15 පිටුව

3 1 0
                                    

"අයියෙ.. මේ අම්මා කතා කරා.."

"ම්ම් මොකෝ කියන්නෙ.. හදිසියක් ද.."

"විශේෂයක් නෑ කියන්නත් බෑ.. මම දන්නෑ.. මේ දවස් වල එයාලා අමුතුයි... එයාලගෙ කටහඬ අමුතුයි... මට වෙනසක් තේරෙනවා.."

"මට කියලත් වෙනසක් නෑ බං.. හැමවෙලේම වචනෙන් වචනෙට පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් එච්චරයි.. "

"මට මේ සේරම දමල ගහලා යන්න හිතෙනවා ඕයි කොලඹ.. අපි දැන් ගෙදරින් ඇවිල්ලා මාසෙකට වැඩියි.. ආසාවකට අම්මවයි අප්පච්චිවයි දැක්කෙ නෑ.. හාවිත් එහෙමයි.. සයාන් රන්සත්නුත් එහෙමයි.. මෙච්චරයි කතාව මොකක් හරි මෙයාලා අපිට හංගනවා.. "

"කතා කරලා බලමු.. මෙවින් අයියත් මෙහෙම ඉදලා බෑනෙ.. එයාගෙ වැඩත් සේරම ස්ටක්.. අපේ වැඩත් ස්ටක්.. රිසාල්ට් එනකම්ම මෙහෙම ඉන්න බෑනෙ..මගේ කෝස් එකේ වැඩ සේරම හදල තියෙන්නෙ පටන් ගන්න තියෙන්නෙ.."

ලාවට නින්දෙන් ඇහැරෙගෙන එද්දි එවෝන් ගෙයි අයෝන්ගෙයි කතාව කන වැටුනෙ.. ඇත්ත.. අපි කවුරුත් මාසෙකින් දෙකකින් ගෙදර මිනිස්සුන්ව දැකලා නෑ... සේරමත් හරි මොකද්ද මේ හංඟන් කරන සෙල්ලම...

"ඒ දෙනූර්ව නැගිටපන් යකෝ වෙලාව දහයටත් කිට්ටුයි.."

අනේ අපිට මොකෝ දහයට නෙවේ එකොලහට කිට්ටු උන- මලකෙලියයි...

"මොන මොකා.. මම...මම එලාර්ම් තිබ්බනෙ බං.. ඒ වැදුන්නෑනෙ..."

එහෙම්ම ඇද උඩ ඉදගත්තම සයානයා එනවා කෝප්පෙකුත් උස්සන්..

"මට ඔයා තේ ගෙනාවද මොහොම්මද්.. අනේ ආදරෙයි වස්තු-"

"කහන්නෑ උබට තේ අදින්න.. අන්න කුස්සියෙ අරන් බීපන්.. මම වතුර එකක් ගෙනාවෙ නැගිට්ටවන්න ගහන්න.."

"ඉදකින් මූසලයා.."

අද දහයට ඔක්කොමල්ලම පන්සල් යනවා..
ඔක්කොම ඉන්නෙ මනතැවුල් වල ගිලිලා..
සේරමත් හරි පෙරේදා උදේම පොඩි කොල්ල සාදියයි පොඩි කෙල්ල නිශේද්‍රායි අනික් කොල්ලවයි කෙල්ලවයි එක්කන් ගියා...
උන් හතර දෙනාවම නිව්සීලන්ඩ් යවලා කියලා කිව්වෙ..
සමහර වෙලේට එක එක්කෙනා කල්පනා කර කරා ඉන්නවා.. කතා නොකර ඉන්නවා..
මේ ප්‍රශ්න ගැන හිතලම තමයි අපි පිස්සො වෙන්නෙ...
පහුගිය සතියක මං අහගෙන මෙවින්ට අපෙ අප්පච්චි කියනවා කවුදෝ ඇවිල්ලලු.. ඌ යනකම් කොලඹ මායිමේ එන්න එපාලු.. ආවොත් මමම තොපි මරනවා කියලා කිව්වෙ..
ඒක විහිලු ස්වරයක් නම් නෙවෙයි..

මනෝ | Ongoing Where stories live. Discover now