එදා මම ආසම සුවඳක් වෙච්චි ගෝස් සර්ජිකල් සුවඳවල් මට එපා වෙද්දි එව්ලෙ මගෙ ලගින් ආව පර්ෆියුම් සුවඳට මම ආස කරා...
අමුතුයි.. හිත නිවෙන උණුසුම් සුවඳක අයිතිකාරයෙක් මගේ ලග උන්නා..ටක් ටක්*
"නිර්දේශ්.."
"මම ඇතුලට- "
දොර ඇරුනා.. අපි ගෙදරට එනකොට තිබුණ කාමරේ නෙවෙයි කොහොමත් දැන් තියෙන්නෙ.. මෙ කාලෙට අපි අපිට ඕන හැම මගුලම ගෙනැල්ලා දාගෙන මෙහෙම පදිංචි වෙලානෙ ඉන්නෙ ඉතින්.. කට්ටියගෙ කාමර එකේක පාටයි.. මගේ නෑනෙ ඔය අමුතු අමුතු ඒවා.. එක්කො සුදු එක්කො කලු නැත්තන් අලු.. කොහොමත් මම පොඩි කාලෙ ඉඳලාඅස නැචුරල් සුවඳවල් වලට.. ඒක නිසා මගේ කාමරේම සුදු හඳුන් සුවදයි..
ඇඳුම් නං අහුවෙන්නෙ මොකෙන්ද හොදයිනං අදිනවා.. මම අවුරුදු දෙකක් කොලඹ ඉදියෙ කාත් කවුරුත් එක්ක නෙවේ නෙ..
සේරමත් හරි මේ කාමරේ ඇතුලෙන් එන්නෙ අමුතු ම වයිබ් එක්ක ටිකකට ආව වැඩෙත් මට අමතක උනා.."මල්ලි කාමරේ ලස්සනට තියාගෙන ඉන්නවනෙ.. මෙච්චර ගොඩක් මගේ කාමරේ වගේ තිබ්බොත් නම් මෙලහට ඒව අස් කල්ලා අස් කල්ලාම මම පිස්සෙක් වෙලා..හෙහ්හෙ.."
හැරිලා වෙනදා නැති ලස්සන පොඩි හිනාවක් දුන්න එයා ආයෙම අනික් පැත්ත හැරිලා ඇඳ කෙලවරේ තියෙන බෙඩ්ශීට් එකක් නවන්න ගත්තා.. මට මෙයාව තේරුම් ගන්න හරි අමාරුයි..
ඒ ඇස් දිහා ඉස්සර බැලුවම බය හිතුනට දැන් බැලුවම නං හිතෙන්නෙම මට මොනාහරි කියනවා වගේ.. නිර්දේශ් ගෙයි සංදේශ් අයියා ගෙයි අම්මා යූඑස්ඒ වල එක්කෙනෙක් ලු.. එදා රෑ බාබක්‍යු කන අස්සෙ සංදේශ් අයියා ෆොටෝ එක පෙන්නුවම තමා මටත් තේරුනේ.. ඒකයි දෙන්නගෙම අමුතු සුදක් තියෙන්නෙ..
සංදේශ් අයියා තාත්තාඅ වගේ.. නිර්දේශ් ට තියෙන්නෙ අම්මගෙ ඇස්.. මහ මුහුද වගේ ගැඹුරු සමනල් ඇස්.."මල්ලි.. මට දෙයක් අහන්න ඕනෙ.. i'm serious right now..ඇත්තටම එදා අර මොකද්ද මෙව්වා එක බිඳුනෙ සාදිය මල්ලි අතින්.. ඇත්තමයි මායි එවෝනුයි එතන වෙන දෙයක් හොය හොයා උන්නෙ.. please මල්ලි මට තව ඒ වගේ එකක් හදලා දෙන්න බැරිද cost එක කීයක් උනත් කමක් නෑ.."
"..."
"අනේ ඇයි අනේ.. හදල දෙනවකො මල්ලි.. ඔයා කියන ඕනම දෙයක් කරන්නම්.. ඔහොම බලන්න එපා ඕන දෙයක් කරනවා..දන්නවනෙ දෙනූර්ව අයියා.."
"මක්හ්- මෙ මේක.."

YOU ARE READING
මනෝ | Ongoing
Romantikඔයා දන්නවද ? ආදරේ කරද්දි ඒ කෙනා අරක්කු වගේ නිර්දේශ්... අරක්කු අපිට අමුවෙන් බොන්න බෑ අප්පිරියයි සැරයි පිච්චිලා යනවා.. ඒ උනාට අපිට පුලුවන් ඒකට සෝඩා වතුර අයිස් දාලා රස කරන්න.. ඒකම අපිට ආදරේදිත් කරන්න පුලුවන් නෙ.. කෙලිම්ම ආදරේ කරනවා කියන්නැතුව අපිට පුල...