකමට හිටියට ගෙදරදි නිකන් හා පැටියා වගේ නේ .
" ම්ම්හ් ..හ්ම්ම්ම් "
අශ්වින් අයියා නැගිටින්න වගේ ගියපු නිසා මම නිදි වගේ බොරුවට හිටියා .මට ලාවට දැනුනා අශ්වින් අයියා නැගිට්ටා කියලා .එයා හිමීට මගේ ඔලුව අත ගෑවා .අම්මේ සනීපයි හැබැයි ආහ් . ඒත් එකපාරට ම මගේ නලලේ තෙත තොල් දෙකක් වැදුන ම මම ගැස්සිලා නැගිට්ටුනා .
" මො ..මොකද්ද ඔයා ඒ ක..කරේ "
" අ..අනේ එවෝන් ම..මට සමාවෙන්න . මම හිතලා නෙවේ කරේ . "
මම ඒකට ටිකක් ශොක් වුනා තමා . ඒ වුනාට ලෙවින් අයියා ශොක් වෙච්ච ෂොක් විල්ල දැක්කම මට හිනත් යන්න ගියා . ඒ වුනාට මම හිනා වෙයිද සාන්ත . නෑ නෑ ...මම හිනා වුනේ නෑ හි යටින් හිනා වෙවී රැව්වා .
" ඒක හරි කතාවක් නේ . හිතලා නෙවේ නම් කොහොමද දන්නෑ නේ කරේ .හීනෙන් ගෑනිව දැකල ද මාව ඉබින්නේ ආහ්."
" අනේ එවෝන් ඇත්තට ම මට සමාවෙන්න. මම හිතලා නෙවේ කරේ . ආ..ආයේ කවදාවත් මේ වගේ දෙයක් වෙන්නේ නෑ . මම පොරොන්දු වෙනවා ප්ලීස් මට සමාව දෙන්න පුලුවන් නේ ද . අනේ ප්ලීස්ස්ස්ස් "
ලෙවින් අයියා නිකන් පොඩි එකා වගේ මගේ අතේ එල්ලිලා සොරි කියද්දි මට හිතා ගන්න බැරි වුනා මේ අපේ බොසා ද කියලා .මම මෙහෙම ඉදලා නම් හරියන්නේ නෑ .පොඩ්ඩක් ගණන් උස්සලා කතා කරන්න ඕනේ කියන කුරිරු අදහසක් මට ආවා ඉතිම් .
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...