6 පිටුව

13 2 4
                                    

චෛත්‍යා !!
හෙට වෙද්දි පියාඹලා හරි කමක් නෑ තමුන්ලා ගෙදර ඉන්න ඕන.. අන්නේකයි අපේ අප්පච්චිගෙ තියරිය.. හහ්..
ඇයි ? ඇයි අපි එයාලා කියන දේ අහන්න ඕන ?
මම අක්කා මෙවින් නෙතූ මේ කවුරු උනත් එයාලා කතා කල ගමන් යන්න කන්න බොන්න නිදාගන්න ඇහෑරෙන්න සේරම කරන්න අපි පුරිදි වෙලා ඉදියා.. ඒත් ඇයි.. අපි ඈත අතීතෙ මොකද්දෝ ඉලව් රජ පරම්පරාවකට නෑදෑකං කීව අපේ පවුල ඇතුලෙ හරියට රජතුමාගෙ දාසයො වගේ අපි හැදුනෙ..

කෙල්ලෙක්ට තාත්තලු එයාගෙ ලෝකෙ රජතුමා කෙල්ල තාත්තගෙ කුමාරිකාවලු...කොල්ලෙක්ට එයාගෙ ලෝකෙ වීරයා තාත්තා ලු.. අනේ බම්බුව තමා...
අනිත් අය ගැන නං මම දන්නෙ නෑ.. අපිට නං එහෙම දෙයක් වෙලා නෑ මේ අවුරුදු 20 ටම මම එහෙම එකක් දැකලත් නෑ...
මේ ලෝකෙ දෙමව්පියො උරුම නැති ලමයි ඕන තරම්... මට දැන් හිතෙන්නෙ එක දෙයයි...Every child deserves parents but parent deserve child...
හැමෝටම හැමදේම උරුම නෑ..
ඇරත් ආදරේ වගේ දෙයක් බලෙන් උරුම කර ගන්න බෑ..

අක්කා මම මෙවින් ඇත්තටම ඒ කාලෙ ඉදන්ම අපි තුන්දෙනාම හැදුනෙ නිකන් එලෙසබෙත්ගෙ ලමයි හැදෙනවා වගේ.. නෙතූ පොඩි නිසා ගොඩක් නීති වලට අහු උනේ නැතත් එයාට වෙනම නීති වර්ග ත් තිබුනා..
චාල්ස් කුමාරයටවත් මෙච්චර නීති නැතුව ඇති...

"චෛත්‍යා..තමුන්ගෙයි මල්ලිගෙයි බෑග්ස් අරන් හෙට උදේම නැගපං කැබ් එකකට..මම දෙපාරක් කියන්නෙ නෑ.."

ඔච්චරයි.. අද දවල් ගෙදරට ආවාලු කිව්වාලු ආයෙම බැහැල ගියාලු..
තමංගෙ දුව ඇයි මෙහෙම ඉන්නෙ මම ඇයි මෙහෙම ඉන්නෙ කියන්න එයාලට වගේ වගක් නෑ..

"මල්ලී.."

"ම්ම්ම්"

"ඔලුවට අමාරුයි වගේ...පන්සල් යමු ද "

"හා..කොහෙද යන්න ඕනේ.."

"ම්ම් ඔයා කැමති එකකට යමු මල්ලි වදින්න නෙවෙයි මට ටිකක් වෙලා නිදහසේ ඉන්නයි ඕනෙ.."

"බෙල්ලන්විල යමු ද "

"දැන් නෙවෙයි.. රෑට යන්නෝනේ.."

මම හිටියෙ රෙදි නව නව..
අක්ක කියූ දේ එක්ක අනිච්චානුගව මම ඒ පැත්තට හැරවුනා..

"පිස්සුද අක්කේ..මහ රෑ පන්සල් යන්න පුලුවන්ද ආ... පිනි බාලා තව්සෙට වීස් එක වැඩිඋනාම අන්තිම- "

මනෝ | Ongoing Where stories live. Discover now