11 පිටුව

9 2 7
                                    


"මේ ගායිස් ගායිස් ගායීස්ස්ස්..අහන්නකෝ.."

මං වතුර බොන්න ගිය ටිකට අයෝන් ප්ලාස්ටික් බෝතලයක් මයික් එක වගේ අරන් මේසයක් උඩ නැගගෙන ඉන්නවා..
මේසෙ කකුලක් හරි කැඩුනොත් අම්මප මුගෙ කකුල් දෙක ගලෝල සෙට් කරනවා...

"අහන්න ඔයා කියන්නකෝ.."

"මොකද කියන්නෙ යමුද රවුමක් දාන්න රෑට.. මගේ නං මේ ෆර්ස්ට් ටයිම් ගාල්ලෙ ඇවිල්ල මෙහේ නැවතිලා ඉන්න- හරි හරි කලින් ආවා තමයි ඒක වෙනම කතාවක් හැබැයි මෙහෙ ඉන්නෙ ඇබ්සෝලියූට්ලී ද ෆර්ස්ට් ටයිම්.. ස්වෝ කියන්ඩ යමුතහ් .."

"හා.."
"නියමායී..නියමායී.."
"හොද තීරණයක්... යන දේවාලෙක යමන් මට මෙහෙ තිත්ත වෙලා.."
"දැන් කොහෙද යන්න්-"
"කොහේද ඔයාලා යන්න හදන්නේ.."

"කොහෙ ගියත් එයාට එන්න බෑ දෙනූර්ව.."

මෙවින් එහෙම කියන ගමන් මේසෙ උඩ තිබ්බ වොච් එකයි වොලට් එකයි අරන් නැගිටලා ගියා...
කෙල්ල ආයෙම ඇස් වල කඳුලුත් පුරවන් මූනත් කලු කරන් කාමරේට ගියා..
මම දැක්කා හාවි අරූට තෝව උයනවා මන් ලුක් එකකින් රවලා නංගිගෙ කාමරේ පැත්තට යනවා..

සීතල යුද්ධයක්..
නෙතූ එක අතකින් වැරදි ඇති..මොනවා උනත් ඒ අපේ පවුලෙ කෙල්ල..
ඒක වෙනස් වෙන්නෑ නේ..
අයියට ට තේරුම් ගන්න ටික කාලයක් දෙන්න වෙනවා..

එයාට තේරුම් ගන්න වෙන එකම දේ..
අපි ආදරේ කෙනෙක් අතින් වරදක් උනොත් තෝරගන්නෙ ඒ වරද ද ? නැත්තන් ඒ කෙනාද ? කියන එක...

සමහර වැරදි තියෙනවා සමාව දෙන්න අමාරු...ගොඩාක් වෙලාවට අපි හැසිරෙන්නෙ වැරැද්ද අල්ලගෙනනෙ..ඒවා ගොඩාක් බරපතල නොවෙන්නත් පුලුවන් ඒත් සමහර වෙලාවල් එනවා වෙලාවකට අපි ආදරේ අය වැරැද්දක් කරාම ඒක මොන තරම් ලොකු බරපතල දෙයක් උනත් අපිට සිද්ධ වෙනවා අපේ එකාව තෝර ගන්න..

මේ එහෙම අවස්තාවක්..ඌට තව කල් ඕන..
මට උනත් ඔහොම දෙයක් උනොත් හිත හදාගන්න ගොඩක් කල් යාවි... සමහර විට නැති වෙන්නත් පුලුවන්.. ඒත් මට ඒකට හැඩගැහෙන්නම වෙනවා.. හොඳින් හෝ නරකින්..

"ස්ස්..ස්ස්..මේ...ඒයි දෙනූ... දෙනූ.. ඕයි දෙනූර්වහ්.."

මේව එක්කම වතුර බොන්න කුස්සිය පැත්තට යද්දි නිකං සූස් සූස් ගාන සද්දයක් ඇහෙනවා වගේනෙ..ආ.. හමෝහ් මේ ඉන්නෙ මේකිනෙ..

මනෝ | Ongoing Where stories live. Discover now